ඕපන්හයිමර් නැවත කියවමු.

by Pasindu Herath

ඕපන්හයිමර් නැවත කියවමු.

Share

සත්‍යම වශයෙන්ම සිදු වූ සංවාදයක් නොවුනත් ඕපන්හයිමර් චිත්‍රපටයේ අවසානයේ නෝලන් මතු කරන්න හදන පණිවිඩය අදටත්, ඉස්සරහටත් සීයට දෙසීයක් වලංගු කතාවක්.

ෆිල්ම් එක අතරතුර ඕපන්හයිමර් සහ ඇල්බට් අයින්ස්ටයින් අතර සංවාදයේදී ඕපන්හයිම‍ර් අහනවා අපි මේ කරන දෙයින් මුළු ලෝකයම විනාශ කරන තරමේ chain reaction එකක් වෙයිද කියලා. එතන මතු කරන්නේ විද්‍යාත්මක වශයෙන් න්‍යශ්ටික බෝම්බය පිපිරවීමත් සමඟ නොනැවතීය හැකි දම්වැලක් සේ ඇවිළුණු රසායනික හා න්‍යශ්ටික ප්‍රතික්‍රියා මගින් මුළු ලෝකයම විනාශ වෙන්න පුළුවන් ද වගේ කතාවක්.

හැබැයි නොලන් ඒක ගෙන්නේ ෆිල්ම් එකේ අවසාන දෙබසට එතනදි අයින්ස්ටයින්ට ඔපන්හයිමර් විසින් කියනවා. ඔව්, අපි නොනෑවැතිය හැකි chain reaction එකක් නිර්මාණය කළා කියලා. මෙතනදී කියන්නේ කිසිම රසායනික හෝ න්‍යශ්ටික ප්‍රතික්‍රියාවන් ගැන නෙමෙයි. මෙතන තමයි පෙන්වන්නේ අවසානයට පෘථිවි වායු ගෝලයට nuke war heads ගණනාවක් එල්ල වෙලා විනාශ වෙන දර්ශනයක්.

හැබැයි ඒ nuke war heads වල දර්ශනයෙන් පෙන්වන න්‍යශ්ටික ප්‍රහාර හා සම්බන්ධ විනාශය නෙමෙයි මෙතන සැබෑම අරුත.

ඔපන්හයිමර් චරිතයෙන් “අපි, chain රියැක්ෂන් එකක් නිර්මාණය කළා ඇල්බට්” කියන දෙබසින් පෙන්වන්නේ ලෝකයට න්‍යශ්ටික, පරමාණු බෝම්බ නිර්මාණය කිරීමට මග සකසා දීමෙන් තවත් සංකීරණ වූ භූ දේශපාලනික ගැටුම්. අවසන් දෙබසින් නොලන් ප්‍රේක්ෂකයාව climax එකකට ගෙනල්ලා අත අරිනවා.

මේක අපිට තේරුම් ගන්න පුළුවන් තායිවාන චීන අර්බුදය, අරාබි වසන්තය, ඉරාක - ඉරාන න්‍යෂ්ටික චෝදනා, යුක්රේන් - රුසියා බල අරගලයන් වගේ දේවල් එක්ක.

Nuclear deterance ප්‍රතිපත්තිය කවදා හරි කොහොමත් බිඳ වැටෙනවා. එදාට කොහොමත් ලෝකයක් හැටියට මිනිස්සු fail. කෙදිනක හෝ nuclear deterance එක බිඳ වැටෙන දා වෙනකම් සිදුවෙන භූ දේශපාලනික සිද්ධි දාමය තමයි මෙතන සංකීර්ණම සිද්ධිය. ෆිල්ම් එකේ මතුකරන chain reaction එක තමයි ඔය.

ඒ පොයින්ට් එක නොලන් මේ වගේ බයෝග්‍රෆි ෆිල්ම් එකක වුණත් ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතුරු කරලා ගෙන්න සමත් වෙලා තියෙනවා.

අනිත් සිත් ගන්නා තැන තමයි යුධ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම් විසින් පරමාණු බෝම්බය ටෙස්ට් කරන්න සුදුසු නගරයක් තොරන අවස්ථාව. නගර කිහිපයක් තෝරලා කියෝතෝ නගරය අයින් කරනවා.

මෙතන මම දකින්නේ තවත් මිනිසුන් කණ්ඩායමක් තවත් මිනිස්සුන් පිරිසකගේ දෛවය තීරණය කිරීමක් විදියට. හරියටම කිව්වොත් සර්ව බලධාරියෙක් විසින් කව්ද ජීවත් වෙන්න ඕන, කව්ද මැරෙන්න ඕනා කියලා තීරණය කරන විදිය වගේ දෙයක් තමයි මට හැඟෙන්නේ.එහෙම දෙයක් වුණොත් ඒක කොච්චර අසාධාරණ දෙයක් ද?

අන්න ඒ කරුණම ඇති ඔපන්හයිමර් චිත්‍රපටිය ජපානය තුළ විකාශය කිරීම තහනම් කරනවා නම් තහනම් කරන්න. (චිත්‍රපටය ජපානයේ තහනම් කරනවා කියල නිවේදනය කලෙත් නෑ හැබැයි තිරගත උනෙත් නෑ.) මොකද ඒක හරිම සංවේදී සිද්ධියක් ටිකක් ගැඹුරින් හිතලා බැලුවොත්. පරමාණු බෝම්බයේ පියා සැමරීම කියන කාරණයට වඩා කොහේටද බෝම්බ දාන්න ඕන කියල තීරණය කිරීම පෙන්වන දර්ශනය සෑහෙන හිතන්න පැත්තක් තියෙනවා.

කොහොම වුණත් එක් පැත්තකින් න්‍යශ්ටික බෝම්බ නොතිබුණ නම් දරුණු යුධ ගැටුමක් නවත්වා ගන්න බැරි වෙනවා වගේ අදහසක් අවිඥානිකව මතු කරලා න්‍යශ්ටික බෝම්බ හෙලීම සාධාරණය කිරීමක් වෙනවාදෝ කියලත් හිතෙනවා.

තවත් කෙනෙක්ට කියන්න පුළුවන් න්‍යෂ්ඨික බෝම්බ නොතිබුණ නම් ලෝකයේ මීට වඩා ගැටුම් වැඩි වෙන්න පුළුවන් කියලා. ඔව්. හැබැයි ඒක අර්ධ සත්‍යයක්. න්‍යශ්ටික බෝම්බ තිබීම ඔස්සේ සිදුවන අනිත් දේශපාලනික අත පෙවීම් ආදිය දිහා බැලුවම න්‍යශ්ටික බෝම්බ නොතිබ්බ නම් හොඳයි කියලා තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

කොහොම වුනත් ඕන කෙනෙක්ට ඕන විදියකට ඒක හිතන්න පුළුවන්. සාමාන්‍ය බහුතර ලාංකීය ප්‍රජාවගේ මනසත් ගොඩක් දුරට ඇමරිකන්වරු කරන ඕන දෙයක් හරි කියන අදහසේ ඉන්න නිසා මේක එකහෙළා ප්‍රතික්ෂේප කරයි.

ඕපන්හයිමර් ෆිල්ම් එක biopic ෆිල්ම් එකක් විදිහට සුපර්බ්. මේ වගේ ෆිල්ම් එකක අපිට කොහොමටවත් නෝලන් Inception, Interstellar ෆිල්ම් වල කරා වගේ ඔලුව කරකවලා යන වැඩ බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේක biopic එකක් නිසා.

හැබැයි නෝලන් කියන්නේ නෝලන් පමණක්ම වන නිසා කතාව එක කාල රේඛාවක ගලාගෙන යෑම වෙනුවට කාල රේඛා කිහිපයක සිදුවීම් දාමයක් ඉදිරිපත් කරන එක කරලා තියනවා. චිත්‍රපටය බෝරිං නොවීමට ඒක ප්‍රධාන හේතුවක්. එහෙම නැතුව එකම කාල රේඛාවක ෆිල්ම් එකක් වුණා නම් සමහරුන්ට මේක බෝරිං.

අනිත් එක පැය 3 බෝරිං නොවෙන්න යොදාගෙන තියන පසුබිම් සංගීතය සෑහෙන වැදගත්. මේ වගේ ෆිල්ම් එකක ඒ වගේ පසුබිම් සංගීතයක් නොතිබුණ නම් බලන්න බෑ නින්ද යනවා මට නම්. ඒ රිද්මයානුකූල පසුබිම් සංගීතය මට මතක් කරවන්නේ Interstellar ෆිල්ම් එකේ පසුබිම් සංගීතය. මොකද ඒ සංගීතය තමා ඊළඟට මැන්හැට්න් ප්‍රෝජෙක්ට් එකට කාවද එකතු කරගන්නේ, කොහොමද අනිත් විද්‍යා දරයනගේ අදහස් මේ ගැන, කොයි වෙලාවෙද මේක ටෙස්ට් කරන්නේ වගේ දේවල් ගැන ෆිල්ම් එකා ඇතුලේදී කුතුහලය ජනිත කරවන්නේ.

මුල් පැය දෙකක් වගේ කාලය මැන්හැට්න් ප්‍රෝජෙක්ට් එක වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අනිතිම පැය ඔපන්හයිමර් බෝම්බය නිර්මාණය කිරීමට දායක වුණාට පසු ඔහුගේ මානසිකව පරස්පරතාවන් සහ මිනිසුන් මිය යෑම හා ඇමරිකාවේම ජාතික ආරක්ෂක නීති ආදිය යටතේ සිදුවන බලපෑම් හේතුවෙන් වන අපේක්ෂා භංගත්වය පෙන්වනවා. නමුත් ඒකත් කිසිම බෝරිං ගතියක් නැතිව ඇදෙනවා.

මේක තුළ මම දකින තවත් නියම අවස්ථාවක් වෙන්නේ ස්ට්‍රෝස් අයින්ස්ටයින් හා ඕපන්හයිමර් මුණ ගැසුණු වෙලේ කතා වුණේ මොනවද කියලා කුතුහලයක් මතු කිරීම.

අර chain reaction කතාවෙන් පස්සේ වැදගත්ම දෙබස ඒක. අයින්ස්ටයින් කියනවා “ඔවුන් ඔබව වීරයා කරයි, පස්සේ ඔබව දඩයම් කරයි, නැවතත් ඔවුන්ගේ වැරදි වහගන්න ඔබට සමාව දීලා, ඔවුන්ටත් වැරදුනා කියලා, ඔබට මල් මාල දාලා ගෞරව සම්මානෙකුත් එකකුත් දෙයි” කියලා. ඕක තමයි සරල අදහස ඒ දෙබසේ. මේ වගේ දේවල් වලදී රාජ්ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන විදියේ එක් පැතිකඩක් තමයි එතන අයින්ස්ටයින් චරිතයේ දෙබසෙන් පෙන්වන්නේ.

ෆිල්ම් එක සුපිරි. පැති ගණනවක් ඔස්සේ විවරණය කරන්න පුළුවන් ඕන නම්.

“Now I am become death, the destroyer of worlds” කියලා විෂ්ණුගේ බලය මතු කරන භගවත් ගීතා පාඨයට වඩා අන්තිමට ප්‍රේක්ෂකයාව ගෙනල්ලා අත අරින නූතන භූ දේශපාලනයේ උච්චතම අවස්ථාව තමයි මුළු ෆිල්ම් එකේම වැදගත්ම කොටස ✌️

ප.ලි: Nuclear Deterrence ප්‍රතිපත්තිය කියන එක ගැන සරලවම කිව්වොත්: A කියලා රටකට න්‍යශ්ටික අවි බලය තියෙනවා.තව B කියලා රටකුත් තියෙනවා න්‍යශ්ටික අවි බලය තිබෙන. A කියන රට B කියන රටට එරෙහිව ආක්‍රමණයක් දියත් කරන්න යන්නේ නෑ.එහෙමම කියන්න බෑ.ආක්‍රමණයක් කෙසේ වෙතත් න්‍යශ්ටික අවි බලය B කියන රටට යොදන්නේ නෑ.මොකද A රට, B රටට න්‍යශ්ටික ප්‍රහාරයක් එල්ල කළොත් අනිවාර්යෙන් B කියන රටත් A කියන රටට එරෙහිව න්‍යශ්ටික ප්‍රහාර එල්ල කරනවා.එතකොට වෙන්නේ රටවල් දෙකේම විශාල විනාශයක් වීම.මේ නිසා රටවල් දෙකෙන් කව්රුවත් එකිනෙකට විරුද්ධව න්‍යශ්ටික අවි බලය යොදන්නේ නැති නිසා සාමකාමීව තියෙනවා.

ඕක නිසා තමයි න්‍යශ්ටික ආයුධ තියන එක හොඳයි කියන්නේ.ඔව්.බැලූ බැල්මට ඇත්ත. යථාර්ථය නම් මේක භාගයක් ඇත්ත.භාගයක් බොරු.

අද 21 වන සියවසේ න්‍යශ්ටික අවි ආයුධ කියන්නේ උපාය මාර්ගික ක්‍රමයක් විතරයි.

ලෝකය සාමකාමී කියන්නේ යුද්ධ නැති නිසා නම් ගෝලීය දේශපාලනයේ දැන් මොනවද වෙන්නේ කියලා හොයලා බලන්න කියලා යෝජනා කරනවා.🙂

නූතනයේ රටක් අල්ලගන්න යුධ කරන්න අවශ්‍ය නෑ. BRICS වගේ දේවල් වල අරමුණ මොකද්ද කියලා හොයලා බලන්න.

රුසියාව වගේ රටක් නෝඩ් ගෑස් ලයින් ඒක වහල දැම්මොත් ජර්මනියට බලශක්තිය නැති වෙනවා.

නිෂ්පාදනයක් නැති රටකට ආර්ථික සම්බාධක දැම්මොත් ඒ රට නැත්තට නැති කරන්න පුළුවන්.

තවත් රටකට න්‍යශ්ටික අවි තියෙනවා කියලා බොරු චෝදනා හදලා ඒ රටවල් විනාශ කරන්න පුළුවන්. Trump ප්‍රසිද්ධියේ ඒවන්නක් කළ බව සඳහන් කරා.

න්‍යශ්ටික අවියක් කියන්නේ රටක් අන්තිමටම අදින තුරුම්පුව.

එහෙම බලද්දී උඹ මට ගැහුවොත් මම උඹටත් ගහනවා න්‍යායේ nuclear Deterrence එක දැන් යල් පැනගිය අදහසක්.

තාමත් හැබැයි nuke පෙන්නලා බය කරලා තියාගන්න පුළුවන්. ඔය යුක්රේන් රුසියා අර්බුදය ඇතුලෙත් පහුගිය කාලේ පුටින් එහෙම ලයින් එකක් දුන්නා.

ෆිල්ම් එක ගැන අදහසේ අර්ථය න්‍යශ්ටික අවි තිබීම හොඳයි ද, නරකයි ද කියන එක නොවේ.ඒ බව සඳහන් කරලා තියෙනවා. දෙපැත්තට බෙදිලා වාද කරන්න පුළුවන් කරුණක්. හැබැයි ඔය හැමෝම ගෙනල්ලා අත අරින nuclear Deterrence කතාවෙන් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා රටවල් ආර්ථිකමය සහ දේශපාලනමය අතින් වට්ටන දේවල් ගොඩක් සිද්ධ වෙනවා.

අද වෙනකොට nuclear වෙපන් එකක් කියන්නේ බරපතල ගෝලීය දේශපාලනය සාධකයක්. ඒක යොදාගෙන භූ දේශපාලනය තමන්ට ඕන ඕන විදියට හසුරවන්න පුළුවන් ලෝක බලවතුන්ට.එකෙන් සමහර විට අයුතු ප්‍රතිඵල වෙන්නත් පුළුවන් අනිත් රටවලට.

ඔය භූ දේශපාලන අර්බුධ නිසා විඳින දුක් සමහර වෙලාවට යුද්ධ දාහක් තිබුණත් වෙන්නේ නැති මට්ටමේ පීඩා වෙන්න පුළුවන්.

✍️Admin: Pasindu Herath