🇱🇰| Nas Daily to create content for Sri Lanka Tourism.
ප්‍රසිද්ධ අරාබි-ඊශ්‍රායල් ජාතික Vlogger කෙනෙකු වන නැස් ඩේලි (Nas Daily) ලෙස හඳුන්වන Nuseir Yassin ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් වීඩියෝ පට තුනක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.
- Why invest in Sri Lanka (ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ ඇයි?)
- The craziest train ride in Sri Lanka (ශ්‍රී ලංකාවේ පිස්සුම දුම්රිය ගමන)
- Waterfalls in Sri Lanka (ශ්‍රී ලංකාවේ දියඇලි)
යන විවිධ තේමා යටතේ නැස් ඩේලි වීඩියෝ තුනක් නිෂ්පාදනය කරන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ මෙම වීඩියෝ නිර්මාණ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද වාර්තා වෙයි.
එමෙන්ම මීට පෙර කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ දී දිවයිනේ සිරවී සිටි සංචාරකයන් රැකබලා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරමින් වීඩියෝවක් ද ඔහු විසින් පළ කර තිබේ.