තමන් Body Dysmorphia රෝගයෙන් පීඩා විඳින බවට ජනප්‍රිය Hollywood නිළි Megan Fox විසින් ප්‍රකාශ කරයි

තමන් Body Dysmorphia රෝගයෙන් පීඩා විඳින බවට ජනප්‍රිය Hollywood නිළි Megan Fox විසින් ප්‍රකාශ කරයි. Sports Illustrated Swimsuit 2023 අතර තුරදී කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී තමයි Megan විසින් මේ බවසඳහන් කරලා තියෙන්නේ.

by Srimal

තමන් Body Dysmorphia රෝගයෙන් පීඩා විඳින බවට ජනප්‍රිය Hollywood නිළි Megan Fox විසින් ප්‍රකාශ කරයි

Share

🤕 | Megan Fox says she has Body Dysmorphia

තමන් Body Dysmorphia රෝගයෙන් පීඩා විඳින බවට ජනප්‍රිය Hollywood නිළි Megan Fox විසින් ප්‍රකාශ කරයි.

Sports Illustrated Swimsuit 2023 අතර තුරදී කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී තමයි Megan විසින් මේ බවසඳහන් කරලා තියෙන්නේ.

පුද්ගලයෙකු තමන්ගෙ ශරීර අංග, බාහිර පෙනුම ගැන නිතර නිතර ඍණාත්මක දේවල් හිතලා හිතලම මනස පීඩාවට පත් වෙනඑක තමයි Body Dysmorphic Disorder (BDD) කියල හඳුන්වන්නේ.

මේ නිසා ඇය ගොඩක් මානසික පීඩනයකින් ජීවත්වෙන බවත් “අනිත් අය මාව දකින විදිහට මම කවදාවත් මාව දකින්නේ නැහැ. ඒ වගේම මම මගේ ශරීරයට ආදරය කළ අවස්ථාවක් මගේ ජීවිතයේ කිසිම දවසක තිබිලා නැහැ” යනුවෙන් වැඩි දුරටත් ඇයවිසින් ප්‍රකාශ කරලා තිබුණා.

💡
Body Dysmorphia රෝගයෙන් පීඩා විඳින අයගේ ලක්ෂණ තමයි තමාගෙ ශරීරය ගැන අන් අයට නොපෙනෙන හෝ ඉතා සුළුඅඩුපාඩු ගැන දැඩි ලෙස කල්පනා කිරීම, තමන් අවලස්සනයි හෝ අන් අය අකැමැති පෙනුමක් තියෙනවා ලෙස විශ්වාස කිරීම, නිතරනිතර කණ්නාඩි වලින් බැලීම සහ එයට වැඩි කාලයක් ගත කිරීම. අන් අය තමන්ට අපහාස කරයි, කොන් කරයි ලෙස සිතීම, තමන්ගෙ පෙනුම අන් අය සමඟ සංසන්දනය කිරීම, හිතේ ඇතිකර ගත් අඩුපාඩු මඟහරවා ගැනීමට විවිධ විවිධ උත්සහායන්දැරීම, පරිපූර්ණ වීමට උත්සාහ දැරීම, සමාජ සබඳතා මඟ හැරීම වගේ දැඩි මානසිකව පීඩනයට ලක්වෙච්ච ලක්ෂණ දැකගන්නට පුළුවන්. මේ වගේ ලක්ෂණ නිසා BDD තිබෙන කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය වගේම රැකියා ජීවිතයත් සමාජ සබඳතාත්දැඩි පිරිහීමකට ලක්වෙනවා.

ගොඩක් මේ රෝගය හැදෙන්නේ පිරිමි අයට

පිරිමි පුද්ගලයන් තමන්ගෙ ලිංගික අවයවය කුඩා/ අතිශය විශාල ලෙස සිතමින් මානසික පීඩනයට පත්වීමෙන් මේ BDD තත්ත්වයටපත් වෙනවා. BDD හැදෙන පිරිමි අයගෙන් 80%කටම තිබෙන්නෙ මේ තත්ත්වය.

ඒ වගේම පුද්ගලයෙක් විදිහට තමන්ගෙ ආත්මාභිමානය අඩුවීම, සමාජ සබඳතාවලින් දුරස් වීම, විවිධ දේවල් නිසා ශරීරයට හානිසිදුවීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැනි අයහපත් දේවල් සහ Anxiety depression, eating disorders, OCD වැනි වෙනත් මානසික රෝග ඇති වීම කෙරෙහිද එය බලපාන්න පුළුවන් වගේම උච්ඡතම අවස්ථාවන්වලදී සියදිවි නසාගැනීම්ඇතුළු විවිධ ස්වයං හානි කර ගැනීම්ද සිදුවෙන්න පුළුවන්.

BDD ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් නැහැ. පවුල තුළ එවැනි ඉතිහාසයක් තිබීම, පෞරුෂ දුර්වලතා, මොළයේ ක්‍රියාකාරිත්වයේවෙනස් වීම්, ඍණාත්මක සහ කම්පන අත්දැකීම්වලට මුහුණ දීම වැනි හේතූන් ඔස්සේ බලපෑම් ඇතිවෙනවා. ඒ වගේම හොඳින්මේ Body Dysmorphic Disorder ඉතාමත් හොඳින් පාලනය කරන්න පුළුවන්. වැදගත්ම දෙය තමයි ලක්ෂණ හඳුනා ගන්නාමුල් කාලය තුළම නිසි ක්‍රියාමාර්ගවලට යොමුවෙන්න ඕන. මූලික වශයෙන් මනෝ උපදේශනය, මනෝ චිකිත්සනය විතරක් නෙවෙයි, අවශ්‍යතාව අනුව Medication Relaxation වගේ ප්‍රතිකාර කරන්නටත් පුළුවන්.

ශ්‍රී කොම්