රොකී චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 47යි.

by Yashitha Bhashana

රොකී චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 47යි.

Share

🗓| Rocky was released 47 years ago to this day.🥊

අතිශය ජනප්‍රිය Rocky චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වී අදට වසර 47ක් සපිරෙයි.

Rocky කියන්නේ බහුතරයක් සිනමා රසිකයන් නරඹා ඇති නිර්මාණයක්. එසේම එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩා සම්බන්ධ සිනමාපටයක් ලෙසත් මෙය සැලකෙනවා.

1976 වසරේ නිකුත් වූ Taxi Driver වැනි නිර්මාණ රැසක් පරයා යමින් හොඳම සිනමාපටය ලෙස ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මානය දිනාගන්නත් රොකී සමත් වුණා.

සිල්වෙස්ටර් ස්ටැලෝන් ඒ හරහා ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා..
එ පමණක් නොවෙයි 2000-2005 වසරවල වෘතීය දිවියේ පසුබෑමකට ලක්වූ ඔහු නැවත සාර්තක ආගමනයක් කලේද මෙම සිනමාපට මාලාවේ 6 වන සිනමාපටය ලෙස නිකුත් වූ Rocky Balboa සිනමාපටය සමගයි.
තවද, මේ හා බැදුණු Creed චිත්‍රපට මාලාවද සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වෘතීය දිවිය නැවතත් ඉහලම සාර්තකත්වයකට ගෙන යෑමට දායක වුණා.

රොකී බැල්බෝවා නම් කල්පිත චරිතය වෙනුවෙන්, 1980 වසරේ A. Thomas නම් කලාකරුවා විසින් චිත්‍රපටයේ ඇති ලෝකඩ පිළිමය නිර්මාණය කළා. ඒ මූලිකව රොකී Rocky III සිනමාපටයේ දර්ශනයක් සදහායි.
රොකී පඩිපෙළ දිගේ ඉහලට දුවන මාර්ගය (rocky steps) හා එහි ඉහල මෙම පිළිමය රඳවා තැබුණා.

සිනමාපටයේ රූගත කිරීම් අවසානයේ,
පිලඩෙල්පියා කලා කෞතුකාගාරයේ පඩිපෙලේ පහල මෙය ස්ථාවරව රදවා තැබුණා. එවකට මේ පිළිබද යම් වාද විවාද මතුවුණා. නමුත් මේ සදහා විශාල රසික ආකර්ෂණයක් ලැබීම දිගින් දිගටම එය එම ස්ථානයේ තැබීමට ප්‍රබල හේතුවක් වුණා.
එය නැරඹීමට එන පිරිස් පියවර 72 මාර්ගයේ දිවගොස් පිළිමය අසල රොකීගේ ඉරියව්වෙන් හිඳ ජායාරූපයක් ගැනීම ප්‍රිය කලා.

නමුත් 2006 දී මෙම පිළිමය මෙම ස්ථානයේ තැබීම සම්බන්දව විවාද කතිකාවත් ප්‍රබල වුණා.
කලාව යනු කුමක්ද, මේ පිළිමය කලා කෘතියක්ද? නැතිනම් සිනමාපටයක් සදහා භාවිතා කල උපාංගයක්ද පමණක්ද? අවසානයේ මෙම ප්‍රතිමාව පඩිපෙළේ පහල කොනකට ගෙනයනු ලැබුවා.

තිබෙන තැන කොතන වුණත් අදටත් රොකීගේ මේ පිළිරුව සංචාරකයන් විශාල වශයෙන් ආකර්ශනය කරන යමක්.
සිල්වෙස්ටර් ස්ටැලෝන් පවා ඉදහිට මෙම ස්ථානයට පැමිණ එය නරඹන රසිකයන් පුදුමයට පත්කරන්න අමතක කරන්නේත් නැහැ.

සටහන: ස්වර්ණරේඛා සෙව්වන්දී