📢| Michael Caine says he is “sort of” retired.
වසර 73ක සිනමා දිවියට සමු දී තමා දැන් විශ්‍රාම දිවියක් ගත කරන බවට The Dark Knight චිත්‍රපට ත්‍රිත්වයේ, Inception, Interstellar, Dunkirk වැනි ජනප්‍රිය සහ විශිෂ්ඨ සිනමා නිර්මාණ රාශියකට ඇතුළු චිත්‍රපට 130ට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබාදුන් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන මයිකල් කේන් මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
තමා දැන් ඉතාමත් වයෝවෘද්ධ බවත් හරියාකාරව ඇවිදීමටවත් නොහැකි බවත් හැමෝම අනිවාර්යයෙන්ම මියයන අතර තමන් අඩුම තරමේ අවුරුදු 90ක් ජීවත් වූ බවත් ජීවිත කාලය පුරාම රංගන ශිල්පියෙකු ලෙසම පමණක් රැඳී සිටිය බවත් වෙනත් කිසිවක් කිරීමට අවශ්‍ය නොවූ බවත් තමා සිතා සිටියාට වඩා හොඳ ජීවිතයක් තමා ගතකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
“I am bloody 90 now, and I can’t walk properly and all that… I’ve had the best possible life I could have thought of, Everybody’s going to die – at least I’ve lived to f---ing 90. The fact that I remained an actor all my life, and I never went into anything else. I never left, I never wanted to leave...
- Michael Caine -
සිනමාවට සිදු කල මෙහය වෙනුවෙන් මයිකල් කේන් හට දෙවන එලිසබෙත් රැජින විසින් නයිට් පදවියක්ද පිරිණමා තිබෙනවා.