රෝබෝවරයෙක් මිනිසෙකු ඝාතනය කරයි

by Yashitha Bhashana

රෝබෝවරයෙක් මිනිසෙකු ඝාතනය කරයි

Share

🤖| Man crushed to death by robot in South Korea.

රෝබෝවක් විසින් මිනිසෙකු පොඩි කර මරණයට පත් කරයි.

පසු ගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම අනතුර සිදු වී තිබුණේ දකුණු කොරියාවේ Gyeongsang පලාතේ පිහිටි කෘෂි අස්වනු බෙදාහැරීම් මධ්‍යස්ථානයක් තුළයි.
40 හැවිරිදි වියෙහි පසු වූ රොබෝ කාර්මික ශිල්පියෙකු එහි ඇති රොබෝ හස්තයක (robotic arm) ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බැලීමේ අරමුණින් ඒ අසලට ගොස් තිබෙන අතර එම මොහොතේ එළවලු ඇසිරූ පෙට්ටි ඔසවා තැබීමේ ක්‍රියාවක නිරත ව සිටි රොබෝ හස්ථය විසින් එම පුද්ගලයා ද එළවලු පෙට්ටියක් ලෙස වරදවා හඳුනාගෙන
ඔහු ඔසවා බඩු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක ව පැවති වාහක පටිය (conveyer belt) මත තබා තදින් අල්ලාගෙන ඇති අතර එහිදී ඔහුගේ මුහුණ සහ පපුව පෙදෙසට බරපතල ලෙස හානි වී මරණය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේද දකුණු කොරියාවේ මෝටර් රථ අමතර කොටස් කර්මාන්ත ශාලවක සේවයේ නියුතු 50 හැවිරිදි පුද්ගලයෙක් රොබෝ හස්තයකට සිර වීම නිසා බරපතල තුවාල ලබා තිබුණ අතර පසුගිය ජූලි මාසයේදීද චෙස් තරඟාවලියකදී රොබෝ යන්ත්‍රයක් විසින් කුඩා ළමයෙකුගේ ඇඟිල්ල කඩා දමා තිබුණා.

“රොබෝලට තමන් අවට සිද්ධ වෙන්නෙ මොනව ද කියන එක ගැන තියෙන්නේ සීමිත සංවේදනයක් සහ සීමිත අවබෝධයක් පමණයි” මේ පිළිබඳව අදහස් දක්වමින් Carnegie Mellon විශ්වවිද්‍යාලයේ රොබෝ විශේෂඥ Christopher Atkeson මාධ්‍ය වෙත පවසා තිබුණා.

American Journal of Industrial Medicine ජර්නලයේ පළ වී ඇති අධ්‍යයන වාර්තාවකට අනුව 1992 සිට 2017 අතර කාලය තුළ ඇමරිකාවේ පමණක් කර්මාන්තශාලා රොබෝවන් අතින් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 41ක් වන අතර එම අනතුරු අතරින් බහුතරයක් වාර්තා වී ඇත්තේ රොබෝ යන්ත්‍රයේ නඩත්තු කටයුතු සිදු වෙමින් පවතින අවස්ථාවල දී බටයි වාර්තා වන්නේ.