🪐| Nasa makes oxygen on Mars using Perseverance Rover
ශිෂ්ටාචාරයේ පළමු වරට මිනිසා විසින් වෙනත් ග්‍රහලොවක ඔක්සිජන් නිපදවයි.
සුනඛ පැටවෙක් සඳහා පැය 10ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් Oxygen නිපදවීමට අඟහරු මත ක්‍රියාත්මක NASA Perseverance රෝවරය සමත් වී තිබෙනවා.
රෝවරය තුළ අඩංගු MOXlE නම් උපකරණය මඟින් Oxygen නිපදවූ බවත් මෙහිදී oxygen 122g ක් නිපදවා ඇති බවටත් NASA ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. වෙනත් ග්‍රහලොවක් තුළදී මිනිසා විසින් ඔක්සිජන් නිපදවූ පළමු අවස්තාව ලෙසද මෙය ඉතිහාස ගත වනවා.
අඟහරු ග්‍රහයාගේ වායුගෝලය 96%ක් ම Carbon dioxide වායුවෙන් සමන්විත අතර මෙය මිනිසාට අහිත කර වන අතර Perseverance රෝවරයේ ඇති MOXIE නම් උපකරණය මඟින් වායුගෝලයේ ඇති Carbon dioxide වායුවෙන් Oxygen පරමාණු වෙන් කර ගැනීමේ හැකියවක් පවතින අතර එයට පැයක් තුළදී Oxygen ග්‍රෑම් 128ක් නිපදවීමට හැකියාවක් ඇති බවත් මෙම ඓතිහාසික මට්ටමේ පරීක්ෂණයේ සාර්තකත්වය හේතුවෙන් නුදුරු අනාගතයේ අඟහරු හෝ සඳ මත ජනාවාස ඉදිකිරීමේ හැකියාව තහවුරු කරන බවටත් NASA ආයතයන පවසනවා.
අනාගතයේදී මෙම තාක්ෂණය වඩාත් දියුණු කර භාවිතා කරමින් වෙනත් ග්‍රහලොවක් තුල Oxygen ගොඩ නැගීමට අවස්තාව හිමිවන බවත් වෙනත් ග්‍රහලොවක් තුලදී Rocket අභ්‍යවකාශ ගත කිරීම සඳහා අවස්ථාව ලැබෙන අතර මෙය මිනිසා බහු ග්‍රහලෝක ජීවියෙක් බවට පත් වන ඓතිහාසික ජයග්‍රහනයක මූලික අඩිතාලමක් බවට NASA විඳ්‍යාඥයන් විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.