Mr.Beast youtube හි වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් ඇති තනි පුද්ගල නාලිකාව වෙයි.

by Yashitha Bhashana

Mr.Beast youtube හි වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් ඇති තනි පුද්ගල නාලිකාව වෙයි.

Share

▶️| MrBeast becomes first individual YouTuber to hit 200M subscribers mark on the platform.

YouTube හි තනි පුද්ගල නාලිකාවක් subscribers හෙවත් ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 200 සීමාව පසු කළ ප්‍රථම නාලිකාව හිමි පුද්ගලයා බවට MrBeast පත් වෙයි.

Youtube හි ලොව දෙවනියට වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණයක් හිමි නාලිකාව වන්නේද MrBeast වන අතර මිලියන 251 ග්‍රාහකයින් ප්‍රමාණයක් ලබාගනිමින් ලොව වැඩිම ග්‍රාහකයින් ප්‍රමාණයක් හිමි නාළිකාව වන්නේ ඉන්දියානු music record label සමාගමක් වන T-Series නාලිකාව වේ.

MrBeast හෙවත් James Stephen Donaldson YouTube හි ඔහුගේ නාලිකාව ආරම්භ කරන ලද්දේ ඔහු 13 වියේ පසු වන විට 2012 වසරේ වන අතර ග්‍රාහකයන් 100,000 සීමාව පසු කරන ලද්දේ 2016 වසරේදීය.

MrBeast ග්‍රාහකයන් ප්‍රමාණය ලබාගත් වසරවල්

▫️ග්‍රාහකයින් 100,000 2016
▫️ග්‍රාහකයින් 1,000,000 2017
▫️ග්‍රාහකයින් 10,000,000 2018
▫️ග්‍රාහකයින් 50,000,000 2021
▫️ග්‍රාහකයින් 100,000,000 2022
▫️ග්‍රාහකයින් 200,000,000 2023

ඒ වගේම 2023 වසරේ පෙබරවාරි මස MrBeast විසින් ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමව සිටි පුද්ගලයන් 1000ට තම වියදමින් සුද ඉවත් කිරීමේ සැත්කමද කිරීමට යෙදුන අතර ඔහු විසින් YouTube ඔස්සේ උපයන ධනය සුභසාධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

ලොව වැඩිම ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින YouTube නාලිකා.

නාලිකාව ග්‍රාහකයින්(මිලියන) රට
1️. T-Series 251 ඉන්දියාව
2️. Mr Beast 200 ඇමරිකාව
3️. Cocomelon 166 ඇමරිකාව
4️. Sony Entertainment Television India 164 ඉන්දියාව
5️. Kids Diana Show 114 යුක්‍රේනය/ඇමරිකාව

මේ වන විට ලොව වැඩිම ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින YouTube නාලිකා 50 ලැයිස්තුවේ නාලිකා 20ක් ඉංග්‍රීසි භාශාවෙන් නිර්මාණ බෙදාහරින අතර නාලිකා 17ක් හිංදි භාශාවෙන් නිර්මාණ බෙදාහරි.