Leo ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පසු කරන පළමු චිත්‍රපටය වන බවට වාර්තා...

by Yashitha Bhashana

Leo ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පසු කරන පළමු චිත්‍රපටය වන බවට වාර්තා...

Share

🎬| Leo will be the first ₹1000 crores grossing Tamil movie.

තලපති විජයි ලෙස හඳුන්වන දකුණු ඉන්දීය නළු ජෝෂප් විජයි රංගනයෙන් දායක වන Leo චිත්‍රපටය දමිළ චිත්‍රපට ඉතිහාසයේ පළමු වරට ඉන්දීය රුපියල් කෝටි 1000ක ආදායමක් ලබාගන්නා චිත්‍රපටය බවට පුරෝකථය කොට තිබෙනවා. නිකුත් වීමටත් පෙර එම චිත්‍රපටය මේ වන විට කෝටි 400ක ආදායමක් ලබාගෙන ඇති බවටද වාර්තා වෙනවා.

ඉ.රු කෝටි 800ක ආදායමක් ලබාගනිමින් දැනට ලොව වැඩිම ආදායමක් ලද දමිළ චිත්‍රපටය වන්නේ රජිනිකාන්ත් රංගනයෙන් දායක වන 2018 වසරේ නිකුත් වූ 2.0 චිත්‍රපටයයි.

ලොව වැඩිම ආදායමක් ලද දමිළ භාශාවෙන් නිර්මාණය වූ චිත්‍රපට ලැයිස්තුව.

(මෙම ලැයිස්තුවට ඇතුළත් කල ඇත්තේ මුල් භාශාව දමිළ වලින් නිර්මාණය වූ චිත්‍රපට පමණි, දමිළ භාශාවට හඬකවා තිරගත කල චිත්‍රපට ඇතුලත් කර නොමැත)

2.0 (2018) - ₹800 crores
Jailer (2023) - ₹650 crores
Ponniyin Selvan: I (2022)- ₹ 500 crores
Vikram (2022) - ₹ 500 crores
Ponniyin Selvan: II - ₹ 345 crores