කුළුදුල් බ්‍රෝඩ්වේ රංගනය..!

by Swarnareka Sewwandi

කුළුදුල් බ්‍රෝඩ්වේ රංගනය..!

Share

සුප්‍රකට හොලිවුඩ් නිළි "ස්කර්ලට් ජොහැන්සන්" අද වැනි දිනෙක ඇගේ කුළුදුල් බ්‍රෝඩ්වේ වේදීකා රංගනය මෙසේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ Arthur Miller රචිත "A View of From the Bridge" වේදිකා නාට්‍ය හරහායි. මේ උදෙසා 2010වසරේදී, හොදම නිළිය ලෙස ටෝනි සම්මානය දිනා ගැනීමටත් ස්කාර්ලට් සමත් වූවා . (Tony Award for Best Performance by a Featured Actress in a Play) ළමාවියේ පටන් බ්‍රෝඩ්වේ වේදිකාවලින් බැහැර වේදිකා නාට්‍යවල මෙන්ම සිනමාපට වලත් ස්කාර්ලට් රංගනයේ යෙදී සැළකිය යුතු ජනප්‍රියත්වය ලබා සිටියා. කෙසේ නමුත් ටෝනි සම්මානය ස්කාර්ලට්ට ලැබීම සමඟ, එවකට විචාරකයින් සහ වෙනත් බ්‍රෝඩ්වේ නළුනිළියන් මීට අප්‍රසාදය පලකලේ හොලිවුඩ් ප්‍රධාන දාරාවේ නිළියකට මෙවන් සම්මානයක් ලබාදීම හෙලාදකිමින්. එම චෝදනා ප්‍රතික්ශේප කළ ස්කාර්ලට් පැවසුවේ "මෙම ජයග්‍රහණය සදහා ඇයද බෙහෙවින් මහන්සිවී වැඩකල තවත් එක් රංගන ශිල්පිණියක් පමණක් බවයි" මේ සම්මානනීයත්වය සමග එම වසරේ අයන් මෑන් 2 හි , බ්ලැක් විඩෝ චරිතයටත් ඇයට ආරාධනා ලැබුණා. ඒ හරහා ඇය ඉහළම අයකිරීම් ලබන හොලිවුඩ්හි ප්‍රමුඛතම සහ සාර්ථකම නිළියන් අතරටත් එකතුවූවා. ක්‍රිකට් ක්‍රීඩකයකු, ක්‍රිකට් ලොව මහා රන් දෙවොල ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ පළමුවරට ක්‍රීඩා කිරීම භාග්‍යක් ලෙස සළකන්නාක් මෙන්, රංගන ශිල්පියෙක් ශිල්පිණියක් (විශේෂයෙන් බටහිර ) බ්‍රෝඩ්වේ වේදිකාවක කුළුදුල් රංගනය ඉදිරිපත් කිරීම , වෘතීය ජීවිතේ ලද ඉහලම භාග්‍යක් සහ ජයග්‍රහණයක් ලෙස සලකනවා. බ්‍රෝඩ්වේ යනු, නිව්යෝක් නගරයේ මැන්හැටන් දිස්ත්‍රික්කයේ පිහිටි වෘතීය නෘත්‍යශාලා ජාලයයි. මේවා ආසන 500 ඉක්මවූ විශාල ප්‍රමාණයේ රංගශාල වෙනවා. මෙම වෘත්තීය නෘත්‍යශාලා වලින් ඕනෑම එකක ඉදිරිපත් කෙරෙන නාට්‍ය ,වේදිකා රංගනයක් බ්‍රෝඩ්වේ රංගනයක් ලෙස සැලකෙනවා. ඇමරිකාව තුල මෙන්ම ඉන් පිටතත් රංගන ශිල්පීන් වෙනත් නිර්මාණකරුවන්, තාක්ෂණ ශිල්පීන් මෙහි රංගනයේ යෙදීම ඉහලම භාග්‍යක් ලෙස සලකනවා සේම, මෙවන් නෘත්‍යශාලාවල දර්ශනවාරයක් පැවැත්වීමට සූදානම් කිරීම මූලිකව මිලියන ගණනක විශාල මුදලක් වැයවන යමක්, නමුත් ඉන් අවසානයේ පාඩුවක් සිදුවන්නේද නැහැ. දේශීය ජනතාව අතර මෙන්ම සංචාරකයන් අතරද අතිශය ජනප්‍රිය මෙම නෘත්‍යශාල වල ටිකට් පත් බිලියන 1.5 ඉක්මවා වසරකට අලෙවි වෙනවා. එසේම මෙහි නාට්‍ය නැරඹීමට වසරකට පැමිණෙන ප්‍රේක්ශක ප්‍රමාණය මිලියන ගණනක්. ශිෂ්‍යයන්ට මේ නෘත්‍යශාලාවල නාට්‍ය නැරඹීමට විශේෂ වට්ටම් හිමිවන අතර , අඩුමුදලට සිටගෙන නාට්‍ය නැරඹීමේ හැකියාවත් තිබෙනවා.