📺| Rick and Morty season 7 will premiere today.
කතාංග 10කින් යුතු Rick and Morty කතාමාලාවේ 7 වන කතාසමය විකාශය අදින් ආරම්භ කරමින් පළමු කතාංගය අද දිනයේදී නිකුත් වෙයි. ඒ අනුව සෑම ඉරිදා දිනයකම එක් කතාංගය බැගින් Adult Swim නාලිකාව ඔස්සේ කතාමාලාව විකාශය වනු ඇත.
2013 වසරේ විකාශය ආරම්භ කල Rick and Morty කතාමාලාව පරිශීකයින් 570,822 ගේ ප්‍රතිචාරවලින් 9.1/10 අගයක් ලබාගනිමින් IMDb දර්ශකයේ ලොව වැඩිම අගයක් ලබාගත් සජීවීකරණ කතාමාලාවන් අතර දෙවන ස්ථානයේ පසු වෙයි. පළමු ස්ථානයේ පසුවන්නේ 344,546 පරිශීලකයන්ගේ ප්‍රතිචාරවලින් 9.3/10 අගයක් ලබාගෙන Avatar: The Last Airbender කතාමාලාවයි.
ගෘහස්‍ත හිංසන යටතේ ලැබූ චෝදනා හේතුවෙන් පළමු කතාසමයේ සිට 6වන කතා සමය දක්වා කතාමාලාවේ ප්‍රධාන චරිත දෙක වන Rick සහ Morty සඳහා හඬ දායකත්වය සැපයූ සහ කතාමාලාවේ තිරරචනයෙන් සහ අධ්‍යක්ශනයෙන් දායක වූ Justin Roiland ව ඉවත් කිරීම හේතුවෙන් 7 වන කතා සමයෙහි Rick සඳහා හඬකවා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් නිළ වශයෙන් හෙළි වි හෝ හෙළි කර නැති අතර ඒ පිළිබඳව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් Cartoon Networkහි සභාපති Michael Ouweleen පවසා තිබුනේ රසිකයන්ට එය පළමු කතාංගයේ අවසානයෙහි යන නාමාවලියෙන් (End Credit) වලදී දැනගත හැකි බවටයි.
“You’ll read their names and you may or may not know who they are, but right now just getting the show out is the priority."
-Michael Ouweleen-