🏆| Paradise movie won Best Film award at Busan International Film Festival. 🎬🇱🇰🇮🇳
ඉන්දු-ශ්‍රී ලංකා නිර්මාණයක් ලෙස ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘Paradise’ මලයාලම් චිත්‍රපටය 28 වැනි Busan International Film Festival සම්මාන උලෙළේ දි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී.
දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ශනය කල Paradise චිත්‍රපටය දිනා ගත්තේය.
ඒ ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද Paradise චිත්‍රපටය වෙනුවෙනි. මෙවර මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරා ගෙන තිබුණ අතර Paradise චිත්‍රපටය මෙම උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙස වීම විශේෂත්වයක්.
කේරළයේ නිශ්පාදන සමාගමක් වන Newton Cinema විසින් නිශ්පාදනය කල මෙහි මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් යුවලක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමඟින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙති.
චිත්‍රපටයේ කතාව වන්නේ ඉන්දීය මලයාලමි විවාහ යුවළක් සිය පස්වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී සමයක කඳුකර ප්‍රදේශයට පැමිණිමෙන් පසුව සිදුවන අභිරහස් සිද්ධි දාමයක් පාදක කරගෙනය.