එකමත් එක කාලෙක හොලිවුඩයේ....

by Vishwa Jayasankha

එකමත් එක කාලෙක හොලිවුඩයේ....

Share

අද Sri COM at 7 සෙග්මන්ට් එකට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.

Once Upon a Time... in Hollywood
එකමත් එක කාලෙක... හොලිවුඩයේ

2019 දී නිකුත් වුනු Quentin Tarantino ගේ විශිෂ්ට නිර්මාණයක් තමයි Once Upon a Time... in Hollywood කියන්නේ. අවුරුදු 4 ක් පරණ වුනත්, කතාවේ සමහර නොපැදිලි තැන් තිබුනොත් ඒවා ගැන විස්තර කරන්න තමයි මේ article එක ලියන්නේ. චිත්‍රපටය ගැන විවිධ අදහස් ඔයාලට තියෙන්න පුලුවන්. මේ article එකෙන් චිත්‍රපටයේ කතාවට පාදක වුනු සිදුවීම් ගැන දැනගමු.

▫️Tarantino and History

ඔයා Quentin Tarantino ගේ රසිකයෙක් නම් ඔහුගේ චිත්‍රපටි ඉතිහාසයට සම්බන්ධ සිදුවීම් දැකලා ඇති. Inglorious Basterds වගේම The Hateful Eight චිත්‍රපටි වල ඉතිහාස සිදුවීම් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම Tarantino, මේ සිදුවීම් ඒ විදියටම ඉදිරිපත් නොකර මනඃකල්පිත චරිත සහ සිදුවීම් ඇතුලත් කරලා ඒ ඉතිහාස සිදුවීමට වෙනස් සහ සතුටුදායක අවසානයක් ලබා දීලා තියෙනවා. Once Upon a Time... in Hollywood චිත්‍රපටයේ වෙන්නෙත් ඒ දේම කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ නිර්මාණය නිවේදනය වුනු කාලයේම, චිත්‍රපටියට පාදක වෙන්නේ Sharon Tate නම් නිළිය ඇතුලු පිරිසගේ කුප්‍රකට ඝාතන සිදුවීම ගැන කියලා නිවේදනය වුනා. ඒ ගැන තව ඉස්සරහට විස්තර කරගමු.

Sharon Tate ගේ ඝාතනය චිත්‍රපටියට පාදක වුනත් මුලු කතාවම දිවෙන්නේ ඒ වටා නෙවෙයි. ගොඩක් දුරට climax එකට විතරයි මේ සිදුවීම යොදා ගෙන තියෙන්නේ. Story lines තුනකින් අපි plot එක විස්තර කර ගමු.

  1. Rick Dalton

Quentin Tarantino විසින් චිත්‍රපටියට නිර්මාණය කරපු මනඃකල්පිත චරිතයක් වුනත්, Rick Dalton නියෝජනය කලේ 60 දශකයේ අග භාගයේදී Geoge Maharis, Edd Byrnes, Tab Hunter වගේ නළුවන්ට අයිති වුනු ඉරණමයි. 50,60 දශක හොලිවුඩයේ golden era එක ලෙස හැඳින්වුනා වගේම වසර කීපයකට පෙර අතිශයින් ජනප්‍රිය වුනු western චිත්‍රපටි සහ කතා මාලා වල ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් 60 දශකය අවසානයේදී අඩු වුනා වගේම නවක නළු නිළියන්ද ක්ෂේත්‍රයට පැමිණුනා. ඉතින් Rick Dalton වගේ දක්ශ, පරණ නළුවන්ව නවක නළුවන්ගේ කතා මාලා වල guest appearance villian කෙනෙක් විදියට යොදා ගනිද්දී Ruck Dalton ට තේරුම් යනවා තමන්ගේ කල් ඉවර වීගෙන යන බව.

ඉතින් තවත් ටික කාලයක් වීරයාගේ චරිතය කරන්න වගේම ජීවිත රටාවට ගැලපෙන මුදලක් හොයා ගන්නත් Rick Dalton ට තමන් ආදරය කරපු හොලිවුඩය අතහැර යුරෝපයට යන්න වෙනවා. ඒ ඉතාලියානු සිනමා කර්මාන්තයෙන් ලැබුණු ආරාධනාවට. නැවත ටික කාලයකින් Rick ආපහු කැලිෆෝනියාවට එන්නේ ඉතාලි ජාතික බිරිඳක් වගේම බෙල්ල මුලටම හිරවුනු වියදම් තොගයකුත් එක්ක. Rick Dalton වගේම ඔහුගේ ළඟින්ම හිටපු හොඳම යාලුවා වගේම Rick ගේ stunt double වුනු Cliff Booth වටා තමයි ප්‍රධානව කතාව ගොඩ නැගෙන්නේ.

ඉතුරු story lines දෙක විස්තර කරන්න කලින් පහල අමතර කරුණු ගැන බලමු.

• Manson Family

Sharon Tate ගේ මිනීමැරුම ගැන දැන පැහැදිලි කරගන්න කලින් අපි Manson Family එක ගැන විස්තර හොයලා බලමු. Manson Family එක ආරම්භ කරන්නේ Charles Manson විසින්. ඔහු හොලිවුඩයේ සිටි අසාර්ථක සංගීතඥයෙක් වගේම හිටපු con artist කෙනෙක්. ඔහුගේ මේ අසාර්ථකභාවයත් එක්ක ඔහු තමන්ගේ අදහස් සමාජ විරෝධී ලෙස ගෙනයන්න පටන් ගන්නවා. මේ එක්ක බහුතරයක් ගැහැනු අය වුනු කල්ලියක් ඔහු වටා එකතු වෙනවා. Charles ගේ පවුලේ අය වගේම මේ එකතු වුනු පිරිස, Charles ගේ මෙහෙයවීමෙන් Manson Family නමින් කල්ලියක් 1960 කාලයේදී හදා ගන්නවා. මෙතන් ඉඳන් Manson Family එක විවිධ නීති විරෝධී වැඩ මෙන්ම මිනීමැරුම් පවා සිද්ධ කරනවා. නිශ්චිත ආදායම් මාර්ගයක් තිබුනේ නැති නිසාත් මොවුන්ගේ මතවාද ආකල්ප නිසාත් Manson Family එක ගත කරන්නේ අහිගුණ්ඨික ජීවිතයක්. මොවුන්ගේ මතවාද නිසා සමාජයේ ධනවත් පන්තිය ගැන මොවුන් හිටියේ වෛරයකින්. විශේෂයෙන්ම Charles Manson අසාර්ථක වුනු entertainment industry එකේ ඉහලින් සිටි අය ගැන.

• Sharon Tate murder

Sharon Tate කියන්නේ 60 දශකය අවසාන කාලයේදී හොලිවුඩයේ හිටපු නැගී එන නිළියක්. Manson Family එකට තිබ්බ මතවාද එක්ක මේ වගේ කෙනෙක් එක්ක තරහක් ඇති වෙන එක සාමාන්‍යයයි. ඒත් ඇයි Tate ම? Tate ට මේ අවාසනාවන්ත දේට මුහුණ දෙන්න වෙන්නේ ඇය ජීවත් වෙලා හිටපු නිවස නිසා කිව්වොත් පුදුම වේවි. ඇය ජීවත් වෙලා හිටපු නිවසේ කලින් පදිංචි වෙලා හිටියේ Terry Melcher සහ Dennis Wilson යන දෙදෙනා. Charles Manson ට විශේෂයෙන් මේ Terry Melcher එක්ක පරණ කෝන්තරයක් තිබුණා. Charles හොලිවුඩයේ අසාර්ථක වුනු musician කෙනෙක් කියලා අපි කලින් සඳහන් කලා. Record producer කෙනෙක් වුනු Terry Melcher අතින් Charles ප්‍රතික්ෂේප වීමත් ඒක තමන්ගේ පරිහානියට හේතු වුනා කියලත් Chales හිතා ගෙන හිටියා. ඉතින් Manson Family එකේ නිර්මාණයත් එක්ක Terry තමන්ගේ පළිගැනීම ගන්න සූදානම් වෙනවා. ඒත් ඒ වෙනකොට ඒ නිවසේ හිටියේ අධ්‍යක්ෂවරයෙකු වුනු Roman Polanski සහ ඔහුගේ බිරිඳ වුනු Sharon Tate.

Entertainment industry එක වගේම ධනවතුන් ගැන වෛරයකුන් හිටපු Manson තමන්ගේ සැලසුම වෙනස් කරන්නේ නෑ. ඒ වගේම තමන්ගේ අතේ ලේ ගාගන්නත් Charles Manson කැමති වෙන්නේ නෑ. ඉතින් Roman Polanski තම චිත්‍රපටියේ වැඩකටයුතු සඳහා එංගලන්තය වෙත පිටවී ගිය සිටි 1969 අගෝස්තු 8 දා රාත්‍රියේදී 10050, Cielo Drive, Hollywood Hills නිවසට කඩා වැදුනු Manson Family එකේ සාමාජිකයින් වුනු Tex Watson, Susan Atkins, Patricia Krenwinkel සහ Charles "Tex" Watson යන අය මාස 8 ක ගැබිණියක් වුනු Sharon Tate සහ නිවසට පැමිණි සිටි ඇගේ අමුත්තන් හතර දෙනෙකු සාහසික ලෙස ඝාතනය කරනවා. මේ ඝාතන පිටිපස්සේ කලු ජාතිකයන්ට ඝාතනයේ වරද පටවලා ජාතිවාදය අවුස්සන්නත් Charles ට අවශ්‍ය වෙලා තිබ්බා කියනවා.

කොහොමහරි Manson පවුලේ අවසානය ලෙස හැඳින්වෙන්නේ මේ මිනීමැරුමයි. මේ අපරාධයට ජනතාවගෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. ඒ නිසා Manson පවුල නීතය හමුවට ඉක්මනින් ඉදිරිපත් කරන්න කටයුතු සිද්ධ වෙනවා. පවුලේ ගොඩක් අය සිරගත වුනා වගේම මරණ දඬුවමටද ලක් වෙනවා. Manson Family නමින් වාර්තාමය වැඩසටහනක්ද නිකුත් වෙලා තියෙනවා.

Once Upon a Time..... in Hollywood චිත්‍රපටියට පාදක වුනේ මේ සිදුවීමයි. දෙවෙනි story line එකට ගියොත්,

  1. Cliff Booth

Rick Dalton ගේ කතාව වෙනම යන අතරේ Clif Booth හරහා තමයි අපිට Manson Family එක හඳුන්වලා දෙන්නේ. Rick Dalton ගේ වාහනයෙන් යන අතරමග Cliff ට gypsy තරුණියක් හම්බවෙනවා. ඇයත් එක්ක ඇය නැවතී ඉන්න පළාතට යන Cliff ට ඔවුන් ගැන සැකයක් ඇති වෙනවා. මේ අහිගුණ්ඨිකයින් ජීවත් වෙන්නේ තමන් කලින් චිත්‍රපට රූගත කරපු George Spahn ට අයිති ඉඩමක බව දකින Cliff, gypsy කණ්ඩායම George ගේ ඉඩමේ බලහත්කාරයෙන් නැවතී ඉන්නවාද කියලා සැක හිතනවා. මේ ඉන්න gypsy කණ්ඩායම වෙන කවුරුත් නෙවෙයි, Manson Family එක. ඇත්ත ජීවිතයේත්, අවසාන කාලයේ අන්ධ බවින් පෙළුණු Geoge Spahn ට මුදල් සහ කාන්තාවන් ලබා දී Charles Manson විසින් ඒ ඉඩමේ නැවතී ඉඳලා තියෙනවා.

Cliff Booth, Rick ගේ ගෙදරෙ ඇන්ටනාව අලුත්වැඩියා කරම වෙලාවේ අයිස් ක්‍රීම් ට්‍රක් එකකින් එන්නේ මේ Charles Manson තමයි. Tate ගේ නිවසට ගිහින් Terry ගැන අහන්නෙත් මේ අවස්ථාවෙදියි.

  1. Climax

ඉතිහාස කතාව වෙනස් වෙන්නේ මෙතනින්. Tate ඇතුළු පිරිස මරන්න එන Mason Family එකේ අරමුණ මහ රෑ ජාමෙ එළියට බැහැපු Rick නිසා වෙනස් වෙනවා. Rick සුපිරි නළුවෙක් ලෙස අඳුන ගත්තු ඔවුන් Rick ගේ ගෙදර අයව මරා දමන්න තීරණය කරනවා. මේ අරමුණ වෙනස් වෙන්න ඔවුන් ගන්න හේතුවත් බොහොම විශේෂ එකක්. Western චිත්‍රපටි සහ කතාමාලා වල වෙඩි තබා ගැනීම්, මිනීමැරීම් බහුලව සිද්ධ වුනා. මේවා නිසා සාමාන්‍ය ජනතාවට මේවා යම් තරමකින් සාමාන්‍යකරණීය වෙලා තිබුණා කියන්න පුලුවන්. 60 දශකයේ අග භාගයේදීත් 70 දශකයේදීත් ඇමෙරිකාව තුල වෙඩි තබා ගැනීම්, මිනීමැරීම් සහ ප්‍රචණ්ඩත්වය වැඩි වෙන්නත් මේ චිත්‍රපටි හේතු වුනා කියලා කියන්න පුලුවන්. ඉතින් වියට්නාම් යුද්ධය යන කාලයේදී ඇත්තටම මිනිස්සු මැරෙද්දී, බොරුවට වෙඩි තියාගෙන, මිනී මරාගෙන ධනවත්තු වෙලා ඉන්න වෙන වැඩකට යද්දී මහ රෑ තමන්ට කුණුහරුපෙන් බැනපු Rick Dalton ගැන මේ අයට එන්නෙ ලොකු තරහක්. ඉතින් Tate වෙනුවට Tarantino universe එකේදී එදා රෑ ඉලක්කය වෙන්නේ Rick Dalton ගේ ගෙදර.

චිත්‍රපටිය බලපු අය නම් දන්නවා ඇති එතනින් පස්සේ මොකද වුනේ කියලා. 2019 කියන්නේ හොලිවුඩයේ woke නිර්මාණ එක පිට එක ආපු කාලයක්. ඒ වගේ කාලයකදී, Manson Family එකේ කාන්තාවක් දෙදෙනෙකුට පිරිමි දෙන්නෙක් සහ බල්ලෙක් මූණු පොඩි වෙනකන් ගහලා අමු අමුවේ පුච්චලා දාන දර්ශනයක් තියෙන චිත්‍රපටියක් දාන්න පුලුවන් වුනේ ඉතින් Tarantino ටම තමයි 😂💔

ඉතිහාසය වෙනස් කරන Tarantino ට මේ කතාවට තවත් අවසානයක් තිබිලා තියෙනවා. ඒ Manson Family එක ඇත්තටම Tate ගේ නිවසට යද්දී Rick සහ Cliff ඇවිල්ලා ඔවුන්ව බේර ගන්න එක. ඒත් ඒක අතාත්ත්වික බවින් වැඩි නිසා මේ විදියට කරන්න Tarantino මහත්තයා කටයුතු කරලා තිබ්බා. ඒ වගේම අවසානයටම Rick ගේ සහ Tate ගේ මුණගැස්වීම ගෙනාපු එකෙන් අලුත් සහ පරණ පරම්පරාවන් වල එකතු වීම පෙන්නුවා කියන්නත් පුලුවන්.

අවසාන වශයෙන් Once Upon a Time... in Hollywood චිත්‍රපටිය Tarantino ගේ විශිෂ්ට නිර්මාණයක් කියන්න පුලුවන්. ඒ වගේම Leonardo DiCaprio ගේ සහ Brad Pitt ගේ star power එකෙන් මුලු චිත්‍රපටියම ඇදගෙන ගියා කියන්න පුලුවන්. Margot Robbie වත් අමතක කරන්න බෑ. Once Upon a Time... in Hollywood ගැන ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න.

Admin: Vishwa Jayasankha • ශ්‍රී කොම්