මිකී මවුස් චරිතය නිර්මාණය කර අදට වසර 95යි.

by Yashitha Bhashana

මිකී මවුස් චරිතය නිර්මාණය කර අදට වසර 95යි.

Share

🗓| Mickey Mouse was created 95 years ago today. 🐭

එහි කිසි විටෙකත් අමතක කල නොහැකි එක් දෙයක් ඇත. එනම් මේ සියල්ල ඇරඹුණේ කුඩා මීයෙකුගෙන් බවයි!

             - වෝල්ටර් ඩිස්නි-

වොල්ට් ඩිස්නි සමාගම කියන්නේ ලෝකයේ තිබෙන දැවැන්තම සිනමා නිශ්පාදන සමාගම් 5 න් එකක්..
සමස්ථ ආදායම අතින් ඩොලර් බිලියන 40 ට ආසන්න අගයක් සහිතව ඩිස්නි සමාගම එම සමාගම් අතර හතරවන ස්ථානයේ පසුවෙනවා.

නමුත්, 2022 වසර පමණක් සැලකූවිට ඇමරිකාව තුළ ඉහලම සමස්ථ ආදායම ලබා ඇත්තේ ඩිස්නි සමාගමයි .එය ප්‍රතිශතයක් වශයෙන් 27% ඉක්මවා ගිය අගයක්වේ.

එහි ඇරඹුම වූ කුඩා මීයා ගැනයි මේ..

ඔහු නමින්...

🟥මිකී මවුස්!
▪️▪️▪️▪️▪️

මිකී මවුස්ට අදට අවුරුදු 95ක්!
ඒ කියන්නේ මිකී දැන් සීයා කෙනෙක්..

මිකී මවුස් නම් වූ මෙම චරිතය බිහිවන්නේ 1928 නොවැම්බර් 18 වෙනිදාවකයි.

▪️වෝල්ට් ඩිස්නි සහ අබ් අයිවර්ක්ස් අතින්,
එපමණක් නොවෙයි මිකී මවුස් කියන්නේ ඩිස්නි සමාගමේ දීර්ගකාලීන ව්‍යාපාරික සලකුණද වෙනවා.

▪️මිකී මවුස් යනු ලෝකයේ වඩාත්ම ප්‍රකට ,විශ්වීය ප්‍රබන්ධ චරිතවලින් එකක් බව නොරහසක්. මේ වනවිට මෙම කල්පිත චරිතය කලාව , ජනප්‍රිය සංස්කෘතිය ,දේශපාලනය වගේ බොහෝ ක්ශේත්‍ර වලට ඈඳී තිබෙනවා.

▪️මිකී මවුස් නම් මෙම චරිතය, තමාට වඩා විශාල අභියෝගවලට මුහුණ දෙන, දක්ෂතාවයෙන් ජය ලබාගන්නා සානුකම්පිත පහළ සමාජ මට්ටමක පුද්ගලයෙකු නිරූපනය කරමින් බිහිකර ඇතිබව ඇතැම්හු විශ්වාස කරනවා.
මුහුණ හැර ශරීරය කලු පැහැයක් ගන්නා නිසා , එකල කළු ජාතිකයින් මේ හරහා නිරූපණය වූ බවත් තවත් කොටසකගේ මතයක්.

▪️මිකී මවුස්ගේ පෙම්වතිය මිනී මවුස්ගේ ජන්ම දිනයත් අදටම යෙදී තිබෙනවා. තනි කාටූන් මාලාවක් නොලැබුණාත් ප්‍රධාන කාටූන් නිර්මාණ තුළ මිකී සහ ප්ලූටෝ සමග කොටස් 74 කම මිනී මවුස්ව අපිට දැකගන්න ලැබුණා.

🟥 මිකී මවුස් පොදුජන දේපල් වෙයිද?
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

▪️අවුරුදු 95ක්..
එහි තව අර්තයක් තියෙනවා
දැනට එක්සත් ජනපදයේ පවතින ප්‍රකාශන හිමිකම් නීතියේ හැටියට 2024 ජනවාරි 01 ඉදන් ඩිස්නි සමාගමට මිකී මවුස් චරිතය පිළිබඳ තිබෙන තනි බුද්ධිමය දේපළ අයිතිය අහිමිවෙනවා.එනම් එය පොදුජන දේපලක් බවට පත්වෙනවා . ඒ හරහා ඕනෑම කෙනෙක්ට මේ චරිතය භාවිතා කරන්න, එය වෙනස් කරමින් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා.

▪️ඩිස්නි සමාගම කියන්නෙත් මෙවන් පොදු අයිතියේ පවතින චරිත වලින් ඉහලම වාසි ලබාගත් සමාගමක්.

උදාහරණ විදියට ඩිස්නි සිනමාපට තම නිර්මාණ සදහා භාවිතා කල සින්ඩරෙල්ලා, මෝග්ලි, පුංචි දිය කිදුරිය එවන් පොදු අයිතියේ පවතින චරිතයි.

එසේ,ප්‍රකාශන හිමිකම කල් ඉකුත් වූ පසු, මෙම චරිත භාවිතයට, කෙනෙකුට විශේෂ අවසර ඉල්ලීමක් හෝ ප්‍රකාශන හිමිකම් ගාස්තු ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ

▪️ඩිස්නි සමාගම පොදු චරිත වලින් ආර්ථික වාසි ලැබූවත්, තමන් බිහිකල මෙම චරිත පොදුජන අයිතියට ලබාදීමට
කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ ඔස්සේ ඇමරිකාව තුළ තිබූ නීතිරීති පවා දෙවරක් වෙනස් කිරීමට ඩිස්නි සමාගම තම උපරිම සහය ලබාදුන්නා.

▪️ මිකී මවුස් චරිතය බිහිවන විට , ඇමරිකාව තුළ පැවති, ප්‍රකාශන හිමිකම් නීතිය වසර 56 එකක් වුණා. නමුත් ඩිස්නි සමාගම එය වසර 75 ක් සඳහා දීර්ඝ කර ගැනීමට කටයුතු කලා. ඒ 1976 ප්‍රකාශන හිමිකම් පනතට සහාය දක්වමින්.

නැවත 1998 දී ඩිස්නි තවත් දිගුවක් සඳහා බලපෑම් කළා. ඒ අනුව සමස්ථ නීතිය වසර 95 දක්වා දිගුවුණා.

මෙම වසර 95 ක නීතිය , 2024 වසරේ කල් ඉකුත්වනු ඇති. ඩිස්නි තවදුරටත් මේ නීතිය දිගුකරවා ගනීවිද ?දැනට නම් මෙම නීතිය දිගු කරවා ගැනීමට ඩිස්නි කටයුතු කරන බවක් පේන්නට නැහැ.

▪️මෙම නීතිය වරින්වර දිගුවීම පිළිබදව විචාරක මතයද එතරම් සතුටුදායක නැහැ.
මේ දීර්ඝ තනි බුද්ධිමය දේපල නීතිය නිසා, ඇමරිකාව තුළ වසර 21ක් පුරාවට යල් පැනගිය චරිත නවීකරණයක් සිදුව නැති බවටත් නැවුම් නොවන එකම පැරණි දෑ නිර්මාණ ලෙස ප්‍රේක්ශකයන්ට බලාගැනීමට සිදුව ඇතිබවත් විචාරකයන් පවසනවා.

මෙහි සත්‍යතාවක් නැත්තේද නැහැ.
නිර්මාණයක් වෙනත් නිර්මාණයක කොපි යැයි පැවසීම මේ වනවිට ගෝලීයව යල්පැනගිය සංකල්පයක්ව තිබෙනවා, සැබවින්ම මේ වනවිට ලොව මුල් කෘති බිහිවීමක් සිදු නොවන තරම්,

මිකී මවුස් චරිතය සැලකුවද එහි මුල් සංකල්පය නිහඩ සිනමාවේ නළුවන්ගෙන් ලබාගෙන තිබෙන බව පිළිගත් සත්‍යක්. චර්ලි චැප්ලීන් වැනි චරිත වල හැසීරිම් සහ ඇදුම් ආභාශයය මිකී මවුස් චරිතයට ලැබී තිබෙනවා.

නමුත්...

මේ වෙනුවෙන් ඩිස්නි සමාගමට විශාල වරදක් කියන්නත් අමාරුයි ,
එක් කරුණක්, ඩිස්නි සමාගම, ඩිස්නිලන්තය නැතිනම් වෙනත් වෙලද අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ විවිධ චරිත අඩංගු නිශ්පාදන වෙලද පොළට නිකුත්කරනු ලබනවා.
ඒ ආදායමෙන් 40% ක ප්‍රමාණයක්ම ලැබෙන්නේ මෙම මිකී මවුස් චරිතයට සම්බන්ද නිශ්පාදනයන් හරහායි.

එපමණක් නොවේ, මිකී මවුස් යනු ඔවුන්ට තවත් එක් චරිතයක් පමණක් නොවේ , සමස්ත ව්‍යාපාරයේම එක් ව්‍යාපාරික සලකුණක්. මේ නිසාම චරිතයට අයිතිය අහිමි වුණත් වෙලද සලකුණේ අයිතිය ඩිස්නි සමාගම සතුව පවතිනවා. එහෙයින්, මෙය සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පරිදි භාවිතයට ගැනීමේ සම්පූර්ණ හැකියාවක් කිසිදා නොලැබෙනු ඇති

🟥මිකී මවුස් සම්බන්දව රසවත් කරුණු කිහිපයක්.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

▪️මිකී සහ මිනී මවුස්, මේ චරිත දෙක විවාහක චරිත නොවුණත්, මේ චරිත වෙනුවෙන් හඩ කැවූ දෙපල වූ වයින් ඇල්වින් සහ රූසී ටේලර් නම් යුගදිවියට පත්ව, මුළු ජීවිත කාලය පුරාවටම එකට සිටි අපූරු පෙම්වතුන් යුවලක්.

▪️මිකීට ඇත්තේ ඇගිළි 4ක් පමණයි.
මේ අගය 5 ක් නොවී 4 ක් තිබීම පවා, ඩිස්නි සමාගමට මිලියන ගණනක මුදල් සහ කාලය ඉතිරි කල යමක් වූ බව සදහන් , මන්ද එකල සජීවීකරණ බොහොමයක් අතින්ම සිදුකල විශාල ශ්‍රමයක් සහ කාලයක් අවශ්‍ය වූ කර්තව්‍ය වූ නිසායි.

මෙතෙක්, මිකී සම්බන්ද වූ කාටූන් දහයක් හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය සඳහා නාමයෝජනා ලබා තිබෙනවා. ඉන් Lend a Paw පමණක් 1941 දී මෙම සම්මානය දිනා ගැනීමට සමත් වුණා . එයද මිකී ප්‍රධාන චරිතය නිරූපනය කල කෙටි චිත්‍රපටයක් නොවේ.

▪️කෙසේ නමුත් මෙහි නිර්මාතෲ වෝල්ට් ඩිස්නි ලබා ඇති සම්පූර්ණ ඇකඩමි සම්මාන ගණන 26 ක් . එය ඕනෑම පුද්ගලයකු ලබාගත් ඉහලම ඇකඩමි සම්මාන ප්‍රමාණයයි.

▪️1978 වසරේදී,මිකී මවුස් හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි තරුවක් තමාගේ නමට හිමි කර ගැනීමට සමත්වුණා. ඒ ඔහුගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් , එපමණක් නොවේ එය සිදුකළ පළමු කාටූන් චරිතයද මිකී මවුස් වූණා.

▪️මිකී මවුස් එක් ඇදුමකින් පමණක් අපට මතකයේ තිබුණත් කාටූන් කතා මාලාව පුරාවට මෙම චරිතය සදහා වෙනස් ඇදුම් 175ක ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. මිනී මවුස් සදහා එම අගය 200 ඉක්මවා යනවා.

✍️සටහන: ස්වර්ණරේඛා සෙව්වන්දි • ශ්‍රීකොම්