Lost කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 19යි.

by Yashitha Bhashana

Lost කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 19යි.

Share

🗓| ‘Lost’ premiered 19 years ago today.📺

අතිශය ජනප්‍රිය Lost කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 19ක් සපිරෙයි.

2004 වසරේ සැප්තැම්බර් 22 වනදා ABC නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කල Lost කතාමාලාව කතාසමයන් 06 කතාංග 121ක් සමඟින් 2010 මැයි 23 වනදා විකාශය අවසන් කරන ලදී.

ඇ.ඩෝ මිලියන 494ක දැවැන්ත පිරිවැයකින් නිෂ්පාදනය කල Lost කතාමාලාව Emmy, Golden Globe, BAFTA සම්මාන ඇතුළු විවිධ සම්මාන උළෙලවල් 34ක සම්පූර්ණ සම්මාන 268 යෝජනා වෙමින් එයින් 59ක් දිනාගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයක්.

මෙම කතාමාලාව ලොව වැඩිම වියදමක් දරා නිර්මාණය කල කතාමාලාවන් අතරින් එකක් වන අතර මෙහි එක් කතාංගයක නිශ්පාදන පිරිවැය ඇ.ඩො මිලියන 4ට ආසන්න බවත් පළමු කතාසමයේ පළමු කතාංගය හෙවත් pilot episode එක සඳහා ඇ.ඩො මිලියන 14කට ආසන්න මුදලක් වැය වී ඇති බවට වාර්තා වෙනවා.