මුලින්ම කියන්න ඕනේ කට්ටිය බලයි ඇයි මේ තනියම 100ට විතර ගහල හීරීමක්වත් නැතිව සතුරන්ව පරාජය කරල ගුරුත්වාකර්ෂණය අඩු ෆිල්ම් වලට රිවීව්ස් කියල... ඒ රැල්ලෙන් වෙනස් වෙලා hollywood vibe එකට චිත්‍රපට කරන අධ්‍යක්ශක කෙනෙක් නිසයි මේ පෝස්ට් එක දාන්නේ.. අගය කල යුතු දේ ත්‍රස්තවාදියෙකුගෙ උවත් අගය කල යුතුය.
🎬| LEO (2023)
පළවෙනිම අනවුන්ස්මන්ට් එක කරපු දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් ලෝකේ වටේම පුදුම හයිප් එකක් බිල්ඩ් කරපු,අළුත් වාර්තා හදපු, තිබුන වාර්තා කඩපු, පොත් පිටු ගණන් rumours, theories හැදුනු, ඉන්දියන් සිනමා ඉතිහාසයම උඩු යටිකුරු කරපු, මේ වෙද්දි බොක්ස් ඔෆිස් වාර්තා විණාඩියෙන් විණාඩියට අළුත් කරගෙන ඉන්න ෆිල්ම් එකක්. ෆිල්ම් එකට මෙව්චර පිළිගැනීමක් හම්බෙන්න ප්‍රධාන හේතු තුනයි: පළවෙනිම එක තලපති ජෝසෆ් විජේ. ඊළඟ එක නැගී එන අධ්‍යක්ෂක කෙනෙක් වෙන ලෝකේෂ් කණගරාජ්. තුන තමයි පිට පිට ගින්දර මියුසික් දෙන අනිරුද් රවිචන්දර්.
ඒ වගේම ලෝකේශ් ගොඩනගන කොලිවුඩයේ සිනමැටික් යුනිවර්ස් එක උන LCU නැත්නම් Lokesh Cinematic Universe එකට වෙනම ඉන්න ෆෑන්බේස් එකත් මේ ෆිල්ම් එකේ හයිප් එක වැඩි වෙන්න තවත් හේතුවක්. ඒ එක්කම John Wagner විසින් රචිත A History of Violence කියන නවකතාව පදනම් කරගෙන මේ චිත්‍රපටිය හැදෙනවා කියන මතය ප්‍රසිද්ධ වෙනවත් එක්ක Leo චිත්‍රපටිය ගැන තිබුන බලාපොරොත්තු තවත් වැඩි උනා කියන්න පුළුවන්. හුඟක් අය මේ නවකතාව හඳුනගන්නේ 2005දි David Cronenbergගේ අධ්‍යක්ෂණය යටතේ Viggo Mortensen, William Hurt සහ Ed Harris යන අය රංගනයෙන් දායක උන A History of Violence කියන චිත්‍රපටියෙන්.
මේ ඔක්කොම බලාපොරොත්තු මත පහුගිය ඔක්ටෝබර් 19 වෙනිදා ලොවපුරා සිනමාහල් වල Leo තිරගත කිරීම් ආරම්භ උනා. චිත්‍රපටිය සම්බන්ධව රසිකයන්ට තිබුන ප්‍රශ්න දාහක් මැද්දෙන් ආපු Leo, රසිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සමත් උනාද? ෆිල්ම් එකේ ලොකුම බලාපොරොත්තුව උනු ලෝකේෂ් ඔහුගේ රසිකයන්ට අවශ්‍ය දේ දුන්නා ද?
ෆිල්ම් එක නොබලපු කෙනෙක් නම්, මින් එහාට දාර ස්පොයිලර්ස් තියෙන නිසා, තමන්ගේ කැමැත්තෙන් විතරක් කියවන්න හොඳේ.
Leo ෆිල්ම් එක ගැන තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි ෆිල්ම් එක LCU ද නැද්ද කියන එක. එහෙන් මෙහෙන් ඉඟි හම්බුනත්, ලෝකේශ් සහ කණ්ඩායම අන්තිම වෙනකන් ම ඒක රහසක් විදිහටම තියාගන්න වග බලාගත්තා. මොනවද මේ LCU කියන්නේ? Lokesh Cinematic Universe හරියටම පටන් ගන්නේ 2019 වසරේ කාර්ති ගේ රංගනයෙන් එළිදැක්වුනු Kaithi ෆිල්ම් එකෙන්. දිල්ලි කියන, බන්ධනාගාරෙන් නිදහස් වෙච්චි සිරකරුවෙක් ගේ චරිතයට පන පොවන කාර්ති ගේ රංගනයේ ඉඳන්, ලෝකේශ් ගෙ next level storytelling, Sam C. S. ගෙ ගිනිගින්දර මියුසික්, ස්ක්‍රීන්ප්ලේ, සිනමැටෝග්‍රැෆි ඔක්කොමත් එක්ක අදටත් LCU එකේ හොඳම ෆිල්ම් එක විදිහට තැන ගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. ෆිල්ම් එක බලපු ඕන කෙනෙක් දන්නවා කොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකටම අළුත් ලුක් එකක් එක් කරපු ෆිල්ම් එකක් තමයි Kaithi කියන්නේ.
2022 වසරේ LCU එකට සම්බන්ධ ඊලඟ ෆිල්ම් එක විදිහට Vikram එළිදැක්වුනා. Kamal Hassan, Vijay Sethupathi, Fahadh Faasil, Arjun Das, Naren වගේ ආටිස්ට්ස් ල හුඟක් එකතු කරගෙන හදපු මේ ෆිල්ම් එකේ තියටර් එක්ස්පීරියන්ස් එක උඩු යටිකුරු කලේ Suryaගේ Rolex චරිතය. කොලිවුඩ් වලට අළුත් මුහුණුවරක් ගෙනාපු LCU එකේ ලොකුම විලන් විදිහට ඉන්දියාවේ විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක නායක චරිතයට පණ පොවන Rolex කියන්නේ Surya ව අපි හීනෙකින් වත් හිතපු නැති විදිහට දකින්න ලැබුන අවස්ථාවක්. සාම්ප්‍රදායික මසාලා ඇන්ඩ් මාස් ෆිල්ම්ස් කරන ඉන්දියන් අධ්‍යක්ෂකවරු අතරේ අත්හදා බැලීම් එක්ක අළුත් තියටර් එක්ස්පීරියන්ස් එකක් දීපු ලෝකේෂ් කණගරාජ් ගැන දමිළ සිනමා රසිකයන් ට බලාපොරොත්තු ඇතිවෙන්න මේ චිත්‍රපටි දෙකම සම සම ව දායක උනා කිව්වොත් හරි.
LCU එකට අළුතින් ම එකතු උන ෆිල්ම් එක තමයි Vijay, Sanjay Dutt, Arjun Sarja, Gautham Vasudev Menon සහ Trisha Krishnan යන අයගේ රංගනයෙන් 19 වෙනිදා එළිදැක්වුනු Leo. මේ වෙනකන් flawless විදිහට අරන් ගියපු LCU එකට විජේ සහ ලියෝ කියන්නේ බුද්ධිමත් එකතු කිරීමක් ද? මේකට දෙවිදිහෙන් ම හිතන්න පුළුවන්. පෞද්ගලිකවම මට මෙච්චර කාලයක් ෆිල්ම් එක ගැන තිබුන ලොකුම බය තමයි විජේ ගෙ රංගනය. මෑත කාලීනව විජේ ගෙ ෆිල්ම්ස් වල එයාගෙ ටැලන්ට් එකට ඉඩ දෙනව වෙනුවට ෆෑන්බේස් එක සැටිස්ෆයි කරන්න ගත්තු උත්සහය නිසාම හුඟක් චිත්‍රපටි ආදායම අතින් සාර්ථක උනත් ස්ටෝරිටෙලිං අතින් අසාර්ථක උනා. මට අනුව විජේ ගෙ බෙස්ට් ම ෆිල්ම් එකක් අන්තිමට ආවේ තුප්පාක්කි, ඊට පස්සේ ආපු කිසිම ෆිල්ම් එහෙකට ඒ තැන ගන්න බැරි උනා. ඒත් Leo එකේදි නම් ඇත්තටම විජේ ගෙ ටැලන්ට් එක ට මුල් තැන හම්බෙලා තියෙනවා වගේම විජේ ඒක හිතුවටත් වඩා හොඳටම කළා කියන්න පුළුවන්. ඒත් LCU එක පැත්තෙන් හිතද්දි විජේ නිසාම යුනිවර්ස් එක අවුල් වෙයි කියන්නත් පුළුවන්. මේකට හේතුව තමයි, LCU කියන්නෙ සරලවම Lokesh Cinematic Universe. මේක ගොඩනැගෙන්න ඕනේ ලෝකේශ් ගෙ හිතේ තියෙන විදිහට. කමල් හසන්, සූරියා වගේ ආටිස්ට්ලගෙන් වගේම එයාලගෙ ෆෑන් බේස් එකෙන් LCU එකට කිසි හානියක් වෙන්නේ නෑ. ඒත් විජේ ගෙ ෆෑන්බේස් එක සැටිස්ෆයි කරන වැඩේ නිසා එතන ලෝකේශ් ට LCU එක ගොඩ නගන්න තියෙන නිදහස නැති වෙනවා. හොඳම සාක්ෂිය තමයි මේ වෙද්දිත් සමහර විජේ රසිකයන් ම ලියෝ ගැන රිනාත්මක අදහස් ප්‍රකාශ කිරීම. විජේ ඔහුගේ සම්ප්‍රදායික රංගනයෙන් ටිකක් පිට ගියාම ඒ සම්ප්‍රදායික ඕවරැක්ටිං එකට හුරු වෙච්ච ලිං මැඩියොන්ට ඒක දරාගන්න අමාරුයි. තව, කයිදි සහ වික්‍රම් චිත්‍රපටි වලට වඩා ලියෝ එකේ තිබුන ලොකුම වෙනස තමයි female lead role එකක් සහ සෙන්ටිමෙන්ටල් ස්ටෝරිලයින් එක. ඒ ගැන ඉස්සරහට බලමු. කොහොම උනත් ලියෝ එකේදී හම්බුන LCU elements ටික නන් හරිම forced වගේ දැනුනා. විශේෂයෙන් ම අවසානෙට Black Squad එකෙන් එන කෝල් එක. සමහර විට එහෙම හිතෙන්න හේතුව මේක වෙන්න පුළුවන්: crossover ෆිල්ම් එක්ස්පීරියන්ස් එකක් අපිට කොලිවුඩ් වලින් මුල් වතාවට බලන්න ලැබුනේ වික්‍රම් එකෙන්. ඒ වගේම කයිදි සහ වික්‍රම් ෆිල්ම් දෙකටම Prabhanjan, ඒ කියන්නේ වික්‍රම් ගේ පුතා ඩිරෙක්ට් විදිහට ලින්ක් උනා. හැබැයි ලියෝ කියන්නේ මේ ෆිල්ම් දෙකටම සම්බන්ධ නැති ෆිල්ම් එකක්. ඒ නිසා LCU එකට බලෙන් ම ඔබලා වගේ හිතෙන එක සාධාරණයි කියලා තමා මට හිතෙන්නේ. ෆිල්ම් කෙසේ වෙතත් LCU කියන බ්‍රැන්ඩ් එකට වෙනම ෆෑන්බේස් එකක් හැදිලා තියෙනවා කියලා කන්ෆර්ම් වෙනවා ලියෝ එකේ නැපෝලියන් ගෙ ඉන්ට්‍රෝ එකේදි. කොලිවුඩ් එකට මෑත කාලීනව ලැබුන ලොකුම ප්ලස් එකක් තමයි LCU එක කියන්නේ. ඉතින්, ලෝකේශ් හෙමීට LCU එක හදාගෙන යයි. අපි බලමු ලෝකේශ් මොන විදිහට වැඩේ කරයිද කියලා.
ඊලඟට තමයි ලියෝ ෆිල්ම් එකයි A History of Violence දෙකයි එකට දාපු අච්චාරුව. Leo LCU ද නැද්ද කියන ප්‍රශ්නේ වගේම තිබුන තවත් ප්‍රශ්නයක් තමයි මේ HoV පදනම් කරගෙන ද ලියෝ හැදෙන්නෙ කියන එක. ෆිල්ම් එක බලද්දි මුල් විනාඩි කිහිපයකින් ම තේරෙනවා HoV පාදක කරගෙන තියෙනවා කියන එක. නමුත් මුලු කතාවම එක වගේ නම් නැහැ. සමහර තැන් වල, විශේෂයෙන් කාස්ට් එක සහ කතාව බිල්ඩ් අප් කරන තැන් වලට විතරක් HoV එකෙන් ඉන්ස්පයර් කරගෙන තියෙනවා. ලොකුම හයිලයිට් එක තමයි හිස්ට්‍රි ඔෆ් වයලන්ස් වගේ standalone කතාවක් යුනිවර්ස් එකකට කනෙක්ට් කරලා ෆිල්ම් එකක් හදන එක. HoV කතාව විදිහටම තියෙන්න හොඳ නැහැ කියන නිසාම ද මන්දා හුඟක් තැන් වෙනස් වෙලා තිබුනා. ඉතින් ලෝකේශ් එයාගෙ වර්ශන් එක හරියටම කරලද කියලා මගෙන් ඇහුවොත්, මම නම් කියන්නේ, නැහැ කියලා තමා! LCU එකට සහ විජේ ට ගැලපෙන්න කතාව හදන්න ගිහින් ද මන්දා ඔරිජිනල් ප්ලොට් එකේ තිබුන spice එක ටිකක් අඩු වෙලා වගේ දැනුනා. විශේෂයෙන් කියන්න තියෙන්නේ ලියෝ එකේ තිබුන ෆ්ලෑෂ්බෑක් සීන් එක. ඒක මට හිතුනේ මුළුමණින්ම අනවශ්‍යයි කියලා. ලියෝ ගෙ කැරැක්ටර් එක ගැන මන් ඉස්සරහට කියන නිසා මෙතන වැඩිය කියන්නේ නැහැ. ඒත් එච්චර ‘බෑඩෑස්’ විදිහට බිල්ඩ් කරපු කැරක්ටර් එකක් නංගි නිසා ඩ්‍රග් මාෆියා එකම ඩවුන් කරලා සම්පූර්ණයෙන් ම වෙනස් ජීවිතයක් ගත කරන්න හදන එක ටිකක් අවුල් වගේ හිතෙනවා. HoV සහ ලියෝ අතරේ තියෙන වෙනස තමයි HoV ෆිල්ම් එකේ Tom ගෙ ෆ්ලැෂ්බැක් එක පෙන්නන්නේ නැති එක. ඒත් මෙතන LCU එක සම්බන්ධ කරන්න ඕන නිසා බැක්ස්ටෝරි එක අවශ්‍යයි කියලා හිතෙන්න ඇති. කොහොම උනත් ලියෝ එකෙන් කිසිම නෙගටිව් රෝල් එකක් LCU එකේ ඉස්සරහට යන්නෙත් නැති නිසා ඒ ෆ්ලෑෂ්බෑක් එක නම් අතිශයින්ම අනවශ්‍යයි. HoV නවකතාවට ලෝකේශ් ට නීත්‍යානුකූල අයිතිය හම්බෙච්ච එකේ, එච්චර හොඳ ස්ටෝරි එකක් අතේ තිබිලා, මට හිතෙන්නේ ඒක හරියට පාවිච්චි කරන්න ලෝකේශ් අසමත් උනා කියලා.
ඊලඟට කතා කරන්න තියෙන්නේ ෆිල්ම් එකේ Casting එක ගැන. විජේ ගැන අපි වෙනම බලමු. ඊට කලින් බලමු මේ ෆිල්ම් එකේ තව අත්‍යවශ්‍ය චරිත වලට පන පොවපු අනෙක් ආටිස්ට් ල දිහා. මුලින් ම ලියෝ දාස් ගේ පියා ඇන්ටනි දාස් විදිහට රංගනයේ යෙදුනු සන්ජේ ඩට්. විලන් කෙනෙක් විදිහට ඔහුගේ screen presence එක නන් විස්තර කරන්න බැරි තරමටම පර්ෆෙක්ට්. එයාට හම්බුන කොටස් හරි ලස්සනට කරලා සාදාරණයක් ඉෂ්ට කලා කියන්න පුළුවන්.
ඒ වගේම තමයි Mysskin සහ Mansoor Ali Khan දෙන්නත් එයාලගෙ කොටස් ටික හරි ලස්සනට කරා. මුළු ෆිල්ම් එකම බලද්දි එයාලට ලැබුන කොටස් පොඩි උනත් ඒ ලැබිච්ච තැන් වල එයාලගෙන් බලාපොරොත්තු උන විදිහට ඇක්ටිං එකක් දුන්නා කියලා මම හිතනවා. මෙයාලා එක්කම ගලාගෙන ගිය Gautham Vasudev Menon ගෙ ජ්‍යෝශි කියන රේන්ජර් ගෙ චරිතයත් සැලකිය යුතු මට්ටමක තිබුනා කියන්න පුළුවන්.
ඒ එක්කම ලංකාවෙන් Big Boss වැඩසටහනට සම්බන්ධ උනු Janany Kunseelan කියන නවක නිළියත් පර්ෆෙක්ට් ඇක්ටිං එකක් දීලා තිබුනා. කොහොම උනත් මම කොහෙත් ම බලාපොරොත්තු නොවුනු කාස්ටිං දෙකක් තමයි Sandy Master සහ Madonna Sebstian. වික්‍රම් එකේ Surya ව මීට කලින් දැකලා නැති විදිහේ රෝලෙක්ස් චරිතයෙන් පෙන්නපු ලෝකේශ් ආයෙත් ඒ මැජික් එකම කරන්නේ මම පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවිච්ච විදිහේ චරිතෙකින් Sandy ව පෙන්නලා. තිබුන පොඩිම පොඩි ස්ක්‍රීන් ටයිම් එක Sandy කොච්චර හොඳට ඇක්ට් කලා ද කියනවා නම්, ෆිල්ම් එක ඉවර වෙද්දි විජේ ගෙ ලියෝ සහ පාර්ති චරිත වලට එහා තව චරිත මතක තියෙනව නම් ඒ Sandy ගෙ චරිතෙ තමයි. ඒ වගේම Madonna ගෙ ඉන්ට්‍රෝ එකත් මම හිතුවෙ නැති ඉන්ට්‍රෝ එකක්. ෆ්ලෑශ්බෑක් එක කොච්චර අනවශ්‍ය උනත්, මීට කලින් රඟපාපු හැම ෆිල්ම් එකක්ම වගේ wholesome ෆිල්ම්ස් වෙච්චි මැඩෝනා ව ඒ වගේ මාස් කැරැක්ටර් එකක දකින්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඉතින් ඔන්න ඔය වගේ තැන් වලදි තමයි ලෝකේශ් ගෙ ස්ටෝරි ටෙලිං ගැන ආදරේ හිතෙන්නෙ. 😉
ඊලඟට ෆිල්ම් එකේ ප්‍රධාන කොටසක් තිබුන Arjun Sarja. කොලිවුඩ් වල Action King වෙච්චි අර්ජුන් ට ලැබිච්ච ඇක්ෂන් නන් හොඳටම මදි කියලා තමයි මට හිතෙන්නේ. මුළු ෆිල්ම් එකේම බග්‍රවුන්ඩ් ෆිගර් එකක් වගේ හිටපු කෙනාව එකපාර ක්ලයිමැක්ස් එකේදි ඉස්සරහට අරන් ෆයිට් සීක්වන්ස් එකක් දීලා නිකන් 80 ගණන් වල විලන් කෙනෙක් ගාණට දාපු එක ටිකක් අවුල්. මගෙ පෞද්ගලික අදහස විදිහට මට හිතෙන්නේ අර්ජුන් ට තව පොඩ්ඩක් ස්ක්‍රීන්ප්ලේ ටිකක් ඇඩ්වෙන්න තිබුනා.
ඊට අමතරව ත්‍රිශා ක්‍රිෂ්ණන් ගැන අනිවාරෙන් කියන්න ඕනේ නෙ. LCU ෆිල්ම් එකක පළවෙනිම වතාවට female lead role එකක් දකින්න ලැබෙනවා. සත්‍යා, විජේ ගෙ ෆිල්ම් එකක් නිසා ෆීමේල් ලීඩ් එකක් නැතුවම බැරි හින්දා දාපු චරිතයක් ද? එහෙම නැත්නම් ලෝකේශ් ගෙ හිතේ වෙන මොනවා හරි තියෙනවද? මගෙ මේ දෙවෙනි ප්‍රශ්නෙට හේතුව මේකයි. Kaithi ෆිල්ම් එකේ කියනවා 2016 බැච් එකේ ඉගෙනගත්තු හැබැයි postings හම්බුනේ නැති ඔෆිසර්ස්ල ගෙන් එක්කෙනෙක් ගෙ නම Sathya කියලා. සමහර විට මේ කට්ටිය මේ වෙද්දි undercover agents ල විදිහට ඉන්නව වෙන්න පුළුවන් කියලත් කියනවා. ලියෝ එකේ ත්‍රිශා ගේ නමත්… සත්‍යා… විය හැක්ක මොනවද කියලා හිතාගන්න එක ඔයාලට බාරයි.🤫 කොහොම උනත් විජේ ත්‍රිශා කොම්බෝ එක කාලෙකින් දකින්න ලැබුන එක නන් 👌🏻 සහ ඒ ලැබුන වැඩේට ත්‍රිශාගෙන් උපරිම සාදාරණයක් ඉශ්ට උනා කියන්නත් පුළුවන්.
දැන් එමු අපි ප්‍රධාන නළුවා දිහාවට. ලියෝ ට්‍රේලර එක එනකන් ම අපිට තිබුනෙ ලියෝ කියන චරිතේ විතරයි. ඒත් ට්‍රේලර් එකෙන් Parthiban කියන චරිතයටත් විජේ පණ පොවනවා කියලා දැනගන්න හැකි උනා. එතන ඉඳන් තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි විජේ dual role එකක් කරනවද නැත්නම් HoV එකේ වගේම දෙන්නම එක්කෙනෙක් ද කියන එක. කොහොම උනත් ලියෝ කියන චරිතෙට දීපු බිල්ඩ් අප් එක තරමට ඒ චරිතෙට සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ. ඊට වඩා මුලු ෆිල්ම් එකම Parthibanට නතු කරගන්න පුළුවන් උනා. තමන්ගේ පවුල වෙනුවෙන් ම ජීවත් වෙන, තමන්ගෙ පවුල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති, කවුදෝ කෙනෙක් තමන් කියලා කියන නිසා ඒකෙන් ඩිප්‍රෙස් වෙච්ච සාදාරණ මනුස්සයෙක් ගෙ කැරැක්ටර් එක විජේ සුපිරියටම ඩෙලිවර් කලා. ඒ උනාට ලියෝ කියන කැරැක්ටර් එකට විජේ ගෙන් සාදාරණයක් උනත්, ස්ටෝරිටෙලිං අතින් නන් හයිප් එක තරමට කිසි දෙයක් උනේ නැහැ. හැබැයි කොහොම උනත් විජේ නම් එයාගෙ කොටස අති සාර්ථක විදිහට ඉවර කරා කියන එක තමයි මගේ අදහස. Kaithi බලලා ඉවර උන ගමන් මගේ හිතට ආපු පළවෙනිම අදහස තමයි මේ වගේ ඇක්ශන් ත්‍රිලර් ෆිල්ම් එකක විජේ ව දකින්න පුළුවන් උනා නම් කොච්චර හොඳද කියන එක. ඒ 2019 දි. අද 2023 වෙද්දි ඒක තිතටම සිද්ධ උන එක ගැන තියෙන්නෙ ලොකු සතුටක්.
මුළු කාස්ට් එක ගැනම කියලා මෙයා ගැන නොකියා කොහොමද? ෆිල්ම් එකේ ලොකුම හීරෝ - සුබ්‍රමනි! 😂 බලපු අය දන්නවනේ කවුද කියලා. ට්‍රේලර් එකේ හිටපු භයානක හයේනා ව ෆිල්ම් එක අන්තිම වෙද්දි බල්ලෙක් ගානට දාපු එක නන් ලෝකේශ් කැත වැඩේ.😂😂 හැබැයි හයේනා ගෙ පළවෙනි විනාඩි 10එ fight sequence එක නන් ගින්දර. එතනදි පාවිච්චි කරලා තියෙන vfx නන් ටොප් නොච්. ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් ම ලෝකේශ් රසිකයන් ගෙන් ඉල්ලීමක් කලා ෆිල්ම් එකේ මුල් විනාඩි 10 මිස් කරගන්නම එපා කියලා. ඒකට ඇත්තටම හේතුව දැනගන්න නන් ෆිල්ම් එක බලන්නම ඕන. එතනදි පාවිච්චි කරලා තියෙන vfx, angles, sounds ඔක්කොම මික්ස් වෙද්දි ලැබෙන තියටර් එක්ස්පීරියන්ස් එක නන් ආයෙ වචන වලින් විස්තර කරන්නම බැහැ. ඉන්දියාවෙ තියෙන MPC VFX කියන ආයතනය තමයි මේ vfx sequence එක ඩෙවලප් කරන්නේ. ලියෝ ෆිල්ම් එකේ නිශ්පාදන ආයතනය විසින් මේ කොටසට විතරක් ඉන්දියානු කෝටි 10ක් වෙන් කළ බව කියවුනා. කොහොමත් විජේ ගෙ ෆිල්ම් වල පොඩි ලොජික් නැති කෑල්ලක් ටච් වෙන්නම ඕන නිසා ද කොහෙද ෆිල්ම් එකේ අන්තිම විනාඩි 10ත් හයේනා ව පාවිච්චි කරලා තිබුනා හැබැයි වෙනස් ම විදිහකට. ෆිල්ම් එක බලලම දැනගන්න වෙයි ඒක නම්.!
ප්‍රධාන වශයෙන් ෆිල්ම් එකේ වෙන වෙනම කතා කරන්න ඕන ටික එච්චරයි මන් හිතන්නේ. ඕවරෝල් ගත්තොත් මේක නෙගටිව් රිවිව් එකක් වගේ තියෙයි ද දන්නෙ නෑ. හැබැයි මට නම් ලියෝ කියන්නේ මෑත කාලෙකදි බලපු පර්ෆෙක්ට් ඇක්ශන් ත්‍රිලර් එකක්. ලෝකේශ් ගෙ cinematography & photography angles ගැන නන් ආයෙ කතා දෙකක් නෑ… තිතටම පර්ෆෙක්ට්. ලෝකේශ් ගෙ ඩිරෙක්ශන් එකට විජේ ගෙ මාස් ඇක්ටින් එකතු වෙලා හැදෙන කරියට අනිරුද් තුනපහ දාලා ගානට හදලා ගත්තු විදිහ සුපිරියි.
ලියෝ කියන චරිතෙ ඉන්ට්‍රෝ කරන විදිහ නම් ඇත්තටම බෑඩෑස්. ඉන්ට්‍රෝ සෝං එකක් වත් ෆයිට් සීක්වන්ස් එකක් වත් නැතුව, නිකන් ම නිකන් පරණ ෆොටෝ එකක් කුඩු කරලා, බැග්‍රවුන්ඩ් මියුසික් එකෙන් ඉෆෙක්ට් එක් දීලා මුළු තියටර් එකම දෙදරන විදිහට සීන් එක ඩෙලිවර් කරපු විදිහ මරු.
විශේෂයෙන් ම කියන්න ඕන තැනක් තමයි කැෆේ එකේ සිද්ධිය. එතනදි විජේ ගෙ ඉමෝශනල් ඩෙලිවරි එක සරලවම කිව්වොත් පට්ට. කලින් දවසෙ, මොනම හේතුවකටවත් තුවක්කුව අතට ගන්න හොඳ නැහැ කියලා තමන්ගෙ පුතාට ඔවදන් දෙන පියෙක්, තමන්ගෙ දුවට හානියක් කියලා එද්දි කිසිම පැකිලීමක් නැතුව තුවක්කුව අතට අරන් වෙඩි තියන එක, ඊට පස්සෙ තමන්ගෙ අතින් සිද්ධ උනු දේ තේරිලා කෑ ගහලා අඬන එක, ඒ ෆයිට් සීක්වන්ස් එකත් එක්ක එන බැග්‍රවුන්ඩ් එක, පිස්සු හැදෙන කැමරා ශිෆ්ට් ටික… ඒ සීන් එක තනිකරම පිස්සුවක්.
ඒ වගේම තමයි අන්තිම හරියෙදි තියෙන Car chase එක. එතනදිත් පිස්සු හැදෙන විදිහෙ කැමරා ඈන්ගල්ස් ටිකක් බලාගන්න පුළුවන් උනා. කොටින් ම කියනවා නම් කැමරා ඈන්ගල් ටික නිසාම කට ඇරන් ෆිල්ම් එක දිහා බලන් ඉන්න පුළුවන් තරමට insane ශොට්ස් ටිකක් බලාගන්න පුළුවන්.
ෆිල්ම් එකේ ඔක්කොම කියලා මේක නොකිය හිටියොත් සම්පූර්ණ නෑ වගේ. ෆිල්ම් එකේ විජේ ගෙ ඉන්ට්‍රෝ එක. නැත්නන් ‘Title Card’ එක. විජේ ගෙ හැම ෆිල්ම් එකකම Thalapathy Vijay කියලා දාන ටයිටල් කාඩ් එක ලියෝ එකේ වෙනස් ම විදිහකට ඩිසයින් කරලා තිබුනා. පෞද්ගලිකවම මට, විජේ ට හදපු බෙස්ට් ම ටයිටල් කාඩ් එක මේක.
ෆිල්ම් එක ගැන ඕවරෝල් කියන්න තියෙන්නේ මෙච්චරයි. සාම්ප්‍රදායික විදිහට ඉන්ට්‍රෝ සින්දුවක් ෆයිට් සීන් එකක් නැතුවත් ඕඩියන්ස් එක අල්ලගන්න පුළුවන් උනු ෆස්ට් හාෆ් එකයි, අන්තිම වෙනකන් කුතුහලේ තියාගෙන ඇක්ශන් ත්‍රිලර් එක ඩෙලිවර් කරපු සෙකන්ඩ් හාෆ් එකයි එකතු උනාම හැදුනේ 80% සාර්ථක ෆිල්ම් එකක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. රිවිව්ස් වලට නන් රැවටිලා සුපිරිම තියටර් එක්ස්පීරියන්ස් එකක් මිස් කරගන්න එපා. කියවන්න කලින් කවර් එක දැකලා කමෙන්ට් සෙක්ශන් එකට අඩිය තියන කීබෝඩ් ක්‍රිටික්ස්ලටයි, ඉන්දියන් පෝස්ටර් එකක් දැක්ක ගමන් හාහා ඔබන හොලිවුඩ් ඩිරෙක්ටර්ස් ලයි එක්කො ෆිල්ම් එක බලල කතා කරමු, නැත්තන් බලන අය නොමග යවන්නැතුව ඉමු.
බලපු අය ෆිල්ම් එක ගැන මොනවද හිතුනේ කියාගෙනම යමු.🖤
Admin: Afi Aiza • ශ්‍රී කොම්