3 Idiots චිත්‍රපටය නිකුත් වී අදට වසර 14ක් සපිරෙයි

by The Sri COM

3 Idiots චිත්‍රපටය නිකුත් වී අදට වසර 14ක් සපිරෙයි

Share

🗓| On this day 14 years ago, 3 Idiots was released.🎬 IMDb දර්ශකයේ ලොව හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 85 වන ස්ථානයේ ඇති 3 Idiots බොලිවුඩ් චිත්‍රපටය නිකුත් වී අදට වසර 14ක් සපිරෙයි. Raj Kumar Hirani විසින් අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටය ඉන්දියානු ජාතික කතුවරයෙකු වන Chetan Bhagat විසින් රචනා කල 2004 වසරේ නිකුත් වූ Five Point Someone ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර එම ග්‍රන්ථයේ පිටපත් මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇත. ඉන්දියානු රුපියල් කෝටි 55 පිරිවැයකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ලොව පුරා ආදායම ඉන්දියනු රුපියල් කෝටි 400ක් ලබාගෙන තිබෙන අතර IMDb දර්ශකයේ ලොව හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 85 වන ස්ථානයේ සහ ඉන්දියානු සිනමා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට අතරටද එකතු වී තිබෙනවා. 2009 වසරේ Nanban නමින් දමිළ භාෂාවටද 2017 වසරේ 3 Idiotas නමින් මෙක්සිකානු භාෂාවටද ප්‍රතිනිර්මාණය වී තිබෙනවා.