ජාතික මිතුරෙකුගේ ණය ගෙවීමේ දිනය අදයි.

by Yashitha Bhashana

ජාතික මිතුරෙකුගේ ණය ගෙවීමේ දිනය අදයි.

Share

අද Sri COM at 7 වලින් කතා කරන්නේ අද දවසේ තියෙන වැදගත්කමක් ගැන.

🗓| National Pay Back a Friend Day
ජාතික මිතුරකුගේ ණයගෙවීමේ දිනය
ඔක්තෝබර් 17.

මුදල් මිනිසුන් අතර මිත්‍ර-සබඳතාවලට බලපාන ආකාරය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් පස්සේ “බෑන්ක් ඔෆ් ඇමරිකා” විසින් ඇමරිකාව තුළ නම්කල ජාතික දිනයක් තමයි මේ..

බෑන්ක් ඔෆ් ඇමරිකා මගින්. “Friends Again Report” නමින් මේ අධ්‍යයන වාර්තාව නම් කරලා තියනවා. ඒ අනුව ඊට සහභාගී වූ අය අතරින් හොදම මිතුරන් සමග මිත්‍රත්වය කඩවීමට හේතු සලකා බලද්දී 53% ක් මිතුරන් අතර ඒ හේතුව වෙලා තියෙන්නේ
මිතුරෙකුට මුදල ණයට දීම සහ එය ආපසු නොගෙවීමෙන් පසු මිත්‍රත්වය බිදීමයෑම හෝ එය අවසන් කර දැමීමයි.

ඒ හේතුව නිසාම ඔවුන් අද දිනය, ජාතික මිතුරෙකුගේ ණය ආපසු ගෙවීමේ දිනය ලෙස නම් කරලා තියෙනවා.

සමරන අයුරු😁

⏹️මේක සමරන්න පුලුවන් ණයක් අරන් තියෙන කෙනෙක්ට විතරයි. ඒ ණය කොච්චර කුඩා එකක්ද ,කොච්චර පරණ එකක්ද කියලා අදාල නෑ.
සමරන්න ඕනේ ක්‍රමය තමා මේ දැන්ම ඒ ණය ගෙවලා දාන එක..

⏹️එහෙම අදම ගෙවන්න අමාරු නම්, ඒ පිළිබද තමාට මතක බවත්, එය නැවත ගෙවන බවත් එම ණය ලබාදීම පිළිබදව ස්තූතියත් පළකරන්න පුලුවන්.

⏹️ඒ වගේම මේ දවස තමන් ගෙවිය යුතු ණය තියෙනවනම් ඒවා පිළිවෙලකට එක තැනක ලැයිස්තු ගතකරගෙ .. ඒවා ගෙවන විදිය සැලසුම් කරගන්නත් යොදාගන්න පුලුවන්.

ණය සහ මිතුරන් වෙන්කර තබා ගතයුතු වීමට හේතු

⏹️ ලංකාවේ අපි විතරක් නෙවෙයි ඇමරිකානුවන්ගෙන් 80%ක්ම ණය දීමෙන් මිතුරා සහ මුදල් දෙකම නැතිවේ කියන සංකල්පය පිළිගන්නා බව දැක්වෙනවා..

⏹️පරම්පරා බෙදීම් අතින් ගත්තම 90 අග විශේෂයෙන් 2000න් පස්සේ උපන් පරම්පරාවට මේ යාලුවන්ගෙන් ණය ගැනීම සහ ඒවා ගෙවීම සම්බන්දව තියෙන්නෙ ඉතාම නරක කීර්තනාමයක් බවත් පැවසෙනවා..

⏹️සියළුම ඇමරිකානුවන් සැලකුවත් 50%කට එහා මිතුරුකම් නැතිවෙලා තියෙන්නේ මේ ණය ගැනීම් නිසා කියලයි මේ වාර්තාව පැහැදිලි කරන්නේ.

ඒ අගය ස්ත්‍රී පුර්ෂ භාවය අනුව සැලකූ කල, කාන්තාවන් අතරින් 60% ක ප්‍රතිශතයක් සහ පිරිමින් අතර 40% ක ප්‍රතිශතයක්. ඒ කියන්නේ ණය සම්බන්දව කාන්තා පාර්ශවය පිරිමි අයට වඩා බරපතලව වද වෙන බවයි.

මෙම ණය ප්‍රමාණය එක් පුද්ගලයකුට සාමාන්‍ය අගයක් ලෙස සැලකූ විට ඇ.ඩො 2092ක් වගේ අගයක (ආසන්නව රුපියල් 68,000) පවතින බවත් දැක්වෙනවා.

මෙම දිනයේ වැදගත්කම

⏹️මුදල් නැතිවීම ,විශ්වාසය කඩවීම අවසානයේ මිතුරෙකු අහීවීම කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ට ඇතිවිය හැකි සුළු හෝ ආතතිදායක තත්වයක්.

⏹️මේ දිනය ඔබ සතු සන්නිවේදනය හැකියාව දියුණුකරගන්න වගේම නැතිවුණ යහලුවෙක් ආයෙම ලබාගන්නත් භාවිතා කරන්න පුලුවන්

ඉතිං,ඇමරිකාවේ නොවුණත් හොදට මතක් කරලා යාලුවෙක්ගේ ණයක් එහෙම තියෙනවනම් ගෙවලා දාලා මේ දිනය ඕනම කෙනෙක්ට සමරන්න පුලුවන්,

ගන්න බැරි ණයක් තියෙනවනම් දවස පිටින් දාල හරි මෙන්ශන් කරලා ඒක ලබාගන්න බලන්න.. නැත්තන් ලිස්ට් එකේ ඉන්න ඔයාට ණය ගන්න තියෙන අයට පේන්න මේක ශෙයාර් කරන්න.

✍️ සටහන: ස්වර්ණරේඛා සෙව්වන්දී • ශ්‍රී කොම්