ජුමන්ජි සිනමාපටය තිරගත වී අදට වසර 28යි.

by Yashitha Bhashana

ජුමන්ජි සිනමාපටය තිරගත වී අදට වසර 28යි.

Share

🗓

| “Jumanji” was released on this day 28 years.

🎬

කළකට පෙර ජුමන්ජි සිනමාපටය ලංකාවේ ළමා ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය නිර්මාණයක් වුණා.එය තිරගත වී අදට වසර 28 ක්!මායාකාරී බෝර්ඩ් ක්‍රීඩාවක යෙදෙන ළමුන් දෙදෙනෙක්! මේ ක්‍රිඩාව ඔස්සේ යතාර්තය, මායාව මුසුවීම සමඟ නරඹන ප්‍රේක්ශකයා අපූරු ක්‍රියාදාම පිරි ලොවකට රැගෙන යනවා.

✅

මම පුංචි කාළේ "මොනොපොලි" වගේ ක්‍රීඩා කළා. මුලින් ඒවා ඉතාම අපූරුවට මට දැණුනා , ඒත් කාලය ගතවෙද්දී, ඉතිරි වුණේ ඒ ක්‍රීඩාවලින් ලැබුණු ව්‍යාජ මුදල් පමණයි. ඒ නිසා මම හිතුවා ක්‍රීඩාවක ඉත්තො ගමන් කරවද්දී ලැබෙන කොටුවට අදාල සිදුවීම් සැබෑවටම සිදුවුණානම්, කොයිතරම් අපූරුද කියලා..ඒ අනුව තමයි මම මේ පින්තූර පොත නිර්මාණය කළේ. එහෙම කියන්න්නෙ මේ සිනමාපටයට පාදකවූ 1981 වසරේ ප්‍රකාශයටපත්, පින්තූර පොතේ නිර්මාතෲ ක්‍රිස් වෑන් ඕල්ස්බර්ග් විසින් .

✅

11 වියැති කුඩා ගැහැණු ළමයෙක් වූ ජූඩිගේ චරිතය සදහා ළමා නිළියන් බොහොමයක් තිර පරීක්ෂණ සදහා යොදාගනු ලැබුවා. ඒ අතර ස්කාර්ලට් ජොන්සන් පවා සිටියා . නමුත් අවසානයේ එම චරිතය ක්‍රිස්ටීන් ඩන්ස්ට්ට හිමිවුණා. "ජූඩි කියන්නේ කුඩා සාමාන්‍ය ගැහැණු ළමයෙක්, අම්මා තාත්තාගේ මියයෑම එයාට දරාගන්න බැරිවුණා. ඒ නිසා එයාගෙම බොරුවක් නිර්මාණය කරගනිමින් ඇය ඒ ගැටළුව සමග ගණුදෙණු කළා.

✅

රොබින් විලියම්හට සිනමාපටයේ ඔහු නිරූපණය කල ඇලන් චරිතය ,ඔහු හැදී වැඩුණු පවුල් පරිසරය සහ ළමා විය පිළිබද මතකයන් ඔස්සේ ඉතාම සමීපව දැණුනු බව පවසා තිබෙනවා." මේ කතන්දරය පෙනෙනවාට වඩා ගැඹුරු සහ කටුක යමක් ලෙසයි මට දැනුනේ, හැම කුඩා දරුවෙක්ම ඔවුන් අතහැර දමා තිබෙනවායි දැනෙන හැගීමට , දිනෙක දෙමාපියන්ගෙන් ඈත්වයාදෝයි යන හැගීමට බියක් දක්වනවා. මෙහි කුඩා දරුවා ක්‍රීඩාවක් තුළට ඇදී යනවා. නැවතත් ආපසු එළියට එන්නේ වසර 26 කින් .එවිට ඔහුගේ දෙමාපියන් මියගොස් තිබෙනවා. එය දැකීමෙන් ඔහුට හුදෙකලා තනිවූ හැගීමක් දැනෙනවා" පවුලේ එකම දරුවා ලෙස මට ඒ හැගීම ඉතාම සමීපයි, මට ක්‍රීඩා කිරීමට සහෝදරයෙක් සිටියේ නැහැ . දෙමාපියන් මහන්සියෙන් වැඩකලා වගේම රැකියා කටයුතු වෙනුවෙන් නිතර නගරයෙන් නගරයට මාරු වුණා, ඔවුන්ට මා සමග ගත කිරීමට විශාල කාලයක් තිබුණේ නැහැ.මට මිතුරන් ඇතිකරගැනීමට කාලය ලැබුණෙත් නැහැ.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කල රොබින් විලියම්ස් 2014 වසරේ අවාසනාවන්ත ලෙස ජීවනගමනට සමුදුන්නා.

✅

ජුමාන්ජි චිත්‍රපටයේ ඇලන්ගේ පියා (සෑම් පැරිශ් ) සහ දඩයක්කාරයා (වෑන් පෙල්ට්) යන චරිත දෙකම, එකම රංගන ශිල්පියෙක් (ජොනතන් හයිඩ්) විසින් රඟ දැක්වූවා.ජුමන්ජි ක්‍රීඩාවේ සිරව සිටි, ඇලන් පෙරිශ් චරිතය, කුඩාකළ සැබෑ ලොවේදී ඔහුගේ පියාව එතරම් ප්‍රිය කළේ නැහැ. පසුකාලීනව ජුමන්ජි ක්‍රීඩාව තුළදි හමුවන දඩයක්කාරයාගේ (වෑන් පෙල්ට්) චරිතයත් ඔහුගේ පියාගේ රුවින් යුතු වෙනවා. ඇලන්ගේ සිතුවිලි ආශ්‍රයෙන් ගොඩනැගුණු ජුමාන්ජි ක්‍රීඩාව සැබෑ ලොව මෙන්ම කල්පිත ලොව තුළත් ඔහුගේ පියාට සමාන දුෂ්ඨයෙකු ඔහුට නිර්මාණයකර දී තිබුණේ මෙසේයි.

✍️

Swarnarekha Sewwandi