🛺| PickMe Database has been leaked and 4 million records now for sale on breached.
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධ කුළී රථ සේවාවක් වන Pickme සමාගමට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර
Pickme ආයතනයෙහි මිලියන 4ක දත්ත ප්‍රමාණයක් එම හැකර් වරයා විසින් විකිණීමට දමා ඇති බවට වාර්තා වෙනවා, මෙයට පාරිභෝගික ඊ-මේල් ලිපින මිලියන 1.8 ක්, ජංගම දුරකථන අංක මිලියන 2.8 ක් සහ මුරපද (Hashed Passwords) මිලියන 1.4 ක් පමණ ඇතුළුවේ.
අදාළ Hacker වරයා විසින් දක්වා ඇති තොරතුරු වලට අනුව මෙම දත්ත තුළ credit/debit card තොරතුරුද ඇතුළත් විය හැකියි.
PickMe ආයතනය විසින් මේ පිළිබඳව තව දුරටත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති අතර පසුගිය වසරේදී මෙවැනිම හැකර් ප්‍රහාරයක් Payhere ආයතනයට සිදු වූවා. එහිදී පුද්ගල දත්ත මිලියන 1.5 ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයට breach වීමට ලක් විය.