බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල.

by Yashitha Bhashana

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල.

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ MI 6 Head Quarters ගැන.

MI 6 Head Quarters 🇬🇧 🏢
Military Intelligence, Section Six (SIS)

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සේවයේ මූලස්ථාන ගොඩනැගිල්ල. 1994 වසරේ ඉදිකරන ලද මෙම බලකොටුවක් වැනි අධි ආරක්ෂිත ගොඩනැගිල්ල ලන්ඩනයේ සුන්දර තේම්ස් නදිය අසබඩ පිහිටා ඇත.

1994 ට පෙර බ්‍රිතාන්‍ය විසින් විවිධ කාලවල විවිධ ස්ථානවල ඔවුන්ගේ බුද්ධි සේවයේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදි කර තිබූ නමුත් 1994 වන තෙක් ඔවුන් නිල වශයෙන් බුද්ධි සේවයේ මූලස්ථාන ගොඩනැගිල්ලක් ගැන පිළිගෙන නොතිබිණ.

Secret Intelligence Service නොහොත් MI 6 නාමය ලොවපුරා කොයි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වීමට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව හේතුවූ බවට නම් සැකයක් නැහැ.

MI 5 (Military Intelligence, Section Five) මූලික වශයෙන් එක්සත් රාජධානිය තුළ බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම MI 6 හා එක්ව සිදු කරයි. MI 6, ඇමරිකාවේ CIA, ඊශ්‍රායලයේ MOSSAD ආකාරයෙන් අන්තර්ජාතික ලෙස බුද්ධි තොරpතුරු එක්රැස් කිරීම සිදු කරයි.

වර්තමාන SIS ගොඩනැගිල්ල පූර්ණ අධිආරක්ෂිත බලකොටුවක් වැනිය. මෙහි ඇතුලත් ආරක්ෂිත ක්‍රම්වේදයන් ක්ලැසිෆයිඩ් නමුත් විවිධ වර්ගයේ වෙඩි නොවදින වීදුරු වර්ග ගණන්වක් ජනේල ආදිය සඳහා යොදාගෙන ඇති බවත්, ගොඩනැගිල්ල ඉතා දැඩි ප්‍රහාරයක් හමුවේ උවත් ආරක්ෂාකාරී ලෙස පවතින ලෙස නිර්මාණය කර ඇති බව සඳහන්.

✍️ Admin: Pasinu Herath