🎬| Mahershala Ali was ready to exit ‘Blade’ over script issues.
තිරපිටපතේ ඇති යම් යම් ප්‍රශ්ණ හේතුවෙන් මාවල් සිනමා විශ්වයේ Blade චරිතය රඟදැක්වීමට එකතු වූ රංගන ශිල්පී Mahershala Ali එම චරිතයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවට වාර්තා.
2021 පෙබරවාරි මාසයේදී චිත්‍රපටයේ තිරපිටපත රචනය සඳහා Stacy Osei-Kuffour බඳවා ගත් අතර සැප්තැම්බර් වන විට Bassam Tariq අධ්‍යක්ෂණය කිරීමට බඳවා ගන්නා ලදී. චිත්‍රපටයේ නිෂ්පාදන මාරුවීම් මෙන්ම නිර්මාණාත්මක වෙනස්කම් හේතුවෙන් වසරකට පසුව තාරික් ඉවත්ව ගියේය. පසුව 2022 නොවැම්බර් මාසයේදී නව අධ්‍යක්ශකවරයා ලෙස Yann Demange එකතු වූ අතර Michael Starrbury පිටපත නැවත ලියන විට 2023 අප්‍රේල් මාසයේදී Nic Pizzolatto ද තිර රචනය සඳහා සම්බන්ධවී තිබෙනවා.
මේ වන විට Logan චිත්‍රපටයේ තිර රචක Michael Greenද තිර රචනය සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර මෙම චිත්‍රපටය නිශ්පාදනය සඳහා වෙන් කර ඇත්තේ ඇ.ඩො මිලියන 100ට ආසන්න අඩු මුදලක් බවටද වාර්තා වෙනවා.