On this day in 2007, Apple unveiled the original iPhone.📱

by Swarnareka Sewwandi

On this day in 2007, Apple unveiled the original iPhone.📱

Share

පළමු iPhone ජංගම දුරකතනය හඳුන්වා දී අදට වසර 16ක් සපිරෙයි.

2007 වසරේ ජනවාරී 9 ඒ කියන්නේ හරියටම අද වගේ දවසක තමයි පළමු වතාවට ඇපල් සමාගමේ නිර්මාතෲ ස්ටීව් ජොබ්ස් විසින් iPhone පිළිබඳව ලොවට දැනුම් දීම සිදුකරන්නේ.

කැලිෆෝනියාවේ සැන්ෆැන්සිස්කෝහි පැවති Macworld Conference and Expo වැඩසටහනේ වේදිකාවට, උදෑසන 9.00 ට ස්ටීව් පැමිණෙන්නේ විනාඩි 40ක දේශනයක් සදහායි. මෙම දේශනයෙන් පසුව හදුන්වා දෙන නව උපාංග වල දසුන් තිරයට වැටීමට නියමිතව තිබුණා.

කතාව සහ ප්‍රසන්ටේශන් එකෙන් පසුව, මෙම උපාංග වල ජායාරූප තිරය මත වැටීමට විනාඩින් 2ක පරතරයක් වෙන්කර තිබුණා, ජායාරූප වල දැක්වෙන iPhone තිරයේ වේලාවද 9.42 ලෙස සටහන් කර භාවිතා කළා. ඒ අදාල අවස්තාව වඩාත් රසවත් කිරීමටයි

කෙසේ නමුත් iPhone හදුන්වාදීමේ කතාවෙන් පසුව විනාඩි 2 කින් නොව විනාඩි 1ක් ඇතුළත මෙම උපාංගයේ දසුන් තිරයේ දිගහැරුණා. ඒ අනුව iPhone හදුන්වා දුන් නිවැරදිම වේලාව 9.41 ලෙසයි සැලකෙන්නේ.

iPhone විතරක් නොවෙයි, MacBook, iPad දැන්වීම්, පොටෝශූට්ස් වල පවා මුල් කාලයේ, 9.42 වේලාව භාවිතා කරනු ලැබුවා. නමුත් වර්තමානයේ අදාල නිවැරදිම වේලාව ලෙස 9.41 භාවිතා වෙනවා.

ඒ 2007 අද වැනි දිනෙක උදෑසන 9.41 ට අයිෆෝනය උපත ලැබූ බව සංකේතවත් කිරීම උදෙසායි!

_______________________________

තවත් අමතර රසවත් කතාවක් විදියට,

මේ මුල්ම අයිෆෝන් අතරින් එකක් ත්‍යාග විදියට ලැබුණු කාන්තාවක් හිටියා. ඇය නමින් ජෙසිකා ග්‍රීන්,
මිතුරෙකු ඇයට දුන්න මේ ත්‍යාගය ගැන ඇගේ උනන්දුව කොයිතරම්ද කිව්වොත් ඒක ඇරලාවත් බලන්න අමතක කරලා තිබුණා. මොකද ඒ වෙද්දී මේ සන්නාමයේ වටිනාකම ගැන ඇයට දැනුමක් තිබ්බේ නෑ. ඒ වගේම ඇය සතුව ඒ වෙද්දිත් වෙනත් ජංගම දුරකතනයක් තිබුණා. ඒ පිළිබදව ඇය සිටියේ සතුටින්.

ඒ නිසා පසුව භාවිතය සදහා ඇය මේ ත්‍යාගය පෙට්ටිය පිටින්ම අරන් තැබුවා.

නමුත් කාලය එක්ක මෙම සන්නාමයේ වටිනාකම ඉහළ යන හැටි ඇය බලා සිටියා. ඒ නිසා මේ පරණ iPhone එක භාවිතා කරන අදහස ඇය අත හැරියේ වෙනත් අදහසක් හිතේ තබාගෙනයි.

2023 ඇය මෙම දුරකතනය ලංසු තැබීමකට ඉදිරිපත් කලා. ඒ පැරණි දෑ එකතු කරන්නන්ගෙන් ඊට හොද වටිනාකමක් ලැබේ යැයි සිතමින්. අවසානයේ ඇය පවා අපේක්ශා නොකළ මට්ටමක ඉහල මිලකට මෙම උපාංගය අලෙවි වුණා. එම අගය ඩොලර් 63,356.50 ක්. (රු.ලක්ශ 200කට අදික මුදලක්) එනම් අදාල දුරකතනයේ සැබෑ වටිනාකම මෙන් 100ගුණයකටත් වඩා වැඩි අගයක්.

ශ්‍රී කොම් වෙනුවෙන් Swarnarekha Sewwandi