රූපවාහිනියේ වැඩිම දෙනෙක් දැක ඇති මිනිසා ලෙස Knight Rider කතා මාලාවේ මයිකල් නයිට් චරිතය රඟ දැක්වූ David Hasselhoff ගිනස් වාර්තා පොතට

by Yashitha Bhashana

රූපවාහිනියේ වැඩිම දෙනෙක් දැක ඇති මිනිසා ලෙස Knight Rider කතා මාලාවේ මයිකල් නයිට් චරිතය රඟ දැක්වූ David Hasselhoff ගිනස් වාර්තා පොතට

Share

📺ලොවපුරා ටෙලිතිරේ ප්‍රකටම මුහුණ📺

මයිකල් ඩේවිඩ් හැසල්හොෆ්, නැත්නම්
“ද හොෆ්” කියන කෙටි නාමයෙනුත් හැදින්වෙන මේ ඇමරිකානු නලුවා තමයි ඔහු..

අපිට නම් ඔහු හැමදාම නයිට්‍රයිඩර් හි “මයිකල් නයිට්” නම් වුණා...

එවකට තිස්වන වියේ පසුවූ ඔහුට මේ වෙද්දි වයස අවුරුදු 71ක්!

ලොව පුරා රූපවාහිනිය තුළ වැඩිම දෙනෙක් දැක තිබෙන මිනිසා ලෙස ගිනස් වාර්තාවක් තබන්නත් ඩේවිඩ් සමත්වුණා .
(most watched man on TV- Guinness World Record)

ඒ Baywatch, Knight Rider, The Young and The Restless වැනි ලොව පුරා ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය හරහායි..

ඒ අතරිනුත්, වසර 10ක් පුරාවට රටවල් 144ක පමණ විකාශය වූ Baywatch ටෙලිනාට්‍ය ඔහු ලැබූ මේ ප්‍රසිද්ධියට විශාලම හේතු සාදකයක් වුණා. සරල කතා තේමාව සහ එහි වූ ආකර්ශණීය බව නිසාම ඉංග්‍රීසි භාෂාව එතරම් භාවිතා නොවන චීනය වැනි දැවැන්ත විනෝදාත්මක වෙලදපොළක් සහිත රටවල පවා මේ නාට්‍ය ලැබූ ජනප්‍රියත්වය අතිමහත්.

Baywatch නාට්‍ය විකාශය වූ සහ නොවූ රටවල Knight Rider කතාමාලාවද විකාශය වූ අතර, Baywatch ජනප්‍රිය නොවූ රටවල ප්‍රේක්ෂකයන් පවා එම කතමාලාව වැලඳ ගනු ලැබුවා.

රංගනයට පමණක් නොවෙයි ඩේවිඩ් හැසල්හොෆ් රොක් ගායනයට සහ ගිටාර් වාදනයටත් දක්ශයෙක්

America’s Got Talent (2006–2009) සහ Britain’s Got Talent (2011) වැනි රියැලිටි ශෝ වල විනිසුරුවකු ලෙසත් අපිට ඩේවිඩ්ව දකින්න ලැබුණා.

✍️ සටහන: ස්වර්ණරේඛ සෙව්වන්දි • ශ්‍රී කොම්