ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රසිකයින් පිරිසක් විසින් ලෝක වාර්තාවක් තබයි

by Srimal

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රසිකයින් පිරිසක් විසින් ලෝක වාර්තාවක් තබයි

Share

🏆| Shah Rukh Khan’s fans make a Guinness World Record.

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රසිකයින් පිරිසක් විසින් පසු ගිය සෙනසුරාදා (ජූනි 10) ගිනස් ලෝක වාර්තාවක් ලියාපදිංචි කළේය.

පසු ගිය සෙනසුරාදා ෂාරුක් ඛාන්ගේ රසිකයින් 300 ක් මුම්බායි හි ඔහුගේ ‘මන්නත්’ නිවසට පිටතින් රැස් වූ අතර, ෂාරුක් ඛාන්ගේ ජනප්‍රිය ඉරියව්ව එකවරම ඉදිරිපත් කළ වැඩිම පුද්ගලයින් සඳහා ලෝක වාර්තාවක් නිර්මාණය කිරීමට දෑත් දිගු කළහ.
මන්නත් බැල්කනියේ සිට ෂාරුක් ඛාන් විසින්ද මේ සඳහා ඔහුගේ රසිකයන් සමඟ එක් විය.

මෙම ලෝක වාර්තාව සඳහා පුද්ගලයන් 300ක් සම්බන්ධ විය
ගිනස් ලෝක වාර්තා සහතිකයේ මෙය සඳහන් වී ඇත්තේ මෙසේය:
“The most people performing The Shah Rukh Khan pose simultaneously was achieved by Star Gold (India), in Mumbai, Maharashtra, India on 10 June 2023.”