කුසුමලතා මහගම සේකර මහත්මිය මිය යයි.

by Yashitha Bhashana

කුසුමලතා මහගම සේකර මහත්මිය මිය යයි.

Share

🕯| Mrs. Kusumalatha Mahagama Sekara, the beloved wife of the late literary great – Mahagama Sekara, passed away today. 🪦💐

නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගම සේකරයන්ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කවියෙකු පමණක් නොව ගේයපද රචකයෙකු නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, ළමාකතා රචකයෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, කංචුක නිර්මාණ ශිල්පියෙකු, තිර රචකයෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද මහගමසේකරයන් ප්‍රසිද්ධියක් ඉසිලීය.
පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කර ඇත.
ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයක ම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහප්‍රාප්ත වූවාය.
මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු විය.
අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මිය ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා පෙරවරු 10.00ට තැන්පත් කරන බව වාර්තා වේ.
අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව සඳහන්ය.