Rockstar sends gift to Red Dead Redemption 2 online player with 6000 hours on Stadia

by Menuka Risith

Rockstar sends gift to Red Dead Redemption 2 online player with 6000 hours on Stadia

Share

පැය 6000 කට අධික කාලයක් Red Dead Redemption 2 ක්‍රීඩා කල පුද්ගලයෙකුට Rockstar සමාගමෙන් ත්‍යාගයක් පිරිනැමේ.

මේ සිදුවීම සිදධ වෙලා තියෙන්නෙ Google Stadia සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට Google සමාගම තීරණය කිරීමත් සමඟයි. Google සමාගම මගින් නිර්මාණය කර පාලනය කල Stadia නම් Cloud Gaming සේවාව හරහා ItsColourTV නමින් RDR 2 ක්‍රීඩා කල පුද්ගලයෙකුට තමයි මේ විදියට Rockstar සමාගම මගින් තෑගි ලබා දීමට කටයුතු කර ති⁣බෙන්නෙ.

ජනවාරි 18 වෙනි දින Stadia සේවාව නිල වශයෙන් නවතා දැමීමට කටයුතු කල නිසා මේ හරහා RDR 2 පරිඝණක ක්‍රීඩාව online ක්‍රීඩාකල පිරිසට වෙන සේවාවන් වෙත යොමුවෙන්නට සිදු වුනා. ඒ අතරතුර තමන්ගෙ Twitter ගිණුමෙහි සඳහනක් තබමින් ItsColourTV සඳහන් කර තිබුනෙ ඔහු Stadia හරහා පැය 6000 කට අධික පැය ගණනක් RDR 2 ක්‍රීඩා කර තිබූ නිසා එයට ස්තූති කිරීමක් වශයෙන් Rockstar සමාගම විසින් තමන්ට තෑගි පාර්සලයක් එවා ඇති බවයි.

පසුව ඔහුගෙ Youtube ගිණුම හරහා Unboxing Video එකක් සිදු කරමින් ItsColourTV මේ තෑගි විවෘත කරනු ලැබුවා.
RDR 2 posters, ඇඳුම් සහ අනිකුත් භාණ්ඩ රැසකින් මේ ත්‍යාගය සමන්විත වෙලා තිබුනා.

Via: IGN

#SriCOM#Rockstar#RedDeadRedemption2