Michael Jackson big screen biopic will start production this year

by Menuka Risith

Michael Jackson big screen biopic will start production this year

Share

මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරයි

පොප් රජු ලෙසින් හැඳින්වෙන ලෝකප්‍රසිද්ධ ගායක සහ ගීත රචක මයිකල් ජැක්සන්ගෙ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන Michael සිනමා නිර්මාණයේ වැඩ කටයුතු මෙම වසරේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු වෙයි.

Antoine Fuqua ගේ අධ්‍යක්ෂණයෙන් සහ John Logan ගේ තිර රචනයෙන් නිර්මාණය වීමට සැලසුම් කර ඇති Michael සිනමා නිර්මාණය මයිකල් ජැක්සන්ගෙ ජීවිතයේ සියලු සංකීර්ණ අවධීන් පිලිබඳව ඉතා හොඳින් නිරූපණය කරන බව Lionsgate Studio ව සඳහන් කර තිබෙනවා.

Graham King ගෙ නිෂ්පාදනය දායකත්වයෙන් මේ වසරේ නිර්මාණ ක⁣ටයුතු ඇරඹෙන Michael චරිතාපදාන සිනමා නිර්මාණය ලොව පුරා නිකුත් වන දිනයක් පිලිබඳව නම් මේ වනතුරු නිල තහවුරුකිරීමක් සිදු කර නෑ.

Via: Deadline

#SriCOM#MichaelJackson