ආගමෙන් මිනිස්සු පාලනය කල ගුරු ජී සහ ජෝශප් සීඩ්

by Yashitha Bhashana

ආගමෙන් මිනිස්සු පාලනය කල ගුරු ජී සහ ජෝශප් සීඩ්

Share

Hi geeks ගොඩ කාලෙකින් post එකක් ලියන්නෙ,

කෙලින්ම කතාවට යමුකො,

පහල ඉන්න චරිත දෙකම දැකපු අය නං ගොඩක් ඇති. Specially FarCry 5 play කරපු අයට Joshep Seed නං අමතක වෙන්න බෑ.

Personally මම game එකක දැක්ක සුපිරිම villains ල ගෙන් කෙනෙක් විදියට ජෝශප් සීඩ් කියන්න පුළුවන්(New Dawn එකෙන් පස්සෙ ඩයල් එක විනාස කරා ඒව පස්සෙ කතා කරමු)
ගේම් එක හොඳට read කරපු කෙනෙක්ට නං Joshep Seed කියන්නෙ එසේ මෙසේ හාදයෙක් නෙවෙයි කියල තේරෙනවා. ආගම් පාවිච්චි කරලා මිනිස්සු manipulate කරපු mastermind කෙනෙක් තමයි Joshep Seed කියන්නේ.

එතකොට කව්ද මේ කොන්ඩෙ වවාගෙන ඉන්න අනික් හාදයා 🤔
Welcome to the Real World Homies.
Religion වගේ asian country එකකට පට්ටම sensitive topic එකක් use කරල ඉන්දියාව කරපු මේ project එක ගින්දර🔥 වගෙ වැඩක්.

cult එකකට කොච්චර මිනිස්සු manipulate කරන්න පුළුවන් ද කියන එකට හොදම උදාහරණයක් තමයි මේ චරිත දෙක.

Sacred Games බලපු අය නං දන්නවා ඩයල් එක කව්ද කියල, නොබලපු කෙනෙක් ඉන්නවා නං බලලම පොස්ට් එක කියවන්න ready වෙන්න.
ගුරු ජී සහ Joshep Seed කොහොමද මුන් දෙන්න මෙච්චර ගේමක් ගැහුවේ තමන්ගේ මීනී වලට යනකම් තමන්ගේ duty එකත් එක්ක මනුස්සයෙක් focus කරල තියන්න තරම් මොකක්ද මුන් ලග තිබ්බ tool එක.

Yesss, ඒක පූජනීයයි, sacred, හැමෝම ඇගිලි ගහන්න බයයි, විරුද්ධ වෙන්නත් බයයි.

ආගම 😌

ඔව් cult එකක්, ඇදහිල්ලක් ඒක තමයි යතුර.
Guru Ji and Joshep Seed ගේ power source එක තමයි ඒක.

මේ ලෝකෙ උඩින්ම තියන ආගම් තමයි අදටත් ලෝකෙ හොදම marketing plan එක කරේ. නිකමට හිතන්න, මීට අවුරුදු 3000,4000 ට වගේ කලින් ලෝකෙට introduce කරපු concept ටිකක් අද වෙද්දී මිලියන ගනනක් මිනිස්සු ප්‍රමාණයක් base කරගෙන මොනතරම් සම්පත් ප්‍රමාණයක් capital එකක් විදියට තියාගෙන ලෝකෙට කොච්චර impact එකක් කරනවද කියල.

අවුරුදු සිය ගානකට කලින් ලියවුන පොතක පිටු ටිකක් කියවලා මිනිස්සු සිය ගානක් මැදට බෝම්බයක් බැදන් පනින තරමටම මේ marketing strategy වලින් develop උන religious concepts මිනිස්සුන්ගෙ ඔලු හෝදල තියනවා.

මේ concept එක, මේ module එක තමයි අපේ කතා නායකයො දෙන්නගෙ මුදුන් මුල වෙන්නෙ,

මුලින්ම යමු Joshep Seedගේ පැත්තට, The Father නැත්නම් Joshep Seed ගෙ cult එක තමයි Eden Gate මෙයා මෙතන කරන්නෙ ලෝක විනාශයක් වෙනවා කියල ඒකට පෙර සූදානම් වෙන කණ්ඩායමක් හදා ගෙන ඉන්න එක.
හැබැයි මේකෙ පාලනය ගෙනියන්න නිකන්ම මනුස්සයෙක් විදියට මෙයාට බෑ.
දැන් තමයි Joshep අපේ පාරට එන්නෙ, Joshep The Father විදියට නැගී සිටින්නෙ මෙන්න මේ වෙලාවේ. Joshep Seed නමින් බිහිවෙන නායකයන් මේ වැඩේට ප්‍රමාණවත් මදි. අනුගාමිකයන් පිරිසකට එහා ගිය ඇදහිලිවන්තයන් පිරිසක් පිරිවරාගෙන The Father ගේ නැගීසිටීම FarCry 5 තුලින් ආරම්භ වෙන්නෙ ඒ විදියට. Father ට නිකන්ම Eden Gate concept එක මේ විදියට මිනිස්සු අතරට ගෙනියන්න බෑ. ඊට පස්සෙ තමයි FarCry 5 වල අපිට නිතරම හමු වෙන YES සහ HOPE කියන Concept දෙක එක්ක බද්ධ වෙච්ච cult එක මිනිස්සු අතරෙ දරුනු විදියට මිනිස්සු අතරෙ පතුරවන්නෙ. මේක පට්ට සාර්ථක වෙනවා. මම මුලින්ම කිව්ව වගේ අවුරුදු දහස් ගනන් පවතින concept ආගම් වලට බද්ධ කරලා තියනවා වගේ, තමන්ට අවශ්‍ය පිරිසකගෙ brain wash කරල තියාගන්න The Father ට සාපේක්ෂව ඊට අඩු මහන්සියක් තමයි ඕන වෙන්නෙ, හැබැයි ඒක සෑහෙන්න අමාරු වැඩක් වගේම ලොකු කැපකිරීම් කරන්න ඕන වැඩක් අන්න ඒකයි The Father කියන්නෙ සුපිරිම villain (?) කෙනෙක් කියන්නෙ ????
ඇත්තටම villain කෙනෙක් කියන්නත් බැරි තරමටම මේ වගේ චරිත complex ගේම් එක end එක ලං වෙද්දී කට්ටියට ලොකු ප්‍රශ්නයක් එන්න ඇති ඇත්තටම මේකෙ villain කව්ද කියල.

කිව්වනෙ මේ වගේ ගේම් සෑහෙන අමාරු වැඩක් කියල, manipulation කියන දේ The Father ට තනියම කරන්න සෑහෙන අමාරු වැඩක්. So මේකට තව චරිත එකතු වෙනවා ඒ තමයි Faith and John එකම ගේම් එකේ ඉත්තො දෙන්නෙක් තමයි මේ චරිත දෙක. Eden Gate එක හරහා මිනිස්සු අතර මවන ෆැන්ටසියෙ ඉන්න god level characters විදියට මේ characters build up වෙන්න මෙයාලා සෑහෙන්න ලොකු ගේමක් ගහනවා.
අපිට Eden Gate cult එකේ structural description එකක් ලොකුවටම දැක්කෙ නැති උනාට හුගක්ම hope නැත්නම් බලාපොරොත්තු හරහා මිනිස්සු තුලට ඇතුල් වීමක් තමයි මේකෙ අපි දකින්නෙ.
මේ ඔක්කොගෙම output එක මොන තරම් සාර්ථක වෙනවද කියනවනං කට්ටියට මතක ඇති Joshep Seed arrest කරද්දී helicopter එකට පිස්සුවෙන් වගේ පනින මිනිස්සු.
ඒ තමයි father හදාගත්ත බලය, manipulate වල climax එකක්.

දැන් යමු අනික් කෙනා ලගට The Guru Ji
මූ නං legend කෙනෙක්. ඒකෙ කතා දෙකක් නෑ. Guru Ji කියද්දිම මතක් වෙන අනික් කෙනා තමයි ගයිතොන්ඩේ Criminal God Father කෙනෙක්.

මේක බලද්දී මට මතක් උන දෙයක් තමයි කූඹියො බලද්දී එක තැනක ජෙහාන් කියනවා
“අතේ එක bullet එකක් නැතුව ටිරාන් අල්ලෙ නටවනවා බලන්න මට ඕන උනා” කියල...
“බෝඩ් එකක් උඩ රජෙක් උනත් වැඩක් නෑ,
උඹ කාගෙ හරි ඉත්තෙක්”

ඕතන තමයි point එක ගයිතොන්ඩේ criminal god father කෙනෙක් වෙලා තමන්ගේ empire එක හදල ඉවර කරන්නෙ guru ji ගේ board එක උඩ 😈 දැන් ගයිතොන්ඩේ ඉන්නෙ guru jiගේ ගේම් එක ඇතුලෙ,♟

ඔව් guru ji ගෙ sacred game එක ඇතුලෙ ,
කලින් කිව්ව වගේ ඇදහිල්ලක් ඇතුලෙ අනුගාමිකයො මොනතරම් රූකඩ කරන්න පුළුවන් ද කියන එක guru ji හොදටම දන්නවා.

ඇදහීම්, ආගම්, විශ්වාස මේ ඔක්කොම මොලය ඇතුලෙ වෙන chemical reaction එකක ප්‍රතිඵලයක් උන සංකීර්ණ හැගීම් එකතුවක්,
මේවා මිලියන ගනනක් මනුස්සයෙක් ගෙ මොලයෙ ඇතුලෙ සිදුවෙනවා, Guru Ji තමන්ගේ teaching වලින් කරන්නෙ තමන්ට හොදින්ම access කරන්න සහ පාලනය කරන්න අවශ්‍ය emotions ඉතුරු කරලා අනික් ඒවා හිමීට deactivate කරල දාන එක.
බලපු අයට මතක මතක ඇති Guru Ji තමන්ගේ අනුගාමිකයන්ට pain & pleasure සාමාන්‍ය හැගීමක් ගානට පත් වෙන මට්ටමකට ඔව්න්ව train කරනවා.
Guru Jiගෙ plan එකේ සුපිරිම කොටසක් තමයි
“No One Know Everything” කියන්නෙ. Guru Ji ගෙ අවුරුදු ගානක plan එකේ සියල්ල දත් කිසිවෙක් නෑ.

සරලවම කිව්වොත් මෙතන සියල්ල දන්නෙ දෙවියො විතරයි. ඒක තමයි Guru Ji ගෙත් level එක, මේක මම guru jiගෙ දැක්ක සුපිරිම characteristic එකක් මොකද guru ji තමන්ගේ level එක, limit එක මුල ඉදගෙනම දැනන් හිටියා, so track එකෙන් පිට නොයා මේ game එක play කරන්න එයා දැනන් ඉදියා.

දැන් මේ characters දෙකම පොදුවේ ගමු, Joshep Seed ට වගේම
සාමාන්‍යයෙන් typical indian movie එකක villain කෙනෙක් ට නැති goal එකක් guru ji ට තිබ්බෙ. ඒ තමයි ලෝක විනාශයක් වෙනවා දකින්න. කෙනෙක් හිතනවා නං මෙයාලා සමාජය එක්ක වෛරයක් හින්දා මේ දේවල් කරනවා කියල අන්න එතන ඔයා වැරදි.

මේක ලෝකයේ යහපත වෙනුවෙන් කරන් දෙයක් විදියට මෙයාලට පේන්නෙ?
හරි මෙහෙම ගන්න,
තානෝස් කරපු දේ හරි ද? Eternals බලල ඉවර වෙද්දී ඔය ප්‍රශ්නෙ සමහරුන්ට ආව නෙ,
Real world එක ගත්තම දැනට ලෝකෙ තියන ලොකු ප්‍රශ්නයක් තමයි overpopulation එක.
මේකෙ අවසානය වෙන්නෙ මනුෂ්‍ය වර්ගයා අවශ්‍යතා වෙනුවෙන් ඉතුරු උන සීමිත සම්පත් කිහිපයක් වෙනුවෙන් ඇතිවන නොනවතින යුද්ධ
අපි දැනටමත් ඒ ප්‍රශ්න වලට මුහුන දෙන ගමන් ඉන්නෙ🙂.
අපේ කතා නායකයො දෙන්නම මේ අඳුරු වෙන්න යන අනාගතය නවත්තලා සුරපුරයක් බිහිකරන්න ලෑස්ති උන දෙන්නෙක්.
හැබැයි මනුස්සයෙක්ගෙ ජීවත් වීමෙ අයිතිය තීරණය කරන්න තවත් මනුස්සයෙක්ට බෑ.

So finally අපෙ චරිත දෙකම කියන කතාව වෙන්න පුළුවන් නේද?
ඔව්, මේ යන විදියට ගියොත් අනාගතය එච්චර ලස්සන නෑ...

හැබැයි Joshep Seed & Guru Jiගෙ path එක ඒකට solution එක නෙවෙයි.

අපි දැන් Mk........? ඔයාලට හිතෙන දේත් කමන්ට් කරගෙන යමු...

මීට අවුරුද්දකට සැරයක් ලිපියක් උස්සන් එන ඇඩ්මින්: Oshada Dilshan (Dracula)