Nokia ගෙනා නයි ගේම් එක

by Swarnareka Sewwandi

Nokia ගෙනා නයි ගේම් එක

Share

අද අපි #SriCOMat7 වලින් කතා කරන්නේ අතිශය ජනප්‍රිය නයි ගේම් එක ගැන.

අඟල් දෙකක් පළල කළුසුදු තිරය මත ඔබ විනෝදාශ්වාදයෙන් පිරවූ මේ කුඩා උරගයා මතකද?

සමාජ මාධ්‍ය නොතිබූ එම යුගයේ “මල් කැඩීමට” අමතරව, බොහෝ දෙනෙකු දුරකතන සමග කාලය කා දැමූ ප්‍රධානම ආකාරයක් වුණේ මෙන්න මේ ක්‍රීඩාවයි.

බොහෝවිට පොලවේ ගැසුවත් කිසිදා නොකැඩෙන, නොකියා ජංගම දුරකථනයේ කී පෑඩය ගෙවී ගියේ ඇමතුම් ලබාගෙන නම් නොවේ..

ඉතිං...!
අනූව දශකයෙන් ඈතට වැඩිම දෙනෙකු ක්‍රීඩාකල පලමු ක්‍රීඩාව වියහැකි,
නයි ගේම් එක නැත්තන් Snake Game ගැනයි මේ!

මුල් කාලීන ජංගම දුරකතන හා බැදි ක්‍රීඩා පිළිබදව මතක් කරද්දී "නයි ක්‍රීඩාව" (Snake Game) කියන්නේ ලෝකයට අමතක කළ නොහැකිම යමක්.
බොහෝ දෙනෙක් මෙය ක්‍රීඩා ක්ශේත්‍රය තුල එතෙක් මෙතෙක් බිහිවූ වටිනාම සහ ජනප්‍රියම ක්‍රීඩා වලින් එකක් ලෙසයි හදුන්වන්නේ.

මෙම ක්‍රීඩාව මුලින්ම නිකුත් වෙන්නේ 1997 වසරේදී, Nokia 6110 දුරකතන මාදිලිය සමගයි. එය නිර්මාණය කිරීමේ ගෞරවය ෆින්ලන්ත ජාතික ටනෙලි අර්මෙන්ටෝහට හිමිවෙනවා.

මේ පළමු සංස්කරණය සැලකිය යුතු මට්ටමක ජනප්‍රියත්වයක් අත්කරගත් බව සැබෑයි. නමුත් එතෙක් මෙතෙක් හදුන්වාදුන් ජනප්‍රියම " නයි-ක්‍රීඩාව " වූයේ 2000 වසරේ Nokia 3310 ජංගම දුරකතන මාදිලිය සමග නිකුත් වූ සංස්කරණයයි. ලංකාවේ නම්
ගොඩක්ම ජනප්‍රිය වුනේ Snake Xenzia සංස්කරණය.

එම දුරකතනයේ දිර්ඝ කාලයක් පවතින බැටරිය සහ අනෙක් වැඩිදියුණු කළ ලක්ෂණ නිසා අලෙවි වූ ඒකක ගණන විශාල අගයක් වුණා.

දුරකතනය මූලිකව සන්නිවේදන උපකරණයක් වුවත් මෙම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය එකළ නොකියා 3310 දුරකතන මාදිලියේ විකුණුම් අගය විශාල ප්‍රමාණයකින් ඉහල දැමීමට සමත් වූ ප්‍රබලම හේතුවක් බව නොරහසක්!

මෙම දුරකතන මාදිලියේ ඒකක මිලියන 350ක් පමණ අලෙවි වූ අතර, එම සියළු දුරකතන තුල මෙම ක්‍රීඩාව අන්තර්ගත වුණා.

කෙසේ නමුත් ලොව පළමු, නයි - ක්‍රීඩාව (Snake Game) නිර්මාණය කරනු ලැබුවේ
1976 වසරේ ග්‍රෙම්ලින් සමාගමයි (Gremlin Industries) එම ක්‍රීඩාවත් බෙහෙවින් ජනප්‍රිය වුණත් ක්‍රීඩා කිරීමට ආකේඩ් එකකටම යෑම අවශ්‍ය වුණා. ඒ නිසා මෙය පුළුල් ජනතාවක් වෙත යෑම සීමා වුණා.

ජංගම දුරකතනය හරහා මෙවන් ක්‍රීඩාවක් හදුන්වා දීම වඩා ජනප්‍රිය සහ සාර්තක යමක් වූයේ ඒ නිසයි. ජංගම දුරකතනයක් සතු ඕනෑම කෙනෙක්ට, ඕනෑම තැනක, ඕනෑම වෙලාවක ගෙවීමකින් තොරව මෙම ක්‍රීඩාවේ යෙදීමට ඒ හරහා අවකාශය ලැබුණා.

නොකියා ජංගම දුරකතන සමාගම තම දුරකථනයට මුලින්ම දැමීමට තීරණය කර තිබුණේ තවත් ජනප්‍රිය ක්‍රීඩාවක් වූ Tetris ක්‍රීඩාවයි. ටැනෙලි අර්මන්ටො මෙම යෙදුම දුරකථනයට ඇතුලත් කිරීමට සියළු කටයුතු සම්පූර්ණ කර තිබුණා.

නමුත් මෙය අවසාන මොහොතේ අත්හැර දැමුණා. ඒ ටෙට්‍රිස් සමාගම විකිණෙන සෑම ජංගම දුරකතනයකින්ම ක්‍රීඩාව වෙනුවෙන් කතෲ භාගයක් ඉල්ලුම් කළ නිසයි.

ඒ නිසා ටෙට්‍රිස් වෙනුවට ඔවුන් Snake game එක තෝරගනු ලැබුවා. ඊට එක් නිශ්චිත අයිතිකරුවකු නොසිටීම එම තේරීම පහසු කළා.

2005 වසරේ ටනෙලි අර්මන්ටෝ
Mobile Entertainment Forum (MEF) ලබාදුන් විශේෂ ගෞරව සම්මානයයකින් පිදුම් ලැබුවා. ඒ ජංගම දුරකතන ක්‍රීඩා යුගය හා බැදි විනෝදාශ්වාදය වෙනුවෙන් ඔහුගේ කැපී පෙනෙන දායකත්වය උදෙසායි.

මෙම Snake ගේම් එක එම දායකත්වයේ ප්‍රමුඛතම සංදිස්ථානයක් !

2017 Mobile World Tech සන්දර්ශනයේදී Nokia සමාගම නැවත classic Nokia 3310 වෙළදපොළට නිකුත් කරන බව ප්‍රකාශ කලා. ඒ පැරණිතම නයි ක්‍රීඩාව අන්තර්ගත කරමින්, ඒ නිසාම මේ සීමිත නිකුතුවේ දුරකතන ඉතාම සීග්‍රව අලෙවි වී ගියා.

බොහෝ දෙනෙකුගේ ළමාවිය හා බැඳුණු අතීතකාමයක් මේ කුඩා ජංගම දුරකතන සහ නයි ක්‍රීඩාව සමග පැවතීම මීට හේතුවක් වුණා.

ඒ බව දන්නා නිසාම, බොහෝ දෙනෙකු ආසා කළ ළමාවියේ ගිළිහුණු මතක අලුත්කර ගැනීම උදෙසා නොකියා සමාගම මේ දුරකතනය නැවත වෙලදපොළට ඉදිරිපත් කිරීම සිදුකර තිබුණා..

◻️දැනුමට

▫️වෙළදපොළේ වර්ධනය සහ වෙනස්කම් සමග නොකියා සමාගම දියුණු ග්‍රැෆික් වර්ණ පසුතල සහිත නවීකරණය වූ යාවත්කාලීන වීම් රැසක් වෙලඳපොළට නිකුත් කළා .

Snake Game හි යාවත්කාලීන කිරීම්.

මෙම සංස්කරණ, දුරකතන මිලියන, 400කට අධික ප්‍රමාණයක අන්තර්ගත වූණා.

▫️ලබාගත හැකි උපරිම ලකුණු සහ මට්ටම්,
ලකුණු ප්‍රමාණය මෙම සමීකරණය අනුව නිර්ණය වේ

දුරකතන ස්ක්‍රීනයේ බිට් ප්‍රමාණය(212)*
ක්‍රීඩා මට්ටම(1-9) + එක් මට්ටමකට අමතර බෝනස් 100 බැගින්..
(212) X level (1 - 9) + 100 bonus

1.මට්ටම
(2121)+100=312
1.මට්ටම
(212
2)+100=524

ඔයාලගෙත් මේ නයි ගේම් එක ගැන පොඩි කාලේ මතකයන් අවදි කරගෙන යමු.