ලොව බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ලෙස පුෂ්පා රම්‍යාණි මෙනෙවියට සම්මාන 2ක්..

by Yashitha Bhashana

ලොව බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ලෙස පුෂ්පා රම්‍යාණි මෙනෙවියට සම්මාන 2ක්..

Share

🏆| Pushpa Ramya De Zoysa won two international awards for “Most Powerful and Influential Women Award” by the British Parliament and the country's Global Chamber of Commerce

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පවත්වන London Chamber of Commerce හෙවත් ලන්ඩන් වාණිජ මණ්ඩලයෙන් “ලොව බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව” (Most Powerful and Influential Women Award) ලෙස නම් කරමින් සම්මානයට පාත්‍ර විය

පසු ගිය 15 වනදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි විය. දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් , විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ සදහා නියෝජනය කර තිබුණි.

තවද London Chamber of Commerce හි පැවැති G20 Initiative Global Economic Forum Summit London සංවිධානය මගින්
Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය.

World Humanitarian Foundation විසින් මෙය සංවිධානය කර තිබුණ අතර හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය විය.

මේ සදහාද බොහෝ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් සහභාගී වූ අතර එම ගෝලීය සංවිධානයෙහි ශ්‍රී ලංකා තනාපති ලෙස සාමාජිකත්වයද ඇයට පිරිනැමීම විශේෂත්වයකි.

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය, කාලය සහ ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යා මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළාය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින මීට පෙර ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව මෙසේ දෙවනියට ඇයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක් බව ද පුෂ්පා රම්‍යා මෙනෙවිය ප්‍රකාශ කළාය.