GTA V නිකුත් වී අදට වසර 10යි.

by Yashitha Bhashana

GTA V නිකුත් වී අදට වසර 10යි.

Share

🗓| On this day 10 years ago, GTA V was released 🎮
ලොව ජනප්‍රියතම වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන GTA හෙවත් Grand Theft Auto ක්‍රීඩා මාලාවේ 5 වන දිගහැරුම වන GTA V වීඩියෝ ක්‍රීඩාව නිකුත් වී අදට වසර 10ක් සපිරෙයි.
GTA V ගැන පොඩි විස්තර කිහිපයක් බලමු.
▫️ඇ.ඩො බිලියන 6ක ආදායමක් ලබාගනිමින් දැනට ලෝකයේ නිර්මාණය කර ඇති චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා සංගීත ඇල්බම් වැනි ඕනෑම විනෝදාස්වාද (entertainment) නිර්මාණයකින් වැඩිම ආදායමක් ලබා ඇති මාධ්‍ය නිර්මාණය.
▫️පිටපත් මිලියන 185ක් අලෙවි කරමින් ලොව දෙවෙනියට වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති වීඩියෝ ක්‍රීඩාව
▫️නිකුත් කර දින 3කදී ආදායම ඇ.ඩො බිලියනය පසු කරමින් දැනට ලෝකයේ නිර්මාණය කර ඇති ඕනෑම විනෝදාස්වාද (entertainment) නිර්මාණයක අඩුම කාලයක් තුලදී ඇ.ඩො බිලියනය සීමාව පසු කිරීම.
▫️මෙහි නිර්මාණ කටයුතු සඳහා ඇ.ඩො මිලියන 285ක් වැය වී ඇති අතර නිකුත් කර පැය 24ක් තුල ඇ.ඩො මිලියන 815ක ආදායමක් ලබාගනිමින් වියදමෙන් 3 ගුණයකට ආසන්න ආදායමක් ලබාගැනීම.