මොකක්ද මේ No Nut November කියන්නේ? මේ දවස්වල ඔයාල සමාජ මාධ්‍යවල මේ ගැන මීම්ස් එහෙම ගොඩක් දකින්න ඇති. බලමු මේ මොකක්ද කියල
ශීත ඍතුවේ ආරම්භය සනිටුහන් කරන නොවැම්බර් මාසය කියන්නේ සංස්කෘතික අංගවලින්, විවිධ උත්සවවලින් සහ විවිධ සැමරුම්වලින් පිරුණු විනෝදය පිරුණු මාසයක්.. මොකද හිම වැටෙන්න ගත්තට පස්සේ ලෝකයේ බොහෝ රටවල්වල (අපිට වගේ සෞම්‍ය දේශගුණයක් නැති) වැඩ කටයුතු සීමා වෙනවා. ඒ නිසා නොවැම්බරය කියන්නේ විනෝදයෙන් කාලය ගත කරන කාලයක්..
2010 - 2011 වසරේ දී Reddit කියන සමාජ මාධ්‍ය හරහා තරුණයින් පිරිසක් එකතු වෙලා පොඩි සංස්කෘතික අංගයක් ලෝකයට හඳුන්වලා දෙනවා. ඒ තමයි 'No Nut November (නෝ නට් නොවැම්බර්)' කියන්නේ. ගැහැනු ළමයින්ට නම් මේ සංස්කෘතික අංගය අදාළ නැහැ. මේ දවසත් හරියට ගැහැනු ළමයිගේ No Bra Day වගේ.
මේක ආරම්භ කරපු කාලේ ඉඳලා තියෙන්නේ 100ක්, 200ක් වගේ පොඩි පිරිසක්. හැබැයි කාලයත් එක්ක මේක ව්‍යාප්ත වෙන්න අරන් සමාජ මාධ්‍ය හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වුණා. අද වෙද්දි ලෝකයේ බොහෝ රටවල තරුණයන් අතර ප්‍රසිද්ධ සංස්කෘතිකාංගයක් වෙලා කිව්වොත් හරි.
මේ කාලේ මොකක්ද වෙන්නේ?
ඇත්තටම කිව්වොත් නොවැම්බර් මාසය පුරාවටම කිසිදු ලිංගික ක්‍රියාකාරකම නොයෙදී ඉන්න එක තමා මේ සංස්කෘතික අංගයේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ ස්වයං වින්දය (masturbation), ලිංගික එක්වීම් (Sex) සහ ශුක්‍රානු විසර්ජනය (ejaculation) කිරීම නවත්වන එක වගේ දේවල් කරනවා. තරුණයෙක් ස්වයංව තමන්ගේ ලිංගික ක්‍රියාකාරකම් පාලනය කරගන්නවා කිව්වත් හරි..
මේ සංස්කෘතික අංගය හරහා මේකට සහභාගී වන අය අපේක්ෂා කරනවා පිරිමි අයගේ හෝමෝන වන ටෙස්ටෙස්ටරෝන් හී හෝමෝන ක්‍රියාවලියට ඉතාමත් හොඳ තත්ත්වයකට ගන්න මේ මාසයට හැකියි කියලා. කෙටියෙන්ම කිව්වොත් තරුණ ජවය වැඩි වෙනවා කියන එකයි. මේ කාලේ දී තරුණ පිරිස් ඔය ක්‍රියාකාරකම්වලින් වැළැකී ඉන්න කරන්නේ කෑම්පින් යන එක, විනෝද ජනක වැඩවලට සම්බන්ධ වෙන එක, ගමන් බිමන් යන එක වගේ දේවල්. මොකද කළින් කිව්වා වගේ සීත ඍතුව ආරම්භ වුණාට පස්සේ ඒ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ.
ඉතින් මේ කාලයේ ගොඩාක් තරුණ පිරිස් සෑහෙන්න විනෝද වෙනවා.. මේ කාලේ හැබැයි අසැබි දර්ශන සහිත වෙබ් අඩවිවලට නම් හොඳ කාලයක් නෙමෙයි.
මේක කරන්නම ඕන කියලා නීතියක් හෝ එවැනි බලපෑමක් මේ සංස්කෘතික අංගය ඇතුළේ නැහැ. ඉතින් තමන්ට කැමති නම් ස්වයං ව ඉදිරිපත් වෙලා කරන්න පුළුවන්. හැබැයි ඇතුළත් වෙලා ඉඳලා එක පාරක් හරි අර උඩ කියපු දෙයක් කළොත් නම් එළියට විසි වෙනවා කියලත් කියන්න ඕන.
ක.අ.ඇ
✍️#සංජේ • ශ්‍රී කොම්
ඔයාලටත් පුළුවන් මේ ගැන යාළුවන්වත් දැනුවත් කරල මේ challenge එක බාරගන්න.. 😉