Sony සමාගමේ CEO ජිම් රයන් විශ්‍රාම යෑම හේතුවෙන් sony වෙතින් custom made playstation 5 කොන්සෝලයක් පිරිනමයි.

by Yashitha Bhashana

Sony සමාගමේ CEO ජිම් රයන් විශ්‍රාම යෑම හේතුවෙන් sony වෙතින් custom made playstation 5 කොන්සෝලයක් පිරිනමයි.

Share

🎮| PlayStation CEO Jim Ryan gets a PS1-style PS5 Console as a Farewell Gift.

Sony සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Jim Ryan ගේ retirement එක සඳහා ඔහුට සමරු තිළිණයක් ලෙස Sony සමාගමෙන් custom-made PlayStation 5 gaming console එකක් තිළිණ කර තිබෙනවා. මේ විශේෂ console එක ගැන X (Twitter) සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සමාගමේ Network Vertical Lead කෙනෙකු වන Yuichi Haga සඳහන් කරේ මෙය PlayStation සමාගමේ පළමු console එක වන PlayStation 1 හි theme එක අනුව, එයටම ආවේණික අලු වර්ණයන්ගෙන් යුත් PS5 console එකකින් සහ එහි තිබූ රතු, කහ, නිල් සහ කොළ වර්ණයන්ගෙන් යුත් controller එකට සමාන PS5 controller එකකින් මෙන්ම එයටම සරිලන ලෙස DualShock controller cable එක ආශ්‍රයෙන් design කළ USB C cable එකක්ද සහිතව නිර්මාණය කර ඇති බවයි. එපමණක් නොව මේ සඳහාම ඔවුන් විසින් 20 වන සංවත්සර සැමරුම සඳහා 2014 දී නිකුත් කළ limited edition PlayStation 4 box එකෙහි design එක යොදාගෙන තිබෙනවා. Jim විසින් ලබන වසරේ දී විශ්‍රාම ගැනීමට නියමිත වන අතර මෙය ඔහු විසින් සමාගමට ඉටු කළ මෙහෙය සඳහා කදිම උපහාරයක් ලෙස බොහෝ දෙනා පවසයි. මේ අතර මීළඟ වසරේදී Sony සමාගමේ 30 වන සංවත්සර සැමරුම යෙදී ඇති අතර මෙම විශේෂ PS5 edition එක වෙළඳපොළට නිකුත් වීමක් පිලිබදව දැනට නිළ නිවේදනයක් නොමැති නමුත් Sony PlayStation පාරිභෝගිකයන් මේ පිළිබඳව විශාල උනන්දුවක් දක්වන බව පෙනී යයි.

✍️Admin: Randinu Jayaratne