ජනප්‍රිය YouTuber කෙනෙකු වන MrBeast විසින් ඔහුගේ පෞද්ගලික ධනයෙන් පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳින මිනිසුන් සඳහා අප්‍රිකාවේ නළ ලිං 100ක් ඉදිකර දී තිබෙනවා. මෙම නළ ළිං ආධාරයෙන් පුද්ගලයින් මිලියන බාගයකට පමණ පිරිසිදු පානිය ජලය ලබාගත හැකි බවට වාර්තා වෙනවා.
මීට අමතරව ඔහු විසින් අප්‍රිකාව තුල
- ළමයින් හට පහසුවෙන් ගමන් කිරීමට පාපැදි ලබාදීම
- පාසල් තුල පරිගණක සවිකිරීම
- ක්‍රීඩා උපකරණ ලබාදීම
- නව මේස සහිත පන්තිකාමර සකස් කිරීම
- පාසල් තුල අවශ්‍ය පොත්පත් සමඟ පුස්තකාල ඉදි කිරිම.
වැනි දේවල්ද සිදු කර තිබෙනවා.
මීට පෙර ඔහු විසින් ඇසේ සුද හේතුවෙන් ඇස් නොපෙනන පුද්ගලයන් 1000ට පෙනුම ලබාදීමේ සැත්කම්ද නොමිලේ සිද්ද කර දී තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් MrBeast විසින් පවසා තිබුනේ
“මම දන්නවා YouTuber කෙනෙක්ට මේ හැම දෙයක්ම කරන්න වෙන එක අමුතුයි කියල,
ඒත් කවුරුහරි මේවා කරන්න ඕන, කවුරුත්ම කරන්නේ නැත්තම් අපි හරි ඒක කරන්න ඕනේ”