Knives Out 3 වන චිත්‍රපටයේ මූලික වැඩකටයුතු ආරම්භ කරයි.

by Menuka Risith

Knives Out 3 වන චිත්‍රපටයේ මූලික වැඩකටයුතු ආරම්භ කරයි.

Share

ජනප්‍රිය Knives Out චිත්‍රපටමාලාවේ තෙවන චිත්‍රපටයෙහි වැඩකටයුතු ආරම්භ කරයි.

Daniel Craig විසින් Benoit Blanc ලෙස නැවතත් සම්බන්ද වන අතර සුපුරුදු පරිදි Rian Johnson තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායකවන බවත් මෙම වසරේ අග භාගයේදී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන බවටත් වාර්තා වෙයි.

පෞද්ගලික රහස් පරීක්ෂයෙකු විසින් මිණීමැරුම් විසඳන කතාවක් ඇතුලත් 2019 වසරේ නිකුත් වූ Knives Out චිත්‍රපටය Lionsgate සමාගම විසින් ඇ.ඩො මිලියන 40ක පිරිවැයකින් නිශ්පාදනය කල අතර ඇ.ඩො මිලියන 312ක ආදායමක් ලබාගනිමින් සහ Oscars, Golden Globe වැනි සම්මාන සඳහාද නිර්දේශ වෙමින් ආදායම්, විචාරක සහ ප්‍රේක්ශක පැසසුම් අතින්ද අතිශය සාර්ථක වූ නමුත් එහි දෙවන චිත්‍රපටය වන Glass Onion: A Knives Out Mystery චිත්‍රපටය අසාර්ථක විය.

2021 වසරේ මාර්තු ඇ.ඩො මිලියන 469කට Netflix සමාගම විසින් Knives Out චිත්‍රපටමාලාවේ අයිතිය ලබාගත් පසුව නිර්මාණය වූ Glass Onion: A Knives Out Mystery චිත්‍රපටය ඇ.ඩො මිලියන 40ක පිරිවැයකින් නිශ්පාදනය වූ අතර ඇ.ඩො බිලියන 15 අඩු ආදායමක් සහ ප්‍රේක්ශක විචාරක අතින්ද අසාර්ථක නිර්මාණයක් බවට පත් විය.