සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී මෙන් පෙනී සිටිමින් කාන්තාවන් 23ක් සමඟ යහන්ගත වීම සම්බන්දව ඉරානයේ පුද්ගලයෙකුට චෝදනා.

by Srimal

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී මෙන් පෙනී සිටිමින් කාන්තාවන් 23ක් සමඟ යහන්ගත වීම සම්බන්දව ඉරානයේ පුද්ගලයෙකුට චෝදනා.

Share

💡
⚽️| Lionel Messi impersonator accused of pretending to be football icon in order to sleep with 23 woman.

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී මෙන් පෙනී සිටිමින් කාන්තාවන් 23ක් සමඟ යහන්ගත වීම සම්බන්දව ඉරානයේ පුද්ගලයෙකුට චෝදනා.


ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී ලොව පුරා බාල මහලු කා අතරත් ජනප්‍රිය තරුවකි.

මෙසී ගේ හැඩරුවට අතිශය සමාන රුවක් හිමි Reza Parastesh ඉරානයේ හැමඩන් නගරයේ වෙසෙන පුද්ගලයෙකි. මෙසීටසමාන ඔහුගේ පෙනුම භාවිතා කරමින් කාන්තාවන් 23 දෙනෙකු සමඟ ලිංගික සබඳතා පැවැතිවීම සම්බන්ධයෙන් ඔහුට මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන අතර ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයට එයින් හානි වන බව පවසා ඔහුගේ මෙම ක්‍රියාව බලධාරීන්විසින් හෙළා දැක ඇත.


මේ සියල්ලට මුල් වූයේ ඔහුගේ පියා විසින් තෑගි කල අංක 10 මුද්‍රිත බාසිලෝනා ටී ෂර්ටයක් ඇඳ රේසා 2017 වසරේදීඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුවය. එම ඡායාරූපය හේතුවෙන් ඔහුට ලැබුන අධික ප්‍රසිද්ධිය නිසා බොහෝ දෙනෙකු රේසාපරස්ටෙෂ් සමග හිඳ ඡායාරූපයක් ගැනීමට කැමැත්තක් දක්වති. ඡායාරූපයක් ගැනීම සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන්ඔහුට පොලිසියේ සහාය පැතීමට පවා සිදු විය.


රේසා ආර්ජන්ටිනා පාපන්දු තරුව අනුකරණය කරමින් සිය කොණ්ඩය සහ රැවුල සකස් කිරීමට හුරු වි තිබෙනවා.


“දැන් මිනිස්සු මට සලකන්නේ ඉරානේ මෙසීට වගෙයි. මෙසී කරන හැම දෙයක්ම මම අනුකරණය කරනවා දකින්න ඔවුන්ටඅවශ්‍යයි. මාව කොහෙදි හරි දැක්කම මිනිස්සු පුදුම වෙනවා, මාව දැක්කම ඔවුන්ට සතුටක් දැනීම ගැන මම සන්තෝස වෙනවා. ඒසතුට මට ශක්තියක් ලබා දෙනවා” යනුවෙන් රේසා AFP පුවත් සේවය වෙත පැවසීය.


30 හැවිරිදි රේසා පරස්ටෙෂ්ගේ මේ වන විට වත්කම ඇ.ඩො මිලියන 5ක් පමණ වන අතර Instagram සමාජමාධ්‍ය තුලfollwersලා ප්‍රමාණය මිලියනක් පමණ වනවා.


ශ්‍රී කොම්