King Kong චිත්‍රපටය නිකුත් වී අදට වසර 18යි.

by Yashitha Bhashana

King Kong චිත්‍රපටය නිකුත් වී අදට වසර 18යි.

Share

🗓| On this day 18 years ago King Kong was released. 👑🦍🎬

අතිශය ජනප්‍රිය සහ සාර්ථක King Kong චිත්‍රපටය නිකුත් වී අදට වසර 18ක් සපිරෙයි.

Peter Jackson විසින් අධ්‍යක්ශනය කල King Kong චිත්‍රපට මාලාවේ 8 වැනි චිත්‍රපටය සහ 1933 වසරේ නිකුත් කල King Kong චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස ඇ.ඩො මිලියන 207ක පිරිවැයකින් නිර්මාණය කල මෙම චිත්‍රපටය ලොව පුරා අදායම ඇ.ඩො මිලියන 562.9ක ආදයමක් ලබාගෙන ඒ වන විට Universal සමාගමේ වැඩිම ආදායම් ලද 4 වන චිත්‍රපටය ලෙස පත් වූ අතර 2006 වසරේදී DVD පිටපත් විකිණීමෙන් ඇ.ඩො මිලියන 100ක ආදායමක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම චිත්‍රපටයට සමගාමීව 2005 වසරේම tie-in වීඩියෝ ක්‍රීඩාවක්ද නිකුත් කර තිබෙනවා.

2006 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ Best Sound Editing, Best Sound Mixing සහ Best Visual Effects යන අංශ 3ටම සම්මාන දිනාගැනීමටද සමත් වෙනවා.