🌏| Scientists discover 8th ‘Continent’ that had been missing for 375 years
භූවිද්‍යාඥයින් පිරිසක් විසින් වසර 375ක් පමණ සැඟව තිබුණු 8 වෙනි මහද්වීපයක් සොයාගනී.
භූවිද්‍යාඥයින් 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක්ව මෙම පරීක්ෂණය මුල්ම වරට 2017 වසරේදී කර ඇති අතර පැසිෆික් මුහුදේ නැගෙනහිර ඔස්ට්‍ර්ලියා ප්‍රදේශයේ නවසීලන්තය ඇතුළත්වූ වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමි ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බව ඔවුහු පෙන්වා දුන් අතර නව මහාද්විපය ඔවුන් සීලැන්ඩියා ලෙස නම් කර තිබෙනවා. පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතා කරමින්ය.
මහද්වීප නිර්ණය කරන භූ ගෝලීය සාධක වලට පදනම්ව මෙය පෘථිවියේ නැතුවුණු මහද්වීපයක් ලෙස හැදින්විය හැකි බවට ඔවුන් පෙන්වා දෙන අතර අද වන විට මෙම Zealandia මහද්වීපය වසර බිලියනයක් පමණ පැරණි බවයි ඔවුන් පවසන්නේ. දැනට මහද්වීපයේ 94% ක් මුහුදු ජලයෙන් යටවී පවතින අතර මුළු මහද්වීපයෙන්ම ගොඩබිම ප්රදේශයක් ලෙස ඉතිරිව ඇත්තේ වර්තමාන නවසීලන්තය පිහිටි භුමිය පමණි.
1642 දී අබෙල් තස්මාන් නම් ඕලන්ද නාවිකයා තම කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමග දකුණු අර්ධගෝලයේ විශාල මහාද්වීපයක පැවැත්ම ගැන විශ්වාසයෙන් ඒ ගැන සෙවීමේ මෙහෙයුමක නිරත වී සිටි අතර එය මගදි නවත්වා දමා තිබෙනවා.
විද්‍යාඥයින් පිරිස මෙම තොරතුරු ඇතුළත් කර පර්යේෂණ පත්‍රිකාවක්ද නිකුත් කර තිබෙන අතර පළමු වරට ඊයෙ දිනයේදී එහි සිතියමක් phys.org හරහා එහි එළි දක්වා තිබෙනවා.