පීකි බ්ලයින්ඩර්ස්හී ආතර් ශෙල්බී නළුවා මත්ද්‍රව්‍ය නඩුවකට හසු වු පසු චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට ඔහු මෙසේ හැසිරී ඇති බවට ඔහුගේ නිතිඥයා අධිකරණයට පවසයි.

by Menuka Risith

පීකි බ්ලයින්ඩර්ස්හී ආතර් ශෙල්බී නළුවා මත්ද්‍රව්‍ය නඩුවකට හසු වු පසු චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට ඔහු මෙසේ හැසිරී ඇති බවට ඔහුගේ නිතිඥයා අධිකරණයට පවසයි.

Share

ජනප්‍රිය Peaky Blinders කතාමාලාවේ ආතර් ශෙල්බි චරිතය රඟදැක්වූ රංගන ශිල්පී පෝල් ඇන්ඩර්සන් පසු ගියදා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Paul Anderson ගේ නීතිඥයා විසින් අධිකරණයට පවසා ඇත්තේ ඔහුගේ සේවාදායකයා මෑතකාලයෙ ඉතා ජනප්‍රිය Peaky Blinders නම් කතාමලාවක ආතර් ශෙල්බි නමින් චරිතයක් රඟදක්වන බවත් එම චරිතය මත්ද්‍රව්‍ය සමඟ සමීප සබඳතා ඇති බැවින් ඔහුගේ රසිකයන් සතුටු කිරීම සඳහා සහ චරිතයට වඩාත් සාදාරණයක් ඉටු කිරීමට එලෙස හැසිරී ඇති බවයි.

“You will recognise the defendant from a very intense part that he has played in a recent television programme. He is often recognised and does his best to please fans of the show by slipping into character”

48 හැවිරිදි පෝල් ඇන්ඩර්සන් බ්‍රහස්පතින්දා හයිබරි කෝනර් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ A පන්තියේ ක්‍රැක් කොකේන්, B පන්තියේ ඇම්ෆෙටමින් සහ C පන්තියේ මත් බෙහෙත් වට්ටෝරු දෙකක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවටය. ඔහු චෝදනා හතරටම වැරදිකරු වූ අතර ඔහුට පවුම් 1,345 ක දඩයක් නියම විය.

Via: Daily Mail