🫅| Rikkie Valerie Kollé scripts history by becoming first-ever transgender woman to win Miss Netherlands
නෙදර්ලන්ත ඉතිහාසයේ ප්‍රථම වරට රූ රැජින ලෙස සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් කිරුළු පැළඳි අතර ඔහු/ඇය මෙම වසරේ අග පැවත්වෙන විශ්ව රූ රැජින කිරුළ සඳහා නෙදර්ලන්තය නියෝජනය කරමින් තරඟ කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව මෙම වසරේ අගභාගයේදී එල් සැල්වදෝරයේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟයට තරඟ කරන දෙවන සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට Kollé පත් වේ. එම තරඟාවලිය නියෝජනය කල පළමු සංක්‍රාන්ති ලිංගික තරඟකාරිය බවට පත් වූයේ 2018 වසරේ ස්පාඤ්ඤය නියෝජනය කරමින් තරඟ කල ඇන්ජෙලා පොන්ස් (Angela Ponce) වේ.
71 වසරක් පැරණි විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා මුලින්ම සංක්‍රාන්ති ලිංගික තරඟකරුවන්ට සහභාගී වීමට අවසර දීම ආරම්භ කළේ 2012 වසරේදීය.
22 හැවිරිදි Rikkie Valerie Kollé විසින් මෙම කිරුළ දිනාගන්නේ කාන්තාවන් 9 දෙනෙකු පරාජයට පත් කරවමිනි. ඇය කිරුළ පැළදීමෙන් පසුව තමන් කුඩා පිරිමි දරුවෙකු ලෙස ඉපද මේ වන තෙක් පැමිණි ගමන් මඟද විස්තර කර ඇත.