සුපිරිවීර චිත්‍රපට වලින් සිනමාවට වන විනාශය නැවැත්වීමට නෝලන් වැනි අධ්‍යක්ෂකවරුන්ට සහය දැක්විය යුතුයි- මාටින් ස්කෝසේසි

by Yashitha Bhashana

සුපිරිවීර චිත්‍රපට වලින් සිනමාවට වන විනාශය නැවැත්වීමට නෝලන් වැනි අධ්‍යක්ෂකවරුන්ට සහය දැක්විය යුතුයි- මාටින් ස්කෝසේසි

Share

📺| Legendary filmmaker Martin Scorsese continues his fight to “save cinema” from superhero franchise culture by supporting directors like Christopher Nolan.

මාටින් සීයා නැවතත් සුපරිවීර චිත්‍රපට සමඟ ඇවිලෙයි.

ප්‍රවිණ සහ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Martin Scorsese නැවතත් කොමික් පාදක සුපිරි වීර චිත්‍රපට සඳහා තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන Killers of the Folwer Moon චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අතරතුරදී GQ සඟරාව හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ඔහු විසින් එහිදී පවසා ඇත්තේ චිත්‍රකතා පාදක සුපිරිවීර චිත්‍රපට සිනමා සංස්කෘතිය විනාස කරන බවත් නව පරම්පරාව සිනමාව, චිත්‍රපට බවට පිළිගන්නේ සුපිරිවීර චිත්‍රපට පමණක් බවත් එම විනාශයෙන් සිනමාව බේරාගැනීමටනම් Christopher Nolan වැනි අධ්‍යක්ශක වරුන් හට සහය ලබා දිය යුතු බවයි.

“The danger there is what it’s doing to our culture, Because there are going to be generations now that think movies are only those — that’s what movies are. They already think that. to “fight back” people should support artist like Christopher Nolan we’ve got to save cinema”
-Martin Scorsese-