පෘථිවියෙන් පරිබාහිර අභ්‍යවකාශය, ග්‍රහලෝක ගවේෂණය කිරීමේ මූලික අරමුණ වෙන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ අනාගතයට මුහුණ දීම. සීතල යුධ සමයේ මේ දේවල් සිදුකිරීමේ අරමුණ වෙනස් වුණත් අද වෙනකොට මේවල අරමුණ එක තැනකට කැටි කරලා ගන්න පුළුවන්. මේ ඔක්කොගෙම අරමුණ වෙන්නේ පෘථිවිය,මිනිසා අනාගතයට මුහුණ දෙන ආකාරය.
සඳ තරණය කරන්නේ තමන්ගේ රටේ ශක්ති මට්ටම පෙන්නීමටම පමණක්ම නෙමේ. අනාගතයේ පෘථිවියට විය හැකි විපර්යාස වලින් මානව ශිෂ්ටාචාරය විනාශ නොවී අඛණ්ඩ ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක වෙනුවෙන්. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.එහෙම කරන්න ඇත්තටම අපි තාම ළදරු මට්ටමේ ඉන්නේ. මුලින්ම අපි තෝරාගන්නේ කිලෝ මීටර් ලක්ෂ 3 ක් දුරින් ඉන්න අපේ සොයුරිය - සඳ. සඳේ සියලු බාහිර,පාරිසරක සාධක ගැන අවබෝධයක් ගන්න පුළුවන් වුණොත් අපට ජනාවාස කිරීමක් කරන්න පුළුවන් ද කියලා අදහසක් ගන්න පුළුවන්. දැනට සඳේ අයිස් තියෙන ප්‍රදේශ තියෙනවා කියලා මීට පෙර හොයාගෙන තියෙනවා.
අපි ජනාවාසකරණය කොහෙත්ම ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ විදියට හෝ වෙනත් හොලිවුඩ් චිත්‍රපටියක් ලෙස බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.ආතර් සී ක්ලාක් කතා කරන්නේ තක්ෂනයෙන් උඩට ආපු යමක් ඇචීව් කරපු මානව ශිෂ්ටාචාරයක් ගොඩ නගපු ජනාවාස ගැන.
ජනාවාසකරණය ඇත්තමට අමාරු දෙයක්. ඒක ලේසි දෙයක් නෙමේ. අපි තාම බින්දුවේ ඉන්නේ. ජනාවාසකරණයට පෙර මුලින්ම වෙන්නේ ඒ පිළිබඳව දත්ත එකතු කරන්න පර්යේෂන කණ්ඩායම් යවන එක.අපි ලෝකයක් විදිහට ඒ ස්ටෙප් එකටවත් තාම ඇවිත් නෑ. හැබැයි එතනට යන්න බැරි කමක් නෑ.
මේකේ දේශපාලන පැත්ත කතා කරොත් කවදාවත් දුප්පත් මිනිහෙක්ට ඔය ජනාවාසයක සංචාරයක් වත් කරන්න වෙන්නේ නෑ. ඕක සාමාන්‍ය සිද්දිය. ඒක එහෙමයි කියලා ඉතින් කරන්න දේකුත් නෑ.ඕකේ දේශපාලනය ගැන කතා කරන්න තාම කල් වැඩි.තව අවුරුදු 100 කින් විතර කතා කරන්න පුළුවන් රසවත් මාතෘකාවක් වෙයි.
මේ ඔක්කොම ඔහොම වෙද්දී මට වෙලාවකට හිතෙනවා මනුස්සයෝ විදියට අපිට කවදාවත් ඔය කියන තරම් විදියේ ජනාවාසකරණයක් කරන්න බැරි වෙයි කියලා. ඊට කලින් මේ මානව ශිෂ්ටාචාරය පස්සට ඇදගෙන වැටෙන්න හේතු ඕන තරම් තියෙනවා. සමහර දේවල් මානවයාගේ වැරැද්ද වගේම අනපේක්ෂිත ස්වාභාවික සිදුවීම් වුණත් වෙන්න පුළුවන්.
කොහොම වුනත් මිනිහා කියන්නේ මොළය පාවිච්චි කරලා වැඩක් කරන්න පුළුවන් සත්තු කොට්ඨාශයක්.අන්තිම දශමේ හිටියත් මානවයගේ කුතුහලය වගේම අවශ්‍යතාවය තියෙනකම් පිපාසය නවතින්න නෑ.
මිනිස් මනස අනිත් සතුන්ගෙන් වෙනස් වෙන්නෙත් ඒ නිසයි 🌏
✍️Admin: Pasindu Herath