එංගලන්තයේ රිචඩ් ද ලයන්හාර්ට් !
▫️රිචඩ් I රජු , 1199 දී ඔහුගේ මරණය දක්වා එංගලන්තයේ රජු වී සිටි අයෙකි . ඔහු එංගලන්තයේ II වන හෙන්රිගේ සහ Aquitaine හි Eleanor ගේ පුතුන් පස්දෙනාගෙන් තුන්වැන්නා වූ අතර , රිචඩ් ට රජ වීමට ඉඩක් නැති බව පෙනුනද ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ඔවුන්ගේ පියාට පෙර මිය ගියහ . රිචඩ් ද ලයන්හාර්ට් (Richard the Lionheart) ලෙසද ඔහුව හඳුන්වනු ලබන්නේ , ශ්‍රේෂ්ඨ හමුදා නායකයෙකු සහ රණශූරයෙකු ලෙස පැවති කීර්ති නාමය නිසාය .
▫️වයස අවුරුදු 16 වන විට රිචඩ් , තම පියාට එරෙහිව පැවති පොයිටෝහි කැරලි මර්ධනය කරමින් ඔහුගේම හමුදාවේ අණ දෙන ලදී . ඔහු , තුන්වන කුරුස යුද්ධයේදී වැදගත් ක්‍රිස්තියානි අණදෙන නිලධාරියෙකුද වූ අතර , ප්‍රංශයේ II වන පිලිප්ගේ නික්ම යාමෙන් පසු පිලිප්ගේ ව්‍යාපාරයටද නායකත්වය දුන් අතර ඔහුගේ මුස්ලිම් සහකරු වන සලාඩින් ට / සැල්ඩින් ට එරෙහිව ජයග්‍රහණ කිහිපයක්ද ලබා ගත්තේය . නමුත් ඔහු සාම ගිවිසුම අවසන් කර ජෙරුසලම නැවත අත්පත් කර නොගෙන මෙහෙයුම අවසන් කළේය .
▫️රිචඩ් , බොහෝ විට ප්‍රංශ සහ ඔක්සිටන් යන භාෂා දෙකම කතා කළේය . ඔහු තම ළමා කාලය ගත කළේ එංගලන්තයේ ය . කෙසේ වෙතත් , රජ වීමට පෙර ඔහු තම යෞවන ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ , ප්‍රංශයේ නිරිත දෙසින් පිහිටි ඇකිටේන් ආදිපාදස්ථානයේ ය . රිචඩ් ගේ රජ පත්වීමෙන් පසු ඔහු එංගලන්තයේ ගත කළේ ඉතා සුළු කාලයකි . ( සමහරවිට මාස හයක් වැනි කෙටි කාලයක් ) රජු ලෙස ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ , කුරුස යුද්ධයටයි .
▫️රිචඩ් රජුගේ යටත්වැසියන් විසින් ඔහු දැහැමි පාලකයෙකු ලෙස සලකනු ලැබීය . ඔහු ඔහුගේ විරුදාවලියෙන් බහුලව සිහිපත් වන එංගලන්තයේ රජවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකු විය .කෙසේවෙතත් , කුරුස යුද්ධ අතරතුර රජුගේ කප්පම් මුදල් සඳහා පූජකවරුන්ගෙන් බදු අය කිරීම සම්බන්ධයෙන් පූජක වංශකථාකරුවන් විසින් රජුව විවේචනය කරන ලද අතර , මේ නිසා ඇතැම් සමකාලීනයන් රිචඩ් ව තෘෂ්ණාවෙන් සහ කෲරත්වයෙන් යුතු පාලකයෙකු ලෙසද සලකා ඇත .
▫️1199 මාර්තු මාසයේදී , රිචඩ් ගේ පාලනය යටතේ සතුරු කැරලිකරුවන් රඳවා සිටි චාල්ස් මාලිගය වෙත යමින් සිටියදී , ඉහළින් ඇති බිත්තිවලින් එල්ල කළ හරස් දුනු බෝල්ට් ඔහුගේ වම් උරහිසේ වැදුණි . මුලින් සුළු තුවාලයක් ලෙස සලකනු ලැබුවද , පසුව මෙය උත්සන්න වී අප්‍රේල් 6 වන දින රිචඩ් ද ලයන්හාර්ට් මිය ගියේය.
✍️ Maleesha S Bandara