නෙට්ෆ්ලික්ස් නිර්මාතෘ රීඩ් හෑස්ටින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි
නෙට්ෆ්ලික්ස් හි නිර්මාතෘවරයා වන රීඩ් හෑස්ටින්ග්ස් තමන් මෙතෙක් කල් පාලනය ගෙනගිය නෙට්ෆ්ලික්ස් ප්‍රධානී තනතුරෙන් ඉවත් වී මෙතැන් සිට සම විධායක නිලධාරී තනතුරේ කටයුතු කරන බව නිවේනය කර තිබෙනවා. මේ ගැන සඳහන් කරමින් රීඩ් පවසා තිබුනෙ නෙට්ෆ්ලික්ස් අධ්‍යක්ෂක මණ්ඩලය නිතරම සමාගමේ සාර්ථකත්වය ගැන සාකච්ඡා පවත්වන අතර ඒවායේදි සමාගමේ නිර්මාතෘවරුන්ද ඇතුලුව සමාගමේ තනතුරු සහ පරිපාලනය වෙනස් විය යුතු බව සාකච්ඡා කල බවයි.
“Our board has been discussing succession planning for many years (even founders need to evolve!), As part of that process, we promoted Ted to co-CEO alongside me in July 2020, and Greg to Chief Operating Officer — and in the last 2½ years I’ve increasingly delegated the management of Netflix to them.”
පහුගිය අවුරුදු එකහමාරක පමණ කාල සීමාම ඇතුලත නෙට්ෆ්ලික්ස් හි Subscribers ලාගෙ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමත් සමග 2022 වසරේ අවසාන කාර්තුව තුලදී ඔවුන් ක්‍රියාත්මක කල නව සැලසුම් සහ නව අඩු මිල පැකේජයන් නිසා ඔවුන් අපේක්ෂා කල ප්‍රමාණයට වඩා මිලයන 4.5 ක ග්‍රාහකයන් ප්‍රමාණයක් 2022 වසරේ අවසාන මාස 3 ක කාලය ඇතුලත නෙට්ෆ්ලික්ස් හා එක්වී තිබෙනවා.එකම් එම මාස තුනක කාල සීමාව ඇතුලත Subscribers ප්‍රමාණය මිලියන 7.6 ක් නෙට්ෆ්ලික්ස් සමඟ එක්වී ඇතැයි ඔවුන් පවසනවා.
Via: CNN