ජේසුස් වහන්සේ යැයි සිතා ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පල්ලියක Star Wars චිත්‍රපට මාලාවේ Obi-Wan Kenobi ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරයි

by Srimal

ජේසුස් වහන්සේ යැයි සිතා ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පල්ලියක Star Wars චිත්‍රපට මාලාවේ Obi-Wan Kenobi ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරයි

Share

⛪️| Minnesota Church inserts Star Wars Obi-Wan Kenobi photo in to collage of Jesus images.🤦‍♂️

මීට පෙර අප විසින් ඔබට බුදුරදුන් යැයි රැවටි Shrekගේ පිළිරුවකට වන්දනාමාන කල කාන්තාවක් සහ ශාන්තුවරයෙකු යැයි රැවටී Lord of the Rings චිත්‍රපට මාලාවේ Elrond ගේ පිළිරුවකට වන්දනාමාන කල කාන්තාවක් ගැන දැනුම් දුන්නා මතක ඇති. මේඑවැනි තවත් පුවතක්.

ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පල්ලියක දැන්වීම් පුවරුවක ජේසුස් වහන්සේගේ ඡායරූප එකතුවක් ප්‍රකාශයට පත් කළ අතරඑහි එක් ඡායරූපයක් ප්‍රසිද්ධ Star Wars චිත්‍රපට මාලාවේ චරිතයක් වන Obi-Wan Kenobi ගේ වන අතර එම චරිතයනිරූපණය කරන Ewan McGregor ගේ පැහැදිලි ඡායාරූපයක් එයට ඇතුලත් කර තිබිණ.


පසුව කල විමර්ශන වලදී එම ඡායාරූප පල කළ කාන්තාව පවසා ඇත්තේ ඇය විසින් සිතාමතාම විහිළුවට ලෙස එය පල කළබවයි. මෙම සිදුවීම සිදුවූයේ 2019 වසරේදීය.

දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශණය කර තිබූ ඡායාරූප

කෙසේ නමුත් ප්‍රසිද්ධ විදෙස් මාධ්‍ය කිහිපයක්ම එම පුවත වාර්තා කරන ලදී.

විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කර තිබූ අයුරු

විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කර තිබූ අයුරු