හැමෝම විහිළුවට ශෙයාර් කරන නිරුවත් මිනිස්සු ඉන්න වෙරල තීරයේ කතාව.

by Pasindu Herath

හැමෝම විහිළුවට ශෙයාර් කරන නිරුවත් මිනිස්සු ඉන්න වෙරල තීරයේ කතාව.

Share

හැමෝම විහිළුවට ශෙයාර් කරන නිරුවත් මිනිස්සු ඉන්න වෙරල තීරයේ කතාව.

ඕස්ට්‍රේලියාවේ නිරුවත් වෙරළ තීරය...⛱️

දැක්ක ගමන් හිතුවේ පෙන්ගුයින්ල වගේ අමුතු සත්තු ජාතියක් වෙරළට ගොඩගහල කියලද ?

2022 නොවැම්බර් 26 උදෑසන ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩි මුහුදු වෙරළේ තීරයේ හැමදාම දකින්න නොලැබෙන දෙයක් සිද්ද වුණා. දහස් ගණන් මිනිස්සු ගැහැණු පිරිමි බේදයකින් තොරව ඇඟේ කිසිම ඇඳුමක්,අඩු ගානේ නුල් පොටක්වත් නැතිව නිර්වස්ත්‍රව සිටියා.🧐

ඇයි එහෙම දෙයක් කළේ ?

ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව මිනිස්සු 2000 ක් පමණ සමෙහි ඇතිවන පිළිකා (Skin cancer) නිසා මිය යනවා. වයස අවු.70 වෙනකොට ඔස්ට්‍රේලියානුවන් 3 දෙනෙක්ගෙන් 2 නෙකුටම skin cancer වැළඳෙනවා. Skin cancer වැළදෙන ජනතාව සිටින රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළ තැනක ඉන්නවා.

ඇමෙරිකානු ඡායාරූප ශිල්පියෙක් වන ස්පෙන්සර් ටීයුනික්ගේ අදහසක් තිබුණා skin cancer පිළිබඳ ජනතාව අතර වැඩි අවබෝධයක් ලබාදෙන්නත්, කල්තියාම ඒවනී පිළිකා හඳුනාගැනීමට වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා ජනතාව දිරිමත් කිරීමටත්.

ඔහුගේ අදහස වුණේ දහස් ගණනක් නිරුවත් පිරිස එකතු වී මේ පිළිබඳ දැනුවත් කරමු යන්නයි. ඒ වගේම එයින් ඡායාරූපගත කරන එකත් ඔහුගේ අරමුණ වුණා.ඒ අනුව අද දිනයේ බෝන්ඩි වෙරළ තීරයේ නිරුවත්ව සිටීම සඳහා නීතියනුකුල අවසර ලබාගෙන තිබුණා. මේ සඳහා සියකෑමෙත්තෙන් ඉදිරිපත් වූ 2500 ක් පමණ ගැහැණු පිරිමි ඔස්ට්‍රේලියානු ජනතාව බෝන්ඩි වෙරළ තීරය වෙත උදෑසන රැස්ව සිටියා.

ස්පෙන්සර් කියන ලද වෙලාවට සියල්ලන් තමන් ඇඟලා ගෙන සිටි සියලු ඇඳුම් ඉවත් කොට ඉහළට අත් ඔසවා සිටියා.ඡායාරූප ගැනීමට අමතරව Skin cancer පිළිබඳ දැනුවත් කිරීම සදහා විව්ද ක්‍රියාකාරම් ආදියත් එදින සිදු වුණා.

✍️Admin: Pasindu Herath • ශ්‍රී කොම්

Adithya Bandara

Adithya Bandara

2
Afi Aiza

Afi Aiza

4
Anushka Rasanjana Desilva

Anushka Rasanjana Desilva

1
Chanul Deemantha

Chanul Deemantha

1
Erandi Kaushalya

Erandi Kaushalya

1
Kasun Chanuka

Kasun Chanuka

6
Menuka Risith

Menuka Risith

117
Nishal Perera

Nishal Perera

1
Omira J.

Omira J.

3
Pasindu Herath

Pasindu Herath

10
Randinu Jayarathne

Randinu Jayarathne

9
Sanchuka kavinda

Sanchuka kavinda

3
Sandali Mendis

Sandali Mendis

1
Swarnareka Sewwandi

Swarnareka Sewwandi

8
The Sri COM

The Sri COM

108
Uvindu Rajapakshe

Uvindu Rajapakshe

22
Vikum Harshana

Vikum Harshana

11
Vishwa Jayasankha

Vishwa Jayasankha

3
Yashitha Bhashana

Yashitha Bhashana

280