පර්සියාවේ කුමාරයාගේ පුනරාගමනය

by Omira J.

පර්සියාවේ කුමාරයාගේ පුනරාගමනය

Share

අද #SriCOMat7 සෙග්මන්‍ට් එකෙන් අපි කතා කරන්න යන්නේ අළුත්ම Prince of Persia ගේම් එක ගැන.පර්සියාවේ කුමාරයාගේ පුනරාගමනය | Prince of Persia: The Lost CrownNearly අවුරුදු 14 කට පස්සෙ ආයෙම වතාවක් අලුත් වෙන POP Gaming Franchise එකේ අලුත්ම installment එක ගැන පොඩි කයියක් දාන්න හිතුනා.Prince of Persia Gaming Franchise එකේ අලුත්ම Release එක විදියට announce කරපු The lost Crown Game එක පෙරේදා ඒ කියන්නෙ ජනවාරි 15 වෙනිදා officially release උනා

මේ වෙද්දි Game එක ගැන සෑහෙන හොඳ hype එකක් සහ reviews ටිකක් තියන නිසා අපිත් ගේම් එක ගැන පොඩ්ඩක් බලන්න හිතුවා. මේ Review එකේදි මම කතා කරන්න යන්නෙ නම් Demo Version එක ගැන

ඒකට හේතුව වෙන්නෙ Game එකේ initial release එකට දවස් 3කට වගේ කලින් ubisoft ලා සහ epic store එක හරහා ගේම් එකේ demo version release කරපු නිසා. Initial release එකට කලින් review එක දාන්න හිටියට ඉතින් හෙ හෙ you know right

Anyway , ගේම් එක ගැන කතා කරොත් 2D style එකෙන් තමයි ගේම් එක develop වෙලා තියෙන්නෙ. ඒත් interesting fact එක තමයි Lost Crown කියන්නෙ 2-D Metroidvania Genre එකේ Game එකක්. ඒ කියන්නෙ 2D linear gaming structure එකකට වඩා වෙනස් වුන Map සහ exploring experience එක combined වුන adventurous platform එකක්.සෝ ඉතින් මගෙ gaming experience එක ගැන කිව්වොත් Lost Crown කියන්නෙ 2D Metroidvania Style එකෙන් develop වුන සෑහෙන හොඳ ගේම් එකක්. Action, BGM සෑහෙන හොඳ මට්ටමක තියෙනවා වගේම POP franchise එකට ලැබුනු fresh start එකක් කියන්නත් පුලුවන්.

PlotGame එකේ Storyline එක ගැන කිව්වොත් මේ ගේම් එකේ event එක සිද්ධ වෙන්නෙ arabic tradition වල විස්තර කරල mount qaf වල වගේම tradition වල තියෙන විදියටම නම් මේ mount qaf එහෙම නැත්නම් qaf කඳුයාය කියන්නෙ පෘථිවියේ තියන දුරම point එකක්

ඉතින් මේ event එකේදි මේ සම්පූර්ණ mount qaf එකම evil magic source එකක් නිසා සෑහෙන දුරකට විනාශ වෙලා සහ වෙනස් වෙලා තියෙන environment එකක් වගේම පර්සියන් කුමාරයව මේ කියන qaf වලට පැහැරගෙන ඇවිත් තියෙනවා.පැහැරගෙන ආව තමන්ගෙ කුමාරයව බේරගෙන යන්න එන පර්සියාවෙ immortal warriors ලා පිරිසක් ගැන තමයි මේ Ge එක narrate වෙලා තියෙන්නෙ

ඒවගේම Game එකේ අපිට playable character එක විදියට එහෙම නැත්නම් Lost Crown Game එකේ Main character එක විදියට අපිට introduce කරල දෙන Sargon කියල immortal warrior ගෙන් තමා අපිට මේ adventure ride එක continue කරගෙන යන්න තියෙන්නෙ.

Overall Details කලින් mention කරා වගේම සෑහෙන හොඳ මට්ටමක detailed game එකක් වගේම Action packed වුන ගේම් එකක්. ඒ actions එක්ක bgm mixed උනාම පරණ POP vibe එකම ඔයාලට experience කරන්න පුලුවන් වෙනවා

Personally මටනං Warrior Within සහ Two Thrones ගේම් වල adventurous vibe එකම මේ ගේම් එකේ නැති වුනත් සෑහෙන හොඳ මට්ටමක experience එකක් කියන්න පුලුවන්.FYI, The lost Crown කියන්නෙ POP franchise එ⁣කෙ සිද්ධ වෙන අලුත්ම reboot එක. ඒ කියන්නෙ POP franchise එකේ අලුත් original story එකක් තමයි මේ ⁣ගේම් එකේදි සිද්ධ වෙන්නෙ

System Requirements -Minimum• Intel I5 - 4460 / AMD Ryzen 3 1200• 8GB RAM• NVIDIA Geforce GTX 950 / AMD Radeon RX 5500XT• Windows 10/11එහෙනං ඉතින් මේ වෙද්දි ගේම් එක Release වෙලා තියෙන නිසා ඔයාලත් play කරල බලන්න ගායිස්

ඒවගේම ඔයාලට The Lost Crown ගේම් එකේ Demo Version එක Epic Store එකෙන් හරි Ubisoft Connect වලින් හරි Free try කරල බලන්න පුලුවන්

ආ ඒවගේම Game එකේ Crack ගැන හොයල බලන අයට මේ වෙද්දි Nintendo Switch Version එක Crack ⁣වෙලා තියෙන්නෙ වගේම ඔයාලට ඒකත් කැමතිනම් try කරල බලන්න පුලුවන්.එහෙනම් ඉතින් ඔයාලා මේ වෙද්දි ගේම් එක play කරානම් ගේම් එක ගැන ඔයාලගෙ අදහසත් කියන්න. ඒ වගේම POP franchise එකේ ඔයාලගෙ කැමතිම Game එක ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න

Gameplay එකේ Screenshot කීපයක් මං පහලින් comment කරන්නම්

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්
Stay Happy Stay Awesome

Admin: #බ්ලැක්පැන්තර්