Rick and Morty කතාමාලාවේ රික් සහ මෝර්ටී වෙනුවෙන් හඬ දායකත්වය සැපයූ සහ එහි නිර්මාණ කරුවෙකු වන Justin Roiland කතා මාලාවෙන් ඉවත් කර ඇති බවට Adult Swim විසින් දැනුම් දී තිබෙනවා.
එයට හේතුව වන්නේ ඔහුගේ කලින් පෙම්වතිය විසින් ඔහුට විරුද්ධව ගෘහස්ථ හිංසනය යටතේ ගොණු කරන ලද නඩුවක් නිසායි.
ඒ වගේම Hulu ඔස්සේ විකාශනය වන Sola Opposite කතා මාලාවෙන්ද ඉවත්ව ඇති අතර
ඔහු විසින් ආරම්භ කරන ලද Squanch Games සමාගමෙන්ද ඉවත්ව තිබෙනවා.
Adult Swim විසින් ප්‍රකාශ කර ඇත්තේ Rick and Morty 7 වන කතා සමයෙහි වැඩ කටයුතු කෙරීගෙන යන බවත් Roiland ගේ ඉවත් වීම එයට ගැටලුවක් නොවන බවයි.