රුසියාව තුල LGBTQ පුද්ගලයන්ගේ “සමාජ හැසිරීම” පිළිබඳ අධ්‍යනය කිරීමට පුටින්ගෙන් නියෝග

by Srimal

රුසියාව තුල LGBTQ පුද්ගලයන්ගේ “සමාජ හැසිරීම” පිළිබඳ අධ්‍යනය කිරීමට පුටින්ගෙන් නියෝග

Share

🏳️‍🌈| Putin orders research into ‘social behavior’ of LGBTQ people


රුසියාව තුල LGBTQ පුද්ගලයන්ගේ “සමාජ හැසිරීම” පිළිබඳ අධ්‍යනය කිරීමට පුටින්ගෙන් නියෝග.


රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිකායල් මුරාෂක් පවසා සිටියේ රුසියාව තුල සිදුවන LGBTQ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්, සමාජයටවන බලපෑම ආදිය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා නව මනෝ චිකිත්සන ආයතනයක් ආරම්භ කළ යුතු බවට රුසියානු ජනාධිපතිව්ලැදිමීර් පුටින් දැනුම් දුන් බවයි.


දැනටමත් මේ සම්බන්ධව ක්‍රියා කරන වෛද්‍ය ආයතන කිහිපයක් ඇතත්, ඒ සියල්ලටම අමතරව විශේෂ ආයතනයක් පිහිටුවීමකෙරෙහි පුටින්ගේ අවධානය යොමුව තිබෙනවා.


එමෙන්ම කුඩාකල සිටම දරුවන්ට නොතේරෙන අවධියේ සිටම ලිංගික දිශානතිය වෙනස් කිරීම, දරුවන්ගේ මනසට අයථා ලෙසLGBTQ ව්‍යාප්තවාදී අදහස් ඇතුළු කිරීම, LGBTQ කණ්ඩායම් විසින් සමාජයට කරන අනිසි බලපෑම් අධ්‍යනය කිරීම පිළිබඳවදඅදහස් දක්වා තිබෙනවා.


රුසියාව තුල ලිංගිකත්වයන් වෙනස් කිරීම තහනම් කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව සාකච්ඡාවකදීලිංගිකත්වය පිළිබඳ වැරදි මත සමාජගත කරන ක්‍රියාකලාපයන් අධ්‍යයනය කිරීමට නව ඒකකයක් ස්ථාපනය කිරීමට යන බවටසෞඛ්‍ය අමාත්‍යවරයා පෙරේදා දිනයේදී අදහස් පළ කර සිටියේය.